
අභිධර්මයේ මූලික කරුණු අංක: 25 (අකුසල චෛතසික10) 27-09-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 25 (අකුසල චෛතසික 10) Saturday Dhamma Discussion was conducted via Zoom on 27th September 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූ දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 සැප්තැම්බර් මස 27 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල ථීනය හා මිද්ධය පිළිබඳව පැහැදිලි කෙරිණි. මෙහිදී ථීනය හා මිද්ධය පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් නින්ද, අවධි බව සහ සති සම්පජඤ්ඤය පාදක කර ගනිමින් සිදු කෙරිණි.
අතීතයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කාලයේදී රහත් නොවූ ඇතැම් ස්වාමීන්වහන්සේලා පවා නිදි වර්ජිතව දශක ගණන් රාත්‍රී කාලයේ දී භාවනා කල ආකාරයත්, එවන් කටයුත්තක් මනස සහ සිරුර විනාසයට පත් නොවන ආකාරයට ථීන මිද්ධය දුරු කරමින් ප්‍රගුණ කල හැකි ආකාරය පිළිබඳ වූ යම් කිසි ක්‍රමවේදයක් වර්ථමාන ඇතැම් අරණ්‍ය වාසී ස්වාමින්වහන්සේලා විසින් ප්‍රගුණ කරන ආකාරයත් මෙහි දී පැහැදිලි කෙරේ. එමෙන්ම නවීන නියුරෝන විද්‍යාවේ සොයා ගැනීම් තුලින් මෙම නින්දට පෙර සක්මන් භාවනා ප්‍රගුණ කිරීම වැනි ක්‍රමවේදයන් වල ඇති වටිනා කම ගැන යම් ඉඟියක් සහ විශ්වාසයක් අප තුල ඇති කෙරේ.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත සහ දහම් මග පුහුණු කරන අයට වටිනා, ප්‍රායෝගික පැන සහ ඒවා පිලිබඳ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: අකුසල චෛතසික වල ථීනය හා මිද්ධය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ථීනය හා මිද්ධය පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් නින්ද, අවධි බව සහ සති සම්පජඤ්ඤය පාදක කර ගනිමින් මෙම විශිෂ්ඨ දේශනයේ ඇතුලත් වේ.)
- ථීන මිද්ධය නිදා ගැනීමේ දී පමණක් ඇති නොවන්නක් ද සහ නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ නින්දට පෙර ථීන මිද්ධය දුරු කර ගැනීමට යොදා ගන්නා පුහුණුව ඉතා වටිනා නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙය පහත පැන අංක 27 ට සම්බන්ධ වේ. එම පැනයේ දී සඳහන් කෙරුණු නවීන නියුරෝන විද්‍යාවේ සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීමක් මෙම මුහුණු පොතේ පල වූ ලිපියේ ඇතුලත් වේ: https://www.facebook.com/share/p/19rXaRm7FL/)
- බුදුරජාණන්වහන්සේගේ උප්පත්ති කාලයේ දී පැවතී නිමිති ශ්‍රාස්ත්‍රය සහ නින්දේ දී ඇති වන සිහින අතර සම්බන්ධයක් කිබෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මනොද්වාරික චිත්ත වීථි ඇති වන්නෙ හදවත තුල ද නැතහොත් මොළය තුළ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මහා සැය දුටු බව මතක් වූ විට ඇතිවන්නෙ චක්ෂුද්වාර අරුමුණු කරන මනොද්වාර වීථියක් බව පැවසුනි. මෙලෙසින්ම කලින් වින්ද ජිව්හා, ඝාන අරුමුණු පසුව මනොද්වාර වීථි මගින් අරමුණු කල නොහැකිද?
- නිස සමාදන් වනවා යන්නෙහි තේරුම කුමක්? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සිවුරක් මැසීමට යම්කිසි ආධ්‍යාත්මික පසුබිමක් තිබේ ද? ***
- මනොසම්පස්සය ඇති වන්නේ කොතැනක ද?
- අටපිරිකර පූජා කිරීම වඩා සුදුසු වන්නේ මහා සෑයටද නැතහොත් බුදු රජාණන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අරමුණු කොට මහ සෑය අවට වැඩ සිටින සංඝරත්නයට ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අප මහා සෑයට පුජා කිරීමක් බුදුරජාණන්වහන්සේට පූජා කිරීමක් ලෙස සැලකිය හැකි නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත පැන අංක 09 ට සම්බන්ධ වේ.)
- ඇතැම් විට සිහිනයක ඉතිරි කොටස ඊළඟ දවසේ දැක්කා කියා ඇතැම් අය කියනවා. එසේ වෙන්නේ කෙසේ ද? ***
- සවාසනා ගුණය යනු වාසනා ගුණය ද?
- අටසිල් සමාදම් වීමේ දී අපට කුඩා ආභරණ පැළඳීම අකැප ද? ***
- අටසිල් සමාදම් වීමේ දී අප උතුරු සළුවක් අඳින්නේ අන් අයට තමා අට සිල් සමාදන් වුන කියා දැනුම් දීමට ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- චතුරාර්ය සත්‍යට සම්බන්ධව මෙම ස්වාමින්වහන්සේගේ අදහස පැහැදිලි කරන්න.
- ඇඳුම් ගැනීමට කැමති ඇලෙන රාග සිතක් ඇති වූ පසු අප ඒ ගැන කුමක් කල යුතු ද? එසේ කැමති ඇඳුම් ගැනීමෙන් අප සිතේ උධච්ච කුකුච්චය ඇති වෙනවා නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ක්ලේශයන් එක දහස් පන්සීයම ගිහි අයටත් පොදු දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අවශේෂ අකුසල ධර්මයෝ කවරෙක් ද?
- ඉතා කැමැත්තෙන් බන අසන විට අසල නිදි කිරා වැටෙන කෙනෙක් දුටු විට අන් අයටත් නිදිමත ස්වභාවය ඇති වෙනවා නම් එයත් ථීන මිද්ධ ස්වභාවය නේද? එවන් අවස්ථාවක සිත ද්වේශ මුලික වේ ද? ***
- රට රැකියාවක් අපේක්‍ෂාවෙන් දැඩි උපාදානයෙන් සිටින විට ඒ පිලිබඳ මධ්‍යස්ථ වෙන ආකාරය පහදා දෙන්න. ***
- මසුරුකම ඇතිවන විට ලෝභය පාදක කරගෙන ද්වේශ මූලික සිතක ඇතිවෙන බව තවත් පහදා දෙන්න. ***
- එක් ස්වාමින්වහන්සේ කෙනෙක් ථීන මිද්ධය පිළිබඳව දේශනා කල මෙම කරුණ පහදා දෙන්න.
- රහතන්වහන්සේලා හැම විටම කායගතාසතියෙන් නැති ද?
- වර්ථමානයේදී රහතන්වහන්සේ නමක් කියා ගන්නා ස්වාමීන්වහන්සේ නමක් පිලින්දවච්ච මහා රහතන්වහන්සේ ලෙසම වසල වාදයෙන් අන් අයට කථා කිරීම පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ස්වාමින්වහන්සේලාගේ ගුණය ගැන සිතා ඥාන සම්ප්‍රයුක්තව අටපිරිකර පුජ කිරීම නිවැරදි ද? ***
- සීල සමාදානයට යනවිට මා හට කටයුතු වලදී සියයට සීයක් සැපයක් නොමැති බව සිතේ. ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්න. ***
- භාවනා කරන විට ථීන මිද්ධය ඇතිවෙන විට එය මගහරවා ගෙන වීර්ය ඇති කර ගැනීමට අතීත කුසල් සිහි කිරීම සුදුසු ද?
- ආනාපානසති භාවනාවේ දී ථීන මිද්ධයට පත්වීම, අනිමිත්‌ත සමාධිය ලෙස වරදවා වටහා ගැනීමට පුළුවන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. මෙහිදී සඳහන් කල අනිමිත්‌ත සූත්‍රය මෙතනින් කියවන්න:අනිමිත්‌ත සූත්‍රය. එමෙන්ම මෙහි දී සඳහන් කල නවීන නියුරෝන විද්‍යාවේ සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීම ගැන කියවීමට මෙතනින් පිවිසෙන්න: https://www.facebook.com/share/p/19rXaRm7FL/ )
- රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ පොතේ දැක වෙන මෙම කරුණ පැහැදිලි කරන්න.
- නාඋයන ආරණ්‍යයේ ස්වාමීන්වහන්සේලා අනතුරකින් අපවත් වුනේ සති සම්පජඤ්ඤය නැති වූ නිසා ද? ***
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.