අභිධර්මයේ මූලික කරුණු අංක: 03 (චෛතසික, රූපය, නිර්වාණය) 15-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 03 (චෛතසික, රූපය, නිර්වාණය) 15-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 03 (චෛතසික, රූපය, නිර්වාණය) 15-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 03 (චෛතසික, රූපය, නිර්වාණය) – Saturday Dhamma Discussion was conducted via Zoom on 15th March 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මාර්තු මස 15 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අභිධර්මයට අනුව චෛතසික, රූප සහ නිර්වාණය පිළිබඳව මූලික කරුණු පැහැදිලි කෙරිණි.

මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකා පිලිබඳව බොහෝ වටිනා පැන මතු කෙරිණි.  ඒවා තුලින් මෙම දේශනාවට සම්බන්ධ අනෙකුත් බොහෝ කරුණු පැහැදිලි කෙරිණි.


පහත ඉදිරිපත් කෙරෙන ධර්ම දේශනා සහ සාකච්ඡාවන් ශ්‍රවණය කිරීමට පළමුව එම යොමුවන් මත click කරන්න.  එවිට විවර වෙන අන්තර්ජාල යොමුවේ ඇති ඊතල ලකුණ මත click කිරීමෙන් ශ්‍රවණය කිරීමට පුළුවන.  එම දේශනාව හෝ සාකච්ඡාව හෝ බාගත කර ගැනීමට නම් එයට පහලින් කොළ පාටින් ඇති Download සලකුණ මත click කරන්න.  එය Smart Phone එකකින් බාගත කර ගැනීමට නම් එයට පහලින් දකුණු පසින් ඇති ඊතලය මත click කරන්න.


  1. ධර්ම දේශනාව: අභිධර්මයට අනුව චෛතසික, රූපය සහ නිර්වාණය පැහැදිලි කරන්න. *** (චෛතසික, රූපය සහ නිර්වාණයේ මූලික අංගයන් පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
  2. සිත සහ චෛතසික ගැන මිනිසෙකුගේ ගමන් කිරීම ඇසුරු කොට ගෙන දී ඇති උදාහරණයම සිතක් සහ චෛතසික ඇසුරු කොට පහදා දෙන්න. *** (ඕනෑම සිතක ඇතිවෙන සම සිතකටම සාධාරණ චෛතසික ආධාරයෙන් මෙය පැහැදිලි කෙරේ.  ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. අභිධර්මය පැහැදිලි කිරීමේ දී සලකා බලන්නේ සැමවිටම එක සත්වයෙක් පිළිබඳව ද? *** (වටිනා පිළිතුරකි.  මෙහි දී අපගේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට රුකුලක් වෙන අයුරින් අභිධර්මයේ කරුණු පහදා ඇති බව හෙළි කෙරේ.)
  4. බුදුරජාණන් වහන්සේ චිත්ත සහ චෛතසික වශයෙන් දෙකක් යොදා ගෙන එය පැහැදිලි කරන්නේ කුමක් නිසා ද? *** (චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ඇසුරු කොට ගෙන දුන් ඉතා වටිනා පිළිතුරකි.)
  5. යම් යම් දේවල් එකතු කිරීමට ඒවාට පොදු ලක්‍ෂණයක් තිබිය යුතු නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි පිළිතුරකි.  චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන වලට පොදු කරුණ මෙහිදී පැහැදිලි කෙරේ.)
  6. දැවයෙන් තැනූ මේසයක සතර මහා ධාතු ඇති වීමට ප්‍රත්‍ය වන්නේ කුමක් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  ඉර්තු ගුණය හෙවත් උණුසුම ප්‍රධාන සාධකය වෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.)
  7. රූපය ගැන සැරියුත් මහරහතන් වහන්සේ විසින් “විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙලනු ලබාය” යන්න පැහැදිලි කරන්න. *** (ඉහත පැන අංක 06 ට සම්බන්ධ වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  8. චෛතසික ධර්ම සිත සමග එකටම හට ගන්නවා නම් වේදනාවට පසුව සංඥාව යනුවෙන් දක්වන්නේ ඇයි? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. ආක්‍රෝශ ධර්ම යනු මොනවාද පැහැදිලි කර දෙන්න.
  10. ජිවිත ඉන්ද්‍රිය යනූ කුමක්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. චිත්තජ රූප වල ඕජා ධාතුවේ ක්‍රියාකාරීත්වය කරුණාවෙන් පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. කඩදාසියට සිතක් නොමැති හෙයින් රූප කලාප නිශ්පාදනය කල හැකි ද? *** (ඉහත පැන අංක 06 සහ 07 ට සම්බන්ධ පැනයකි.)
  13. කඩදාසියක් පිළිස්සෙන විට සිදුවන ක්‍රියාකාරීත්වය තව දුරට පැහැදිලි කරන්න. ***
  14. නිරෝධ සමාපත්තිය යනු සිතේ උච්චම අවස්ථාවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  15. මනසට ප්‍රත්‍ය වන්නේ කුමක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  16. චිත්ත වීථි ක්‍රියාත්මක වන විට පස්ස ,වේදනා ,සඤ්ඤා ,චේතනා ආදිය ඒ ඒ වීථි වලට අදාල ද? ***
  17. අවසානය සහ වැඩසටහන් විස්තරය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.