
අභිධර්මයේ මූලික කරුණු අංක: 12 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 06) 31-05-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 12 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 06) – Saturday Dhamma Discussion was conducted via Zoom on 31st May 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මැයි මස 31 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල ජීවිතින්ද්රිය සහ මනසිකාර පැහැදිලි කෙරිණි. එමෙන්ම ඒ සමගම සබ්බ චිත්ත සාධාරණ චෛතසික පිලිබඳ දේශනා අවසන් කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා පැන කිහිපයක් පමණක් මතු කෙරුණු අතර ප්‍රශ්න ඇසීමේ දී න්‍යායාත්මක පැන ඇසීම අවම කරමින් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න ඇසීමේ අවශ්‍යතාවය ගරු ස්වාමින්වහන්සේ විසින් අවධාරණය කෙරිණි.
එමෙන්ම ඊළඟ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව නොපැවැත්වෙන බව මෙහි දී සඳහන් කෙරිණි.
මෙවර හඬපට ලෙස පහතින් ඇතුලත් කර ඇත්තේ ධර්ම දේශනාව, මෙදින මාතෘකාවට සම්බන්ධ ප්‍රශ්න සහ ප්‍රායෝගික ප්‍රශ්න පමණකි. නොයෙකුත් න්‍යායාත්මක පැන මෙහි හඬපට ලෙස ඇතුලත් කර නොමැත.
- ධර්ම දේශනාව: සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල ජීවිතින්ද්රිය සහ මනසිකාර චෛතසික පැහැදිලි කරන්න. *** (මෙම වටිනා දේශනාවේ දී විශේෂයෙන්ම අභිධර්මය හැදෑරීමේ දී ප්‍රායෝගිකව අප පටලවා ගන්නා ආකාරයන් පැහැදිලි කර අවධාරණය කෙරිණි. එමෙන්ම භාවනාවේ දී යෝගාවචරයන් නොමග යන තත්වයක් මනාකොට පැහැදිලි කෙරිණි.)
- ඉතා අතීත ජීවිත ආවර්ජනය කිරීමේ හැකියාව බුදුරජාණන්වහන්සේට සහ ඇතැම් යෝගීන්ට ලැබෙන්නේ මේ ජීවිතින්ද්රිය චෛතසිකය ආධාරයට ගනිමින් ද? ***
- චිත්ත චෛතසික පරම්පරාවේ ස්වභාවය සහ කාර්යභාරය අනුව බලන විට භවනෙත්තිය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- නායක ස්වාමින්වහන්සේ ගේ පටිච්චසමුප්පාදය පොතේ සඳහන් වන ශ්‍රද්ධාවෙන් තණ්හාව ක්ෂය කිරීමට සම්බන්ද වටිනා කරුණ පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ජීවිතින්ද්රිය චෛතසිකය අනන්තර, සමනන්තර ප්‍රත්‍ය සමග සම්බන්ධයක් තිබේ ද?
- මනසිකාර චෛතසිකයේ කෘත්‍ය පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ආනාපානසති භාවනාවේ දී මනසිකාරයයි, ප්රකීර්ණක චෛතසිකයක් වෙන විතක්කයයි අතර සමාන කමක් තිබේ ද?
- ධර්මයට අනුව බලන විට දී යම් කෙනෙකු පිළිකා රෝගයෙන් පෙලෙන්නේ කුමන හේතුවක් මත ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ඒ කියන්නෙ ස්වාමීනි අපේ මේ භවයේ උපතේ සිට මරණ්ය තෙක්ම ඉපිද බිඳී යන චිත්ත පරම්පරාවම සසර පුරා ඉපිදෙමින් බිදෙමින් යන බවද ඉන් හැගවෙන්නෙ? ***
- දීලීර කියන්නෙ ජිවයක් ද? ***
- අනිශ්‍රිත සිත යනු භවාංග සිත් අවස්ථාව ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙම පිළිතුරේ අවසානයට පෙර ස්වාමින්වහන්සේගේ විදුලිය විසංධි වීමක් සිදු විනි.)
- අනිශ්‍රිත සිත තෘෂ්ණාවෙන් තොරව සිටින්නේ කුමක් අරභයා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත පැන අංක 11 ට සම්බන්ධ වේ.)
- සෝවාන් වූ පුද්ගලයා ඊළඟ භවයේ උපදින්නේ ඒ සෝවාන් පල සිතත් සමගද? එසේ නම් සිතත් ඇතිවී නැති වෙනව නම්, ඒ චුතිය, භාවංග හා ප්‍රතිසන්දි සිත් කෙසේ සම්බන්ධ වෙනවා ද?
- මනොද්වාරාවජ්ජන සිත සහ මනසිකාර චෛතසිකයේ සියුම් වෙනස කරුණාවෙන් පහදා දෙන්න.
- මගෙ සහෝදරයා ගේ ක්‍රියා කලාපය මට හරි අප්‍රියයි. මගේ හිත කොයි වෙලෙත් ගැටෙනවා. මේක සසර කරුමයක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය, අවවාදය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.