අභිධර්මයේ මූලික කරුණු අංක: 21 (අකුසල චෛතසික 06) 30-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 21 (අකුසල චෛතසික 06) 30-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 21 (අකුසල චෛතසික 06) Saturday Dhamma Discussion  was conducted via Zoom on 30th August 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 අගෝස්තු මස 30 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල ඉස්සාව හෙවත් ඊර්ෂ්‍යාව පිළිබඳව ගැඹුරින් පැහැදිලි කෙරිණි.  එමෙන්ම “ගුප්ත කරුණු ස්වල්පයක්” පැහැදිලි කිරීම තුලින් ඊර්ෂ්‍යාව ඉතා සියුම් ආකාරයෙන් සහ වංචක ධර්ම ආකාරයෙන් ඇතිවෙන ආකාරය ඉතා වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි.   

දහම් මග වඩන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන වටිනා පැන සහ පිළිතුරු මෙදින ධර්ම සාකච්ඡාවේ ඇතුලත් වේ.


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල ඉස්සාව හෙවත් ඊර්ෂ්‍යාව පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (ඊර්ෂ්‍යාව පිළිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. ඊර්ෂ්‍යාව ඇති නොවීමට පිළිපැදිය යුතු ක්‍රමවේදයක් ඇතුලත් ප්‍රායෝගික ජීවිතයේ උදාහරණයක්. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  3. රහතන්වහන්සේටත් ඊර්ෂ්‍යාව ඇති වීමට පුළුවන් ද?
  4. පස්වග තවුසන් මහා බෝසතානන් වහන්සේ දුෂ්කරක්ක්‍රියා නැවතු විට උන්වහන්සේව හැරගියේ ඊර්ෂ්‍යාව නිසා ද? ***
  5. සෝරෙයිය ස්වාමින්වහන්සේ තමා කාන්තාවක් ලෙස සිටිය දී ස්ත්‍රී ගුණය පිලිබඳ කී දෙයින් පැහැදිලි වන්නේ කාන්තාවන්ට ඊර්ෂ්‍යාව වැඩි විය හැකි බව ද? ***
  6. රැකියා ස්ථාන වල කණ්ඩායමක් ලෙස සිටින විට ආයතනයට අලුතෙන් ඇතුලත් වෙන අය අතර තරඟකාරීත්වය ඇති කිරීම නිසා ඊර්ෂ්‍යාව ඇති වීමට හැකි නොවේ ද? ***
  7. විකාල භෝජන ශික්ෂා පදය අසනීප තත්ත්වයක දී කඩවීම වරදක් ද? ***
  8. ඊර්ෂ්‍යාවක් ඇති වූ විට එය නැති කර ගැනීමට සිතිය යුතු කවර ආකාරයටදැයි කරුණාවෙන් පහදා දෙන්න. *** (මෙම පැනය ඉහත අංක 02 ට සම්බන්ධ වේ.)
  9. අභිධර්මය පිළිබඳව අධ්‍යයනය කරන අවස්ථාවක අකුසල කර්ම ඇතිවීම අවම විය හැකිද? වෙනත් විෂයක් අධ්‍යයනය කිරීම සති සම්පජඤ්ඤයව කල හැකි ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. අනුන්ට විපත් ප්‍රාර්ථනා කිරීම්, ශාප කිරීම් ආදී සිතුවිලි හා වාචසිකව ප්‍රකාශ කිරීම පවා කර්ම පථයක් වන්නේද? කරුනාවෙන් පහදා දෙන්න. ***
  11. ගෙදර බුදු පහන, මල් පහන් පුජා කලාට කුසලයක් රැස්වෙන් නෑ, එය නිශ්ඵල ක්‍රියාවක් ලෙස භාවනා මධ්‍යස්ථානයකින් පවසා තිබෙනවා. එය ඇත්තක්ද? ***
  12. රූපයක ආයුකාලය චිත්තක්ෂණ දාහතක් තුල ඇතිවන රූප ආරම්මණය විය නොහැකිද (කුඩා චිත්තක්ෂණයක් තුල නැවත රූපයක් හටගන්නා බැවින්)
  13. ජීවී ගසක් කොළ මල් කඩන්න එපා ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කිරීම ට හේතුව කුමක්ද? එය ගිහි අයටත් අදාල ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  14. කර්ම පථය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද? ***
  15. ගති පුරුදු වලින් මිදීමට කුමක් කල යුතු ද? ***
  16. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.