
අභිධර්මයේ මූලික කරුණු අංක: 08 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික) 03-05-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 08 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික) – Saturday Dhamma Discussion was conducted via Zoom on 03rd May 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මැයි මස 03 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල වේදනා චෛතසිකය පැහැදිලි කෙරිණි. මෙම වේදනා චෛතසික ධර්මය සමස්ත සංසාර ගමන කෙරේ මහත් වූ බලපෑමක් දක්වන බව පැහැදිලි කෙරිණි. අපව නිරයේ හෝ සුගතියේ ඉපදවීමට සමත් වෙන මෙම ධර්මය පිළිබඳව මෙහි දී ගැඹුරින් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා පැන මතු කෙරුණු අතර ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල වේදනා චෛතසිකය පිළිබඳව පැහැදිලි කරන්න. ***(වේදනා චෛතසිකය පිළිබඳව සිදුකල ඉතා පුළුල් සහ වටිනා දේශනයකි.)
- වේදනාව යන අපුරු සංසිද්ධිය මහා බෝධිසත්වයෙකු දුක්ඛ සහ සුඛ වේදනා දෙකම පර්යේෂණයට යොදාගන්නේ අපට වඩා වෙනස් ආකාරයකින් නොවේ ද? *** (මහා බෝධිසත්වයන් නිවන සඳහා වෙහෙසෙන අනෙක් සත්වයන්ගෙන් වෙනස් ආකාරයට වේදනා චෛතසිකය පර්යේෂණයට යොදා ගන්නා ආකාරය පැහැදිලි කෙරෙන වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
- මරණාසන්න අවස්ථාවේ චුති සිත කියන්නේ මෙයින් කුමක් ද? ***
- වේදනාවක් දුක්ඛ වූ පමණින් එය දුකක් නොවී එය විනිශ්චය කරන සිත අනුව එය දුකක් හෝ සුඛයක් වෙනවා නොවේ ද? ***
- සඤ්ඤාවෙන් වේදනාව ඇතිවීමට පුළුවන් නොවේ ද? ***
- දරු ප්‍රසුතියක දී දුක්ඛ වේදනාවෙන් සෝමනස්සයක් ඇති විය හැකි ආකාරය පැහැදිලි කරන්න. ***
- අකුසල් සිතේ දී උපේක්‍ෂාව බලවත් වෙන ආකාරය පැහැදිලි කරන්න. ***
- නිවන් මග වැඩීමේ දී විශේෂයෙන් වැදගත්, එකට යෙදෙන කරුණු තුන මොනවා ද? ***
- අනුකම්පාව සහ දෝමනස්සය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ආරම්මණ රසය සෑම මනුෂ්‍යයන්ට එක ලෙසම දැනෙන දෙයක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- වෙහෙස දැනෙන හෝ අනතුරු දායක හෝ පිංකම් අප කැමැත්තෙන් කරන විට ඇතිවෙන තත්වය පැහැදිලි කර දෙන්න. **** (ඉතා වටිනා කාලීන පැහැදිලි කිරීමකි.)
- උපේක්‍ෂා වේදනාවෙන් මෝහය ඇතිවෙන බව ගැන පැහැදිලි කරන්න. *** (උපේඛා වේදනාව සහ උපේඛා මනෝභාවය අතර වෙනස පැහැදිලි කෙරෙන වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- තිරිසන් සතුන් උපදින්නේ අකුසල විපාක සන්තීරණ සිතකින් යන කාරණය පැහැදිලි කර දෙන්න. ***
- චුල්ල වේදල්ල සූත්‍රයට අනුව උපේක්‍ෂා වේදනාව දැනගැනීම සුඛයට හේතුවෙන බව යන කරුණ ඉහත පැන අංක දොළහට සම්බන්ධ වේද? ***
- ඉෂ්ට හෝ අනිෂ්ට ආරම්මණ රසයන් විඳින වෙලාවට සඤ්ඤා චෛතසිකයන් යෙදෙනවා ද? ***
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.