අභිධර්මයේ මූලික කරුණු අංක: 34 (විරති චෛතසික 01) 13-12-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 34 (විරති චෛතසික 01) 13-12-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 34 (විරති චෛතසික 01) 13-12-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 34 (විරති චෛතසික 01) Saturday Dhamma Discussion  was conducted via Zoom on 13th December 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 දෙසැම්බර් මස 13 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් විරති චෛතසික වල ස්වභාවය පැහැදිලි කෙරිණි.  මෙහිදී විරතිය සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය යි ප්‍රභේද වශයෙන් වෙන්කර පැහැදිලි කරන ලදී.

සම්පත්ත විරතිය පැහැදිලි කිරීමේ දී නිරාගමික සංකල්පය බටහිර ලෝකයේ ඇතිවෙන ආකාරය විවර කෙරුනේ එම සංකල්පය වැරදි අයුරින් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ භාවිතා කරන ආකාරය දක්වමිනි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. මෙහිදී ඇතැම් සත්‍යක්‍රියා මූල ධර්ම පිලිබඳව පැහැදිලි කෙරෙන අංක හතර පැනය විශේෂයෙන් වැදගත් වේ.


  1. ධර්ම දේශනාව: විරති චෛතසික වල සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය පිළිබඳව පැහැදිලි කරන්න. *** (විරතිය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමක් සහිත දේශනාවකි.)
  2. ඉහත පැහැදිලි කල විරති වලට අමතරව අප විසින් ගත කරන එදිනෙදා ජීවිතයේ දී නීවරණයන්ගෙන් නිරන්තරව සිත පිරිසිදු කර ගැනීම තුලිනුත් විරතියක් උපදවා ගත හැකි නොවේ ද? *** (වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. මෙහිදී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණු තුනක් පමණක් යොදාගෙන ඇත්තේ කුමක් නිසා ද? ***
  4. එක්තරා ගණිකාවක් සාර්ථකව සත්‍යක්‍රියා කල බව දහමේ සඳහන් වේ. එවන් කෙනෙකුගේ සත්‍යක්‍රියාවක් පැහැදිලි කරන්නේ කෙසේ ද? **** (සත්‍යක්‍රියා මූල ධර්ම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. උතුරු වඩින්නාව කියන්නේ ලංකාවේ ගමක් ද? එම පුවත් කුමන තැනක සඳහන් වේද?
  6. ඔබ වහන්සේ නීවරණ භාවනා පිලිබද ගිය සතියේ සඳහන් කලා. ඒ පිලිබද ඔබ වහන්සේ කල දේශනා ලබා ගත හැකි තැනක් පිලිබද සඳහන් කරන්න පුලුවන් නම් ඉතාමත් පින්. *** (සියැස රූපවාහිනියේ ධම්මවිචය දේශනා මාලාවට මෙතැනින් පිවිසෙන්න: https://www.youtube.com/playlist?list=PLX1hxp2v9P0TCN2QmNnj96yYI6_fgtwou)
  7. චිත්තානුපස්සනාවෙහි අවසානයේ තියෙනවා ලෝකේ කිසිවක් කිසිම අයුරකින් මගේ කියා හෝ මම වෙමි කියා හෝ මගේ ආත්මය කියා හෝ දැඩිව අල්ලා නොගෙන වාසය කරයි කියා. එහි තේරුම කුමක්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. සංකිත්තංවා චිත්තං, සමාහිතංවා චිත්තං ,මහාග්ගත සිත, සවුත්තර සිත, යන්නෙන් චිත්තානුපස්සනාවෙහි පවතින සිත් පහදන්න. *** (සියැස රූපවාහිනියේ ධම්මවිචය දේශනා මාලාවේ මෙම පැනයට ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.)
  9. භාවනාවෙන් මා හට සතුට උපදී. එනමුත් මා සති අන්තයේ පුරුදු වී ඇත්තේලස්සන ඇඳුමින් සැරසී කඩේකට ගොස් ආහාර භුක්ති විඳීමටය.  මේ කාමච්ඡන්දයක් බව දනිමි.  නමුත් සිත වෙනසක් බලාපොරොත්තු වෙයි. මෙයින් මිදිය හැක්කේ කෙසේද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සෑම විටම සිත වෙනසක් බලාපොරොත්තු වන්නේ සිතෙහි ඇති තණ්හාව නිසාද? මෙහි අවසානයක් නොමැතිද? වයසට ගිය පසු ද තණ්හාව නිසා දිය සිඳී ගිය වළක සිටින කොකකුගේ තත්වයක් උදාවේදෝයි සිතට බයක් උපදී. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙම පැහැදිලි කිරීම ඉහත අංක 02 ට සම්බන්ධ වේ.)
  11. චිත්තානුපස්සනාව වඩන කෙනෙක් නම් ඔහු සිතෙහි සිත් දහසය ගැනම සැලකිලිමත් විය යුතුද? ***
  12. චිත්තානුපස්සනාව සමග කායානුපස්සනාව වැඩිය හැකිද? එක කමටහනක් තිබිය යුතුමද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  13. විරති චෛතසිකයන් ලෝකෝත්තර මගට යෙදෙන කොට කෙනෙක්, පුද්ගලයෙක් වැලකුනා නොවේ.  වැලකුනේ චේතනාවය කියන තැන කරුණාවෙන් පැහැදිලි කරදෙන්න. ***
  14. ඔබ වහන්සේ පසුගිය සතියේ පැවසූ පරිදි ගැබිනි මව් වරුන්ට සිදුකිරීමට සැලසුම් කර ඇති පිංකම පිලිබදව දිනය හා වේලාව දැනුම් දෙන්න.
  15. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.