
දස පාරමිතා අංක: 38 (උපේක්ෂා පාරමිතාව 02) 15-02-2025
දස පාරමිතා අංක: 38 (උපේක්ෂා පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 15th February 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට හයවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 පෙබරවාරි මස 15 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය සහ උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කෙරිණි. මෙහි දී දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා සහ ඛන්තී පාරමිතාවන් දියුණු කිරීමට මෙම උපේක්ෂා පාරමිතාව දායක වෙන ආකාරය සියුම් ලෙස සහ ගැඹුරින් පැහැදිලි කරන ලදී.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී මාතෘකාවට අදාළ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය සහ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කරන්න. *** (උපේක්ෂා පාරමිතාවේ පැතිරුණ බව සහ සියුම් බව පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
- නිවස තුල වෙසෙමින් දහම් මග ප්‍රගුණ කිරීමෙන් ලැබෙන නිදහස් සතුට හා සැනසීම බාහිර ලෝකය තුලින් සතුට ලබාගැනීමේ අවස්ථා සමග ගැටෙන බව උපේක්ෂාව තුලින් සමනය වෙන ආකාරය මෙම ප්‍රයෝගික උදාහරණයට අනුගතව පැහැදිලි කරන්න. *** (උපේක්ෂා පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සහ ගැඹුරු ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව ප්‍රායෝගික ජීවිතයේ ධර්මය ප්‍රගුණ කිරීම තුලින් මතු කළ වටිනා පැනයකි.)
- අපගේ මහ බෝසතාණන් වහන්සේගේ මෙම අතීත උදාහරණ අනුව දන් දීම උපේක්ෂාවෙන් කරන ක්‍රියාවක් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අනුකම්පා බුද්ධියෙන් දෙන දානයන් අනෙක් දානයන් ගෙන් වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න.
- දානය ඇත්තේ අතහැරීම සඳහා යැයි පවතින මතය පිළිබඳව පැහැදිලි කරන්න. *** (වටිනා කාලීන වැදගත් කමක් ඇති පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අනුකම්පා බුද්ධියෙන්, අනුග්‍රහ බුද්ධියෙන් යනාදී දානයේ ප්‍රභේද පැහැදිලි කරන්න. ***
- භාජනයක් හේතුකොට මාගේ සිතේ ඇතිවූ ඇලීම පිළිබඳව ප්‍රඥාවෙන් සිතීමට අවශ්‍ය කරුණු පහදා දෙන්න. *** (වටිනා කාලීන වැදගත් කමක් ඇති පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙහිදී ප්‍රඥාව දියුණු කිරීමට තුඩුදෙන පහන් පූජාවක් ක්‍රමයක් ද පැහැදිලි කෙරේ.)
- මෝහ මූලික නොවන උපේක්ෂාව නිසා අවිද්‍යාව දුරු වෙනවා ද? ***
- විදර්ශනා සිතක දී චිත්ත වීදිය ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙම පිළිතුර ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
- දෙමාපියන් පිළිබඳව සඳහන් වෙන සතර බ්‍රහ්ම විහරණ දුස්සීල දෙමාපියන් හටත් වලංගු වේද? *** (වටිනා කාලීන වැදගත් කමක් ඇති පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- දන් දීමේදී හිඟන පුද්ගලයන්ට දන් දීමෙන් වැඩක් නැහැ ඒ අය නරක දෙයට එය යොදා ගන්නේ කියල කියනව. ඒ වගේ අයට දන් දීම,දීපු දානය නරක් දෙයකට යොදා ගන්නා අයට දන් දීම නුසුදුසු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- යම් දරුවෙක් වයසක රෝගී මවකට දැන් ඡීවත්ව සිටියා ඇති. ඔයා දැන් මරණයට යන්න කියනව නම් එය තදබල අකුසලයක් නේද? ***
- අවසානය සහ ඉදිරි වැඩසටහන් විස්තරය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.