අභිධර්මයේ මූලික කරුණු අංක: 22 (අකුසල චෛතසික 07) 06-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 22 (අකුසල චෛතසික 07) 06-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 22 (අකුසල චෛතසික 07) 06-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 22 (අකුසල චෛතසික 07) Saturday Dhamma Discussion  was conducted via Zoom on 06th September 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 සැප්තැම්බර් මස 06 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල මච්ඡරිය හෙවත් මසුරු බව පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි.  මෙහිදී මසුරු බව පිළිබඳව සියුම් කරුණු සහ පැවිදි සහ ගිහි සමාජයේ එය ක්‍රියාත්මක වෙන ආකාරය ගැඹුරින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වටිනා පැන සහ ඒවා පිලිබඳ විවිධ ආකාරයේ පැහැදිලි කිරීම් සිදු කෙරිණි. 


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල මච්ඡරිය හෙවත් මසුරුබව පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (මසුරුබව පිළිබඳව සියුම් කරුණු සහ පැවිදි සහ ගිහි සමාජයේ එය ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
  2. දානාදී පිංකම් සහ යහළු යෙහෙළියන්ට සලකන ඇතැම් අය තම නිවෙස් වලට සේවයට පැමිණෙන සේවකයන් හට හොඳින් නොසලකන තත්වය මච්ඡරිය නොවේ ද? **** (බොහෝ පැතිකඩවල් මතු කෙරෙන වටිනා සාකච්ඡාවකි.)
  3. මහ බෝසතාණන් වහන්සේලා තමන්ගේ ප්‍රතිලාභය, වාසිය ගැන නොසිතා දන් දීම් සිදු කරනවා නොවේ ද? **** (ඉහත පැනය පිළිබඳව තවත් පැතිකඩකින් සිදු කෙරෙන වටිනා පැහැදිලි කිරීමකි.)
  4. ටියුෂන් පංති පැවත් වීම සහ නැටුම් පංති පන්සලේ පැවැත්වීම සුදුසු ක්‍රියාවක් ද? *** (වටිනා කාලීන පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. එක් අයෙකුගේ කර්මය පෞද්ගලික වූවත් එය විපාක දෙන විට අන් අයටත් බල පාන්නේ කෙසේ ද? *** (වටිනා පැනයක් සහ වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  6. සුතසෝම රජතුමා එම බ්‍රාහ්මණයා පිළිබඳව මනසින් විමසීමෙන් ගත් තීරණයෙන් පැහැදිලි වෙන්නේ එක් එක් පුද්ගලයන්ට යා හැකි උපරිම සීමා ඇති බව ද? *** (වටිනා පැනයක් වටිනා පැහැදිලි කිරීමකි.)
  7. වැරදි ආකාරයෙන් හැසිරෙන ස්වාමින් වහන්සේලා කෙරේ ගිහියන් කෙසේ පැවතිය යුතු ද? **** (වටිනා කාලීන පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. මච්ඡරිය ද්වේශ සහගත සිතක් ද? ***
  9. ප්‍රතිසන්ධි කර්මය අනිවාර්යයෙන්ම කර්ම පථයක් විය යුතු ද?
  10. ඉර්ෂ්‍යව නැතිකර ගැනීමට සතර ආකාරයකින් දැකිය යුතු යැයි දේශනා කර ඇත්තේ කුමක් ද?
  11. අධිවචන සම්පස්සය සහ පටිඝ සම්පස්සය පහදා දෙන්න. ***
  12. මසුරුකම සහ ලෝභකම එකක් ද දෙකක් ද?
  13. මානසික රෝග සහිත අයෙක් ධර්ම විකෘතිව දේශනා කිරීම හඳුනා ගන්නේ කෙසේද?
  14. පෙර සංසාරේ කුසලයක් හෝ අකුසලයක් කල නැතැත්තෙක් සමග මේ ආත්මයේ සම්බන්ධ වෙන අයත් ඒ කුසලය හෝ අකුසලය විඳීමට කර්ම රැස් කරල තියෙන්නත් ඕන නේද? ***
  15. වැරදි ආකාරයෙන් හැසිරෙන ස්වාමින් වහන්සේලා ශාසනයෙන් ඉවත් කිරීමට නීති නැති තත්වයක සහ ගිහි අපට ඒ ගැන කල හැකි දේ සීමා සහිත වන බැවිනුත් ඒ ගැන නුවනින් තේරුම් ගෙන ගැටීම් අවම කරගෙන දහම තුල හැසිරීම, ක්‍රියා කිරීම වැදගත් වෙනවා නොවේ ද? **** (වටිනා කරුණක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  16. කර්ම පථය කුසල් පැතෙන් ද තිබේද, තිබිය හැකි ද? ඒ කර්ම පථයන් සසරේ එන්න පුළුවන් ද සහ විපාක දිය හැකිද?
  17. අවවාදය, සමාලෝචනය සහ අවසානය. **** (මෙය ඉහත අංක 15 ට සම්බන්ධ වේ.)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.