අභිධර්මයේ මූලික කරුණු අංක: 10 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 04) 17-05-2025

 

අභිධර්මයේ මූලික කරුණු අංක: 10 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 04) 17-05-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 10 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 04) 17-05-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 10 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 04) – Saturday Dhamma Discussion was conducted via Zoom on 17th May 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මැයි මස 17 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල චේතනා චෛතසිකය පැහැදිලි කෙරිණි.  මෙම චේතනා චෛතසික ධර්මය ඉතා සුවිශේෂී සහ විස්තර කිරීමට අපහසු ධර්මයක් මෙහිදී මුලින්ම බව පැහැදිලි කෙරිණි.  එමෙන්ම චේතනාව අපගේ කුසල්, අකුසල් සහ සහ ක්‍රියා සිත් වලට බලපාන ක්‍රියා සාධක බලය බවත් සමස්ත සංසාර ගමන කෙරේ මහත් වූ බලපෑමක් දක්වන බවත් මෙහි දී පැහැදිලි කෙරිණි.

එමෙන්ම කුසල් හෝ අකුසල් කර්ම සසර පුරා ක්‍රියාත්මක වෙන ආකාරයන් විචිත්‍ර ආකාරයෙන් සහ ගැඹුරින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද මෙම මාතෘකාවට අනුගත වූ වටිනා පැන මතු කෙරුණු අතර ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල චේතනා චෛතසිකය පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා සහ ගැඹුරු පැහැදිලි කිරීමකි.  විශේෂයෙන් කර්මය පිලිබඳ විස්තරය වැදගත් වේ.)
  2. රජයේ වෛද්‍ය වරයෙක් හෝ නීතිඥයෙක් මේ අයුරින් ක්‍රියා කිරීමේ දී සිදුවෙන කර්ම ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. කර්මය පරමාර්ථ ධර්මයක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. පාන් කෑල්ලක් විසි කිරීමේ දී හෝ උණුවතුර සින්ක් එකට වත්කිරීමේ දී චේතනා චෛතසිකය සම්බන්ධ වෙනවා ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  5. චිතුප්පාදය සහ චිත්ත කිරිය වායෝධාතුව තුලින් හැඳින්වෙන්නේ චේතනාව ද?
  6. කූඹියෙකු සින්ක් එකෙන් ඉවත් කිරීමට තැත්කරන විට ඌ මියගියොත් ප්‍රාණගාත අකුසලය මට සිදු වෙනවා ද? *** (වටිනා සාකච්ඡාවක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.) 
  7. පාන් කෑල්ලක් හොඳ හිතින් විසි කිරීමේ දී එය සිර වී සතෙකු මියගිය හොත් අකුසලයක් වියහැකි නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  8. අප කවුරුන් හෝ කල පිනක් අනුමෝදම් වන විට එයින් ප්‍රතිසන්ධි හෝ ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් යොමු කර ගන්නේ කෙසේද? ***
  9. චිත්ත රූප සිහි කරමින් චිත්තජ රූප ඇතිකර ගැනීමට පුළුවන් ද? ***
  10. සංඥා, චිත්ත සහ දිට්ඨි විපල්ලාස තුන සක්කාය දිට්ඨියට සම්බන්ධ කමක් දක්වනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ස්වාමීන්වහන්සේගේ දේශනාවක් අනුව ලෝකය යනු නිතර චංචල වෙමින් පවතින්නක් ලෙස මාහට තේරී යාම නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. කුඩා සතෙකු සින්ක් එකේ සිටින විට එම සතාට හානි නොවන අයුරින් ක්‍රියා කිරීමට තුඩු දෙන වටිනා ක්‍රම වේදයක් පිළිබඳව. **** (කාල වේලාව මද බැවින් ඉහත දී විස්තර කිරීමට නොහැකි වූ වැදගත් කරුණු මෙහි ලියා දැක්වේ.  සන්සුන් සිතේ හානි කිරීමේ චේතනාවක් නැතිවා පමණක් නොව බිය තුලින් එනම් ද්වේශය තුලින් පහළ වන අකුසල සිත් නැති තත්වයක් තුල දී සිතේ ඇතිවෙන එක්තරා විශේෂ ශක්තියක් තුලින් එම සතුන් හට හානියක් නොවී, ඔවුන් විගසින් එතනින් ඉවත් වීම බොහෝ විට සිදු වේ!  එම පුදුම සහගත ඉවත් වීමේ තත්වය ගරු ස්වාමින්වහන්සේ ඉහත පැන අංක: 06 දී අවසානයේ සඳහන් කරන විශේෂ සංසිද්ධියට සමාන විය හැක.  එසේ නැතහොත් එම සත්වයන්ට හානියක් නොවන අයුරින් තම කටයුත්ත සිදු කර ගැනීමට එම අවස්ථාව සැකසේ!  එමෙන්ම  එසේ චිත්තානුපස්සනාව තුලින් සන්සුන් වූ සිත තුල අනෙක් සත්වයන්ට හානි නොකිරීමේ චේතනාවක් කරුණාව සමග මුසු වී පවතිනවා පමණක් නොව එහි මෝහය ද ඉතා දුබලව හෝ නොයෙදී හෝ පවතී.  අවසාන වශයෙන් අප සිතේ තබාගත යුත්තේ ගරු ස්වාමීන්වහන්සේ පැන අංක 07 දී සහ 04 දී පැහැදිලි කරන ආකාරයට සසරින් ගැලවීමට හැකියාවන් දියුණු කිරීම මූලික වෙන බවත් මේ ඉහත ආකාරයේ මානසික තත්වයක්/හැකියාවන් සමග එම සසරින් ගැලවීම පුහුණු වීම වඩාත් ඵල දායී බවයි.)
  13. මේක පෞද්ගලික සිදුවීමක්.  නිවාස අසළ බල්ලන් විසින් සපා කා ඇවිදගන්න බැරි තරම් තුවාල වී වැටී සිටි වැලි මුවෙක් හිටියා. ඌ පිළිබඳ වනජීවී එකට කතා කරල ඔවුන් එනතුරු බොහෝ වෙලාවක් අනික් සත්තුන්ගෙන් බේරගෙන මුවාව එයාලට භාරදුන්නා. ඉන්පසු සිදුවීම පිළිබඳව විස්තර දැනගන්න ලැබුණේ නැහැ. මේ සිදුවීමෙන් මුවා රැගෙන ගිය පසු මුවා මියගියේ නම් එහිදී අභය දානයක් සිදු වුණා යැයි කියන්න පුලුවන්ද?*** (වටිනා සිදුවීමක් සහ පැහැදිලි කිරීමකි.)
  14. එක් දිනයක උදසනක මම රැකියාවට යන්න මෝටර් රථය ළඟට එනවිට ගේට්ටුව ඉදිරිපිට කුණු වෙච්ච ඉස්සෝ මල්ලක් බල්ලෙක් ගෙනවිත් තිබුනා. එයින් දරාගන්න බැරි ගඳක් ගසන අතර නිල මැස්සන් පිරී තිබුනා.  ඒ අවස්ථාවේ මම එම බැගය වැලක් හාරා ඉක්මනින් ඒ තුල දැමීමට පියවර ගත්තා. නමුත් එක පාරටම මතක් වුනා බැගය ඇතුලේ නිල මැස්සන් සිටින බව සහ ඔවුන්ට පන තිබෙන බව. ඉන්පසු එම වලට පස් නොදා වසන්නේ නැතිවම මම කාර්යාලයට ගියා. හැබැයි කාර්යාලයට යනකම් මගේ හිත මට වද දුන්නා මා අතින් අකුසල් වුනාද කියලා. මගේ සති සම්පජඤ්ඤය තව දියුණු විය යුතු බව මට වැටහෙනවා. මෙම සිදුවීම අහම්බෙන් වෙච්ච සිදුවීමක්.  මේ ගැන පැහැදිලි කර දෙන්න. *** (වටිනා සිදුවීමක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.) 
  15. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.