
අභිධර්මයේ මූලික කරුණු අංක: 35 (විරති චෛතසික 02) 20-12-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 35 (විරති චෛතසික 02) Saturday Dhamma Discussion was conducted via Zoom on 20th December 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 දෙසැම්බර් මස 20 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් විරති චෛතසික වල සම්මා වාචාව, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවය ඉතා වටිනා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
මෙහිදී ගිහි ජීවිතයේදී සහ පැවිදි ජීවිතයේදී දහම් මග පුහුණු කිරීමේ දී ඇතිවෙන ප්‍රතිරෝධ පිලිබඳ අංක දෙක සහ ඉන්දියානු යෝගියෙකුගේ ප්‍රකාශයක් අනුව කෙරෙන අංක හතර පැනයත් අංක අට සහ නවය පැහැදිලි කිරීම් විශේෂයෙන් වැදගත් වේ.
- ධර්ම දේශනාව: විරති චෛතසික වල සම්මා වාචාව, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවය පිළිබඳව පැහැදිලි කරන්න. **** (විරති චෛතසික වල ඇති වෙනස්කම් පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
- ගිහි ජීවිතයේ ධර්ම මාර්ගය දියුණු කිරීමේදී මුහුණ දීමට ඇති පළිබෝධ භික්‍ෂු ජීවිතයේ ඇති ප්‍රතිරෝධයන්ට වැඩි නිසා ඒ ගිහියාගේ පුහුණුව වඩා ප්‍රබල විය හැකි නොවේ ද? **** (ඉතා වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ විශිෂ්ඨ පැහැදිලි කිරීමකි. මෙහිදී ප්‍රශ්නකරු විසින් මෙයට වසරකට පෙර සඳහන් කෙරුණු ආජීවය පිලිබඳ පැහැදිලි කිරීමට සවන්ට දීමට මෙම යොමුව මත click කර, ඉන්පසු විවර වෙන තිරයේ ඇති ඊතල හිසක සලකුණ මත click කරන්න : https://rebrand.ly/pfy1f2j)
- වඩා වැදගත් වන්නේ දස කුසල් ද නැතහොත් දස පුන්‍යක්‍රියා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව වර්ථමාන ඉන්දියානු යෝගියෙකු කියන මෙම කරුණ වැරදි නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
- මාර්ග සිතේ එක වරම මාර්ග අටම එකවර වැඩෙන ආකාරයට විරති චෛතසික වැඩෙන ආකාරය පිලිබඳව පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- චෛතසික යනු ක්‍රියාවක් නම් එයට ධර්මතාවය කියා කියන්නටත් පුළුවන් ද?
- මියගිය කෙනෙක් ජීවත් වී සිටින විට සතුටින් කල දෙයක් පිළිබඳව දුකක් ඇති වන්නේ කෙසේද?
- මගේ දරුවෙකුගේ පොත්පත් මීයන් විනාශ කරන නිසා ඔවුන් බයකර පලවා හරින්නට බළලෙකු ඇති කළා. පසුව මීයෙකුගේ ජීවිතය පූසාගෙන් බේරාගත් සිදුවීම පැහැදිලි කර දෙන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මම දැන් රැකියාවක් නොකරමි. නමුත් පෙර ගුරු වෘත්තීයේ යෙදුනෙමි. සමහර පුද්ගලයන් රැකියාවක් කරන්නෙහි දැයි ඇසූ විට මාගේ හිතට ගැටීමක් පැමිණේ. මෙය හීනමානයක් ලෙස පෙනේ. නමුත් මාගේ හිතට එකඟව රැකියාවක් නොමැතිව දරුවන් සමග ගෙවන දිවිය යහපත් ලෙස හැඟේ. සති අන්තයේ සිල් ගැනීමටද හැකි වන්නේ මා හට මේ නිසාය. ඇතිවන හීනමානයෙන් මිදෙන්නේ කෙසේද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සති සම්පජඤ්ඤයෙන් පෙරට වඩා දැන් මිනිසුන් සමග කථා කිරීමේදී බොරු නොකියන නිසා සත්‍ය කථා කරමි. නමුත් සමහර අවස්ථාවලදී සිතේ මාන්නය ඇති වේ. අතිමානයෙන් ගැලවෙන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ක්‍ෂණිකව ඇතිවන ද්වේශයෙන් මිදෙන්නේ කෙසේද? ද්වේශය ඇතිවී වේලාවකට පසු එය තේරෙයි. *** (වටිනා පැහැදිලි කිරීමකි. ගරු ස්වාමින්වහන්සේ මෙහිදී සඳහන් කල ද්වේශය දුරු කිරීමේ ක්‍රම පිලිබඳ දේශනා 06 ක් මෙම වෙබ් පිටුවේ ඇතුලත් වේ: මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01)
- පංච උපාදානස්කන්ධ භාවනාව යනු කුමක්ද? (ගරු ස්වාමීන්වහන්සේ මෙහිදී සඳහන් කරන සියැස රූපවාහිනියේ ධම්මවිචය දේශනා මාලාවට මෙතැනින් පිවිසෙන්න: https://www.youtube.com/playlist?list=PLX1hxp2v9P0TCN2QmNnj96yYI6_fgtwou)
- කර්ම භව, උප්පත්ති භව සහ ජාතිය අතර වෙනස පහදා දෙන්න.
- ගිහි කෙනෙක්ට යම් දෙයකින් බේරෙන්න බැරි නම්, උදාහරණයක් විදිහට පොඩි බොරුවක් කියන්න වෙනවා නම් රැකියාව වෙනුවෙන්… අනිත් සෑම තැනකදී බොරු නොකීම, රැකියාව නොකර සිටින පැයේ බොරු නොකීම ආදී වශයෙන් වැළකෙන්න පුළුවන් නේද?
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.