අභිධර්මයේ මූලික කරුණු අංක: 26 (අකුසල චෛතසික11) 04-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 26 (අකුසල චෛතසික11) 04-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 26 (අකුසල චෛතසික11) 04-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 26 (අකුසල චෛතසික 11) Saturday Dhamma Discussion  was conducted via Zoom on 04th October 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූ තෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ඔක්තෝබර් මස 04 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල විචිකිච්ඡාව පිළිබඳව පැහැදිලි කෙරිණි.  මෙහිදී විචිකිච්ඡාවේ ස්වභාවය, ශ්‍ර‍ද්ධාව සහ ඥානය පාදක කර ගනිමින් පැහැදිලි කෙරිණි.  සැකය හෙවත් විචිකිච්ඡාව, නීවරණ විචිකිච්ඡාව සහ අනීවරණ විචිකිච්ඡාව වශයෙන් වෙන්කොට පැහැදිලි කෙරිණි. 

මෙහිදී විමසුම් නුවණ පාදක කරගෙන ඇතිවෙන අනීවරණ විචිකිච්ඡාවේ ලක්‍ෂණ, නීවරණ පාදක කරගෙන ඇතිවෙන නීවරණ විචිකිච්ඡාවෙන් වෙනස් වෙන ආකාරය උදාහරණ ඇසුරෙන් මනාකොට පැහැදිලි කෙරිණි. 

එමෙන්ම නීවරණ විචිකිච්ඡාව නැතිකර ගැනීමට උත්සාහ කරන අයට සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමය උදව් වෙන ආකාරයත් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත සහ දහම් මග පුහුණු කරන අයට වටිනා ඇතැම් ප්‍රායෝගික පැන සහ ඒවා පිලිබඳ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.  


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල විචිකිච්ඡාව පිළිබඳව පැහැදිලි කරන්න.**** (විචිකිච්ඡා නීවරණය හේතුකොට ඇතිවෙන සැකයේ ස්වභාවය විමසුම් නුව හේතුකොට ඇතිවෙන සැකයේ ස්වභාවයෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කෙරෙන ඉතා වටින දේශනාවකි.)
  2. විචිකිච්ඡාවේ මූලය වශයෙන් නැතිකළ හැක්කේ සෝවාන් වීමේදී වුවත් අප දහම් මග පුහුණු කිරීමේ දී එය ටිකෙන් ටික දුරු වෙනවා නොවේ ද?  එහෙත් පන්සල් යන, දහම විශ්වාස කරන බොහෝ දෙනා තුල සමාධිය, ධ්‍යාන වැනි තත්වයන් ඇතිකර ගැනීම පිළිබඳව විචිකිච්ඡාවක් ඇතිවිය හැකි වන්නේ කුමක් නිසා දැයි පැහැදිලි කරන්න. **** (අපගේ ජීවිතයේ ප්‍රායෝගිකව දහම් පුහුණු කිරීමේ දී අපට විචිකිච්ඡාව බලපාන ආකාරයත් එයින් නැගී සිටීමට නිවැරදි දහම් පුහුණුව තුලින්ම ඇතිවෙන ශ්‍රද්ධාවේ ස්වභාවයත් මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. බුදු දහමේ කරුණු විමසීමේ දී සැකය ඇති විය හැකි නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  විචිකිච්ඡාව ඥාන මූලිකව සහ මෝහ මූලිකව ඇතිවෙන විට එහි ඇති වෙනස මෙහි දී පැහැදිලි කෙරේ.  මෙම පැහැදිලි කිරීම ඉහත පැන අංක 02ට ද සම්බන්ධ වේ.)
  4. විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම එකිනෙකට සම්බන්ධ වේද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. මෛත්‍රී භාවනාවේ විනාඩි තිහක් පමණ සිට සිත සමාධිමත් වී සිත ඉබේම ආනාපානසති භාවනාවට යොමු වෙනවා. එය මග හරවා ඉදිරියට භාවනාව දියුණු කරන්නේ කෙසේ ද? **** (සිතක සමාධිමත් වීම පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අපන්නක ක්‍රමය පිළිබඳව ස්වාමින්වහන්සේ දුන් උදාහරණය තව දුරටත් පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. චිත්ත වීථි වල ජවන් සිත් වලින් හදුන්වන්නේ කාය කම්ම, වචී කම්ම ද?
  8. කුසල අකුසල සිත් ඉපදීමට භවාංග සිතේ බලපෑමක් ඇතිවන්නේදැයි පැහැදිලි කර දෙන්න.
  9. අප කුඩා ගෙදරක සිටින විට ලොකු ගෙයක් බලාපොරොත්තුවෙන් සිටී. ලොකු ගෙදරකට ගියපසු එයද දවසින් දෙකෙන් එපා වෙන ස්වභාවයක් දැනී ඇත. මෙය කාමයේ ස්වභාවයද? මෙම අවස්ථා දෙකෙහිදීම අප සිත සකසාගත යුතු ආකාරය පහදා දෙන්න.  කාමයට දැන් ඇල්මක් ඇති නමුත් එය පෙරට වඩා අඩු කාලයකින් එහි නීරස බව දැනෙන්නේය. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. කාමයට හසු නොවී තීරණ ගැනීමට අධිෂ්ඨාන කර ගන්නා නමුත් මාගේ පවුලේ අයගේ බලපෑම නිසා සමහර අවස්ථාවලදී කාමයට යට වී යයි. උදාහරණයක් ලෙස හෝටලයකට ගිය විට පවුලේ අය කියන නිසා එම ආහාර ගැනීමට පෙළඹේ.  මෙවැනි අවස්ථාවලදී බුදු දහමට අනුව හැසිරිය යුතු ආකාරය පහදන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. යම් කෙනෙකුට පිළිකා රෝගයෙන් තැවෙන්නට වෙන්නේ ඔවුන්ගේ පෙර ආත්ම වලදී සතුන්ට හිංසා කිරීම, වස විස දීම යනාදි අකුසල මූලයන් හේතු කොට ගෙන දැයි පැහැදිලි කරන්න.
  12. මේ තමයී මගේ අම්මා කියලා කිව්වොත්, ඒ සිත ලෝභයට හෝ ද්වේශයට අයීති නැති නිසා එම සිත මෝහ මුලික සිතක් ද?
  13. ශාස්වත දෘෂ්ඨිය සහ උච්ඡේද දෘෂ්ඨිය යන්නෙන් අදහස් වන්නේ සීලබ්බත පරාමාස ද?
  14. භික්ෂා දානය යනු භික්ෂුන්ට පිරිනමන දානය ද?
  15. ස්වාමින්වහන්සේලා පිළිබඳව ඇතැම් නරක පුවත් දැන ගැනීමට ලැබීමේ දී අප තුල ස්වාමින්වහන්සලා ගැන සැකයක් ඇති වීම අපගේ ආර්ය මාර්ගයට අවහිරයක් වේ ද? ***
  16. බුද්ධානුස්සති භාවනාව කරන විට යන්ත්‍ර මගින් වැඩි වාර ගණනක් අරහන් ගුණය වඩන විට එය බුද්ධානුස්සතියට බාධාවක් ද? ***
  17. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.