
අභිධර්මයේ මූලික කරුණු අංක:13 (ප්‍රකීර්ණක චෛතසික 01) 14-06-2025
අභිධර්මයේ මූලික කරුණු අංක:13 (ප්‍රකීර්ණක චෛතසික 01) – Saturday Dhamma Discussion was conducted via Zoom on 14th June 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජූනි මස 14 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රකීර්ණක චෛතසික වල විතක්කය
- ධර්ම දේශනාව: ප්‍රකීර්ණක චෛතසික වල විතක්ක සහ විචාර චෛතසික පැහැදිලි කරන්න. **** (මෙහි දී විතක්ක සහ විචාර චෛතසික වල ස්වභාවය ඉතා ප්‍රයෝගික අයුරින් පැහැදිලි කෙරේ.)
- මරණ මංචකයේ දී පවා අපට ඉමහත් උදව්වක් කර ගත හැකි ආනාපානසතිය පිලිබඳ වටිනා ප්‍රායෝගික උදාහරණයක්. **** (ආනාපානසතිය හොඳින් ප්‍රගුණ කිරීමේ දී අපට ලැබෙන විශේෂ ලාභයන් පිළිබඳව පැහැදිලි කෙරෙන ඉතා වටිනා සාකච්ඡාවකි.)
- පංචස්කන්ධයේ කිහිපයක් වුවත් තිබුනොත් එතැන සත්වයෙක් සිටිය හැකි ද?
- කර්මයත් ප්‍රඥප්තියක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ප්‍රඥාවේ සහ විඥානයේ ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පුද්ගලයෙක් කරන්න ඕන කාරණය තෝරාගන්නේ චිත්ත වීථි වල කුමන අවස්ථාවේදී ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පටිච්ච සමුප්පාදයේ වේදනා පච්චයා තණ්හා වනවිට මාන සහ දිට්ඨියත් එයට අයත්වේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අලෝභ, අද්වේෂ, අමෝහ සමඟ තණ්හාව යෙදී භවය සෑදෙන ආකාරය පහදා දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අභිධර්මය භාවනාවට සහ නිවන් මගට සංකීර්ණ මාවතක් ලෙස සමහර භික්ෂුන් වහන්සේලා පවසයි. සුත්‍රාන්ත ක්‍රමය සුදුසු බව පවසයි. ඒ පිළිබද පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට පින්. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මනෝ විඤ්ඤාණයේ විපාක සිත් ඇති නොවේද?
- කුස්සියේ සින්ක් එකට උණු වතුර දැමීමේ ක්‍රියාවෙන් අකුසල කර්මයක් සිදු වුවද ප්‍රාණඝාත අකුසලයක් සිදු වන්නේ ද? මෙහිදී සතෙක් බව දැනගැනීම සහ සතෙක් මරණ චේතනාව ඇතිවන්නේ නැහැ නේද? මෙහි දී ජවන් සිත්වල ඇතිවිය හැක්කේ උද්දච්ච සහගත සිත් ( මෝහ මූල) නොවේ ද? ***
- මම විදෙස් රටක ගූරැවරියක් වෙමි. මම සේවය කරන පාසලේ විනෝද චාරිකාවක් හැටියට ගගක මාලු අල්ලීමට සහ කෑමට සංවිධානය කර ඇත. මම එයට සහබාගි උනොත්, මාලූ ඇල්ලුවෙ සහ කෑවෙ නැතත්, එම අකුසලයට මම හවුල්වුනා වෙනවා ද? ලමයින්ට අවශ්‍ය උපකරන වැනි දේ දීමත් අකුසලයක් නේද ස්වාමින්වහන්ස? මීට පෙර ඔබවහන්සේගේ දේශනය අසා, මම එදිනට නොයා සිටීමට තීරනය කලෙමි. මෙවැනි දේ ඉදිරියටත් සිදුවුවහොත් කෙසේ ක්‍රියා කළ යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- යම් අමනුෂ්‍යයන්ට මිනිස් සිත් වලට බලපෑම් කල හැකි ද? එවැනි බලපෑමක් කල හැකි නම් අමනුෂ්‍යයා විසින් මෙහෙය වීම නිසා මිනිසා කරන කර්ම වල විපාක විදීමට ලැබෙන්නේ අදාල මිනිසාටමද? ***
- විපාක රූප මොනවා දැයි පහදා දෙන්න. ***
- යුධ හමුදාවේ සිටිය දී රට, ජාතිය බේරා ගැනීමට සතුරන් ඝාතනය කිරීමට අන දීම නිසා මා තුල කර්ම පථයක් ඇති වුවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය, ඉදිරි වැඩ සටහන් විස්තරය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.