
අභිධර්මයේ මූලික කරුණු අංක: 02 (චිත්තය) 08-03-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 02 (චිත්තය) – Saturday Dhamma Discussion was conducted via Zoom on 08th March 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මාර්තු මස 08 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් චිත්තය පිළිබඳව අභිධර්මයට අනුව පැහැදිලි කෙරෙන ප්‍රධාන කරුණු සරල ලෙස පැහැදිලි කෙරිණි. මෙහිදී එක සිතක පැවැත්මේ ඉතා කෙටි බව, සිතේ විසිතුරු බව සහ සිතේ බලය පිළිබඳව පැහැදිලි කෙරිණි. එමෙන්ම සිතේ ඇති දුරවබෝධත්වය පිළිබඳව ද පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ දී සිත පිලිබඳ බොහෝ පැන මතු කෙරිණි. ඒ අතර අභිධර්මය ඉගෙනීමේ වටිනාකම පැහැදිලි කෙරෙන සහ එම ඉගෙනීම ප්‍රායෝගික ජීවිතයේ භාවිතයට එකතු කෙරෙන ආකාරය පිලිබඳ ඉතා වටිනා පැන සහ පැහැදිලි කිරීම් ඇතුලත් විය.
පහත ඉදිරිපත් කෙරෙන ධර්ම දේශනා සහ සාකච්ඡාවන් ශ්‍රවණය කිරීමට පළමුව එම යොමුවන් මත click කරන්න. එවිට විවර වෙන අන්තර්ජාල යොමුවේ ඇති ඊතල ලකුණ මත click කිරීමෙන් ශ්‍රවණය කිරීමට පුළුවන. එම දේශනාව හෝ සාකච්ඡාව හෝ බාගත කර ගැනීමට නම් එයට පහලින් කොළ පාටින් ඇති Download සලකුණ මත click කරන්න.
- ධර්ම දේශනාව: අභිධර්මයට අනුව චිත්තය පිලිබඳ මූලික කරුණු පැහැදිලි කරන්න. *** (අභිධර්මයට අනුව සිත පිලිබඳ ප්‍රධාන සහ විශේෂ කරුණු පැහැදිලි කෙරුණු වටිනා ධර්ම දේශනාවකි.)
- ඉතා වේගයෙන් ඇතිවී නැතිවෙන සිතකට සතර සතිපට්ඨානය පුහුණු කිරීම තුලින් ඇතිවී නැතිවෙන රාග සිතක් පසුව ඇතිවෙන සිත් වලින් හඳුනා ගන්නේ කෙසේ ද?*** (සතිය සහ සම්පජඤ්ඤය දියුණු කිරීම තුලින් ඇතිකර ගත හැකි විශ්මය ජනක හැකියාවන් ගැන මෙම වටිනා සාකච්ඡාවෙන් පැහැදිලි කෙරේ.)
- ඇති වී නැතිවෙන සිතක් දැන ගැනීමට යම් දත්ත ගබඩාවක් තිබීම හෝ එක සිතකින් තවත් සිතකට යම් ශේෂයක් හෝ පැමිණීම සිදුවෙනවා ද? *** (මෙය ඉහත අංක 02 ට සම්බන්ධ වෙන අතර සතිය සහ සම්පජඤ්ඤයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නැවතත් පැහැදිලි කෙරෙන පිළිතුරක් වේ.)
- පංචද්වාරික සිත තව දුරට පැහැදිලි කරන්න. ***
- සිත හටගන්නේ ලේ ධාතුව පදනම් කරගෙන ද? අපගේ උප්පත්ති සිත ප්රහාශ්වරයි කියා කියන්නේ මක් නිසා ද? *** (චුති සිත සහ ප්රතිසන්ධි සිත පිලිබඳ වැරදි අදහසක් මෙම පිළිතුරෙන් නිවැරදි කෙරේ. එමෙන්ම පුණ්‍යානුමෝදනා පිළිබඳව උපදේශයක් මෙහි ඇතුලත් වේ.)
- පඨවිය කියන්නේ තද ගතියට ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- සර්වඥතා ඥානයට අවබෝධ වූ ගම්භීර අභිධර්මය, අපගේ පුංචි මොලයෙන් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය, හේතුව කුමක් ද? **** (වර්තමාන බොදු සමාජයේ බොහෝ දෙනෙක් නගන පැනයක් සහ ඒ පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- හදවත් බද්ධ සැත්කමකදී නිර්වින්දනය කරන හෙයින් ඇස,කන, නාසය, දිව, ශරීරය කියන ආයතනයන්ගෙන් අරමුණු නොගැනේ. නමුත් හදවත ඇසුරු කොට ඇතිවන සිත් පරම්පරාව ඇතිවේ. හදවත් ඉවත් කරමින් වෙනත් කෙනෙකුගේ හදවතක් බද්ධ කිරීමේදී සිතේ ක්‍රියාකාරීත්වය කෙසේද? ***
- චිත්තානුපස්සනාවේදි අප අරමුණු කරන්නේ සැම විටම නිරුද්ධ වූ සිත් පරම්පරාව නොවෙද? එනම් ද්වේශ හෝ රාග ආදි සිතක් පහල වෙන බව අප දැනගන්නා සිත. ***
- සුත්‍ර වල සිත ගමන් නොකරන බව පැහැදිලි කරයි. සිත භවංග අවස්ථාවේ හදය වත්තු භුමිය කරගෙන සිටී. චක්ෂු විඥාණයේ සිත පහලවෙන විට එම සිත ගමන් කිරීමක් වේද? ***
- ලෝකය යනු සිතිවිලි පමනක්ද? *** (ඇතැම් අය තුල ඇති දුර්මතයක් නිවැරදි කෙරෙන වටිනා පැහැදිලි කිරීමකි.)
- රහතන් වහන්සේ ඒ මොහොතේ ජීවත් වීම යනු පවතින සිත හඳුනා ගනිමින් ජීවත් වීම ද? **** (වර්ථමාන සමාජයේ සිහිය පිළිබඳව ඇති වැරදි මතයක් නිවැරදි කෙරෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- චුති සිතට නේද කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිති ඇති වී ඒ අනුව ප්රතිසන්ධිය හටගන්නේ? චුති සිතේම ද ගති නිමිති, කර්ම නිමිති, කර්ම හට ගන්නේ? ඒ අනුව ප්‍රති සන්ධිය සිදුවෙනවා ද? *** (වර්ථමානයේ පවතින තවත් වැරදි මතයක් නිවැරදි කෙරෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- රූපයක් දැකීම සම්පූර්ණ වන්නේ අවසන් ජවන් සිතෙන්ද? අප මුලින්ම දකින්නේ වර්ණයක් පමණයි කියන කරුණ පැහැදිලි කරන්න. ***
- ඉතා වේගයෙන් ඉපදෙමින් නැති වෙමින් යන අපගේ සිත දෙස සතියෙන් බැලීමේ දී අපට දැනට දැනෙන තරහා වැනි තත්වයන් දැකීම ප්‍රමාණවත් ද? *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- ප්‍රභාස්වර සිත යනු භවාංග සිතේ ලක්ෂණයක් ද නැතහොත් ඒ එකම තත්වයකට අප භාවිතා කරන නම් දෙකක් ද? භවාංග සිත් අප එකිනෙකාට ආවේකික ද? ***
- සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය ලෙස සලකන්නේ චිතක්ෂණය ඉතා වේගයෙන් ඇති වෙමින් නැතිවෙන නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ ඇතුලත් අධිකාර්ථ යන වචනය පැහැදිලි කරන්න. ***
- අප විසින් සතිය පිහිට විය යුත්තේ චිත්ත වීධියක වොත්තපන අවස්ථාවේ ද? ***
- මරණාසන්න චිත්ත වීධිය සහ ප්රතිසන්ධිය පිලිබඳ මෙම කරුණ පැහැදිලි කරන්න. ***
- ප්රතිසන්ධිය ඇතිකර දෙන්නේ මරණාසන්න දුර්වල ජවන් සිතේ කර්මය විසින් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පබස්සර සිත සහ භවංග සිත පිළිබඳව මා සිතාගෙන සිටින මෙම ආකාරය නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. ගරු ස්වාමීන්වහන්සේ සඳහන් කල අඞ්ගුත්තර නිකායේ, එකක නිපාතයේ, ප්‍රභාස්වර වර්ගයේ ඇතුලත් කෙටි සූත්‍ර දෙකේ ත්‍රිපිටක යොමුවන්ට මෙතනින් පිවිසෙන්න: 1. මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි)… 2. මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින. එය ශ්‍රැතවත්…)
- පබස්සර සිතේ කුසල් තිබීමට බැහැ නොවේ ද?
- අවසානය සහ වැඩසටහන් පිලිබඳ සැලකිය යුතු කරුණු. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.