
අභිධර්මයේ මූලික කරුණු අංක: 24 (අකුසල චෛතසික 09) 20-09-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 24 (අකුසල චෛතසික 09) Saturday Dhamma Discussion was conducted via Zoom on 20th September 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූඑක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 සැප්තැම්බර් මස 20 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල කුක්කුච්චය පිළිබඳව පැහැදිලි කෙරිණි. මෙහිදී කුක්කුච්චය හෙවත් පසුතැවීම පිළිබඳව පුළුල් පැහැදිලි කිරීම් ඇතුලත් කෙරිණි. ඇතැම් අවස්ථා වලදී පසුතැවීම යන අකුසලය, අප තුල සති සම්පජඤ්ඤය ඇති කිරීමට හේතු විය හැකි බව මෙහි දී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත සහ දහම් මග පුහුණු කරන අයට වටිනා, ප්‍රායෝගික පැන සහ ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: අකුසල චෛතසික වල කුක්කුච්චය පිළිබඳව පැහැදිලි කරන්න. **** (කුක්කුච්චය හෙවත් පසුතැවීම පිළිබඳව පුළුල් පැහැදිලි කිරීම් ඇතුලත් වටිනා දේශනාවකි.)
- කුක්කුච්චය හෙවත් පසුතැවීම භාවනාව සෑහෙන්න දියුණු වීමට පෙර අපට වද දෙන කරුණක් නොවේ ද? **** (වටිනා පැනයක් සහ සාකච්ඡාවකි. ආනාපානසතිය දියුණු වීම ඇසුරෙන් සාමාන්‍ය ජීවිතයේ ඇතිවෙන සහ ඇතිවිය හැකි කුක්කුච්චය හෙවත් පසුතැවීම නැතිවිය හැකි ආකාරයත් මෙහි පැහැදිලි කෙරේ.)
- කුක්කුච්චයට හේතු වන්නේ ශීලය සහ ප්‍රඥාව අතර ඇති අසමතුලිතතාවය නොවේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා සාකච්ඡාවකි. මෙය ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
- සති අන්තයේ භාවනා වැඩසටහන් වලින් පසු වැඩියෙන් ආහාර ගැනීමට මා තුල ආශාවන් මතු වන්නේ කුමක් නිසාදැයි පහදා දෙන්න. එය මා තුල පසුතැවීමක් ඇති වීමට හේතු වේ. **** (ඉතා වටිනා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- සම්පජඤ්ඤය අකුසල් කිරීමේදීත් ඇති වී අකුසලය තීව්‍ර විය හැකි ද?
- යම් කිසි කාර්යක් කිරීමෙන් පසුව එය නොකලා නම් හොඳයි යන ආකාරයෙන් සිතීමත් කුක්කුච්චය ද? ***
- විභව තණ්හාව තව දුරටත් පැහැදිලි කරන්න. ***
- මච්ඡරිය සහ කුක්කුච්චය සම්බන්ධයෙන් මා ක්‍රියා කරන මෙම ආකාරය නිවැරදි දැයි පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මහා වේදල්ල සූත්‍රයේ සිත පිලිබඳ කියවෙන කරුණු අනුව සිත සංවර කර ගැනීම යන්න පිළිබඳව පැහැදිලි කරන්න. ***
- රුවන්වැලිසෑය අසල කිරිපිඬු පූජා කිරීම නිසා මට සැප වේදනාවක් ඇති වුනා. එය නැවතත් කිරීමට අවශ්‍ය වීම ඇති වන්නේ කුසල තණ්හාවක් නිසා ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සැප වේදනාව අප දැකිය යුත්තේ සංඛත, පීලන ස්වභාවයෙන් යන්න පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අජන්චා ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථ පිළිබඳව ඔබ වහන්සේ පැවසූවා. එම ග්‍රන්ථයන්ගේ නම් සඳහන් කරන්න පුලුවන් නම් ඉතාමත් පින් !
- කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා පිළිබඳව මා සිතු ආකාරය නිවැරදි ද? ***
- වයස අවුරුදු හතලිස් ගණනක සිටින මිතුරු කණ්ඩායමක මරණයක් සිදු වූ විට ඔවුන් ක්‍ෂණිකව බියපත් වී දින ගණනක නිවාඩුවකින් පසු සමූහයක් ලෙස විනෝද වුණා. එය විභව තණ්හාව නිසා ඇති වූවක් දහමේ හැසිරෙන ඇතැම් අයට එවැනි බයක් නොවන්නේ යන්න හොඳ තැනක් ඇති බව සිතන නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අප තුල පසුතැවීමක් ඇති වන්නේ වරදක් කළා යන හැඟීම සාමාන්‍ය කරණය වූ විට වරද කරන විට පසුතැවීමක් ඇති නොවේ. ඒ තත්වය පහදා දෙන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ත්‍රිහේතුක කුසලයක් කිරීමේ දී එම කුසලයෙන් පසු අප පසුතැවෙන්නේ නැති බව ත්‍රිහේතුක කුසලයක් ඇති වීමට සාධකයක් ද? **** (වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
- සෝවාන් වූ තැනැත්තන්ට පසුතැවීම ඇති වෙන්නේ නැති ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාජයේ ප්‍රගමනයට යම් කිසි කාර්යක් පසුතැවීම තුලින් සිදු වෙනවා නොවේ ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සාංඝික දානයක දී බුද්ධ පූජාව වෙන කෙනෙක් අඩුවට බෙදීම සම්බන්ධයෙන් මගේ සිතේ පසුතැවීම ඇතිවීම මගේ කුසලයට බාධාවක්ද?
- රාග සිත යනු කුමක් ද?
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.