අභිධර්මයේ මූලික කරුණු – 01 (පරමාර්ථ ධර්ම හැදින්වීම) 01-03-2025

අභිධර්මයේ මූලික කරුණු - 01 (පරමාර්ථ ධර්ම හැදින්වීම) 01-03-2025

අභිධර්මයේ මූලික කරුණු – 01 (පරමාර්ථ ධර්ම හැදින්වීම) 01-03-2025

අභිධර්මයේ මූලික කරුණු – 01 (පරමාර්ථ ධර්ම හැදින්වීම) – Saturday Dhamma Discussion was conducted via Zoom on 01st March 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට අටවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මාර්තු මස 01 වන දින සිදුකරන ලදී.

මෙවර අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් අභිධර්මය පිළිබඳව හඳුන්වා දෙන නව දේශනා මාලාවක් ආරම්භ කෙරිණි.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අභිධර්මයේ මූලික කරුණු මොනවාද යන්න පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි. මෙහිදී පරමාර්ථය සහ හීනාර්ථය විස්තර කිරීම තුලින් පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය යන්න කුමක්දැයි මුලින්ම පැහැදිලි කෙරිණි. එමෙන්ම පරමාර්ථ ධර්ම යනු ක්‍රියා සමූහයක් බව රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේගේ “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථය ඇසුරින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී ඇසුණු ඇතැම් පැනයන් තුලින් ඉතා වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: අභිධර්මයේ මූලික කරුණු මොනවාද යන්න පැහැදිලි කරන්න. *** (අභිධර්මයේ මූලික කරුණු පිලිබඳ වටිනා පිවිසුමක් ඇති කෙරෙන වටිනා ධර්ම දේශනාවකි.  මෙම දේශනාවට සමගාමීව අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පරිශීලනය කිරීම වැදගත් වේ.)
  2. ගැඹුරු සමාධි භාවනාවකින් නැගී සිටීමෙන් පසුව අතක් එසවීම තනි ක්‍රියාවක් නොවන බව දෙඇසට පෙනීම පවා පරමාර්ථයක් දැකීම නොවන බව. *** (අපගේ සිත පිරිසිදු, සන්සුන් වූ තත්වයක පැවතියා වුවත් එවැනි අවස්ථාවක අපගේ දෙඇසින් දකින දෙය පරමාර්ථ ලෙස සැලකීම මුලාවක්, මායාවක් වියහැකි බව මෙම ඉතා වටිනා උදාහරණ ව වලින් පැහැදිලි කෙරේ.
  3. පොල් පිලිබඳ උපමාව ප්‍රඥප්ති පිළිබඳව හොඳ උදාහරණයක් නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. ප්‍රඥප්ති යනු ක්‍රියාවන් ලෙස පැහැදිලි කරන්නේ නාම රූප අතර ක්‍රියාවලිය ද? *** (පරමාර්ථ ක්‍රියාවන් ලෙස පැහැදිලි කෙරෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. එක්තරා ස්වාමීන්වහන්සේ නමක් විසින් පරමාර්ථ ධර්ම පිළිබඳව සිදුකල මේ විග්‍රහය නිවැරදි ද? *** (පරමාර්ථ ධර්මයන්ගේ ඉතා සියුම් ක්‍රියා ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.)
  6. පරමාර්ථ ධර්ම වල ශක්තීන් සහ ක්‍රියාව අපට දැනෙන නවීන විද්‍යාවේ ආකාරයට අභිධර්මයේ පැහැදිලි කර තිබේ ද? *** (නවීන විද්‍යාවේ දැක්වෙන කරුණු සහ පංචේන්ද්‍රියන් තුලින් අපට දැනෙන ආකාරයන් අභිධර්මයේ දැක්වෙන කරුණු සමග පටලවා නොගත යුතු බව දැක්වෙන ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  7. අරමුනක ප්‍රඥප්තිය බලන්නේ අනුමාන සිතකින්ද? ***
  8. සුළං ප්‍රවාහයක් ශරීරයක දැවටීම දැනුනු පසු එය වායෝ ගුණය නොව පඨවි ගුණයේ සහ තේජෝ ගුණයේ දැනෙන බව සහ සිරුරේ දහඩිය ගලායාම දැනෙන ගතිය ආපෝ ගුණය නොව පඨවි ගුණයේ සහ තේජෝ ගුණයේ දැනෙන බව ලෙසටත් තේරුම් ගත හැකි ද? ***
  9. අජටාකාශය යනු රූප කලාප නොපවතින තැනක් ද? ***
  10. සක්කායදිට්ඨිය ගැන තේරුම් ගැනීම අපට අපහසු වන්නේ උපන්දා සිට ලෝකයේ ඇති දේවල් හදුනා ගැනීමට සංඥාවෙන් අපේ මොලයට, හිතට කාවද්දා ගෙන අල්ලාගෙන ඇති නිසා නේද?  ඒවගේම පරමාර්ථ ධර්ම ගැන වටහා ගැනීමටත් අපහසු හැටියට දැනෙන්නේ ඒ නිසා ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  11. සිතක් හැදෙන්නේ කොහොමද කියා බුදු දහමේ කිසියම් තැනක සදහන්ව තිබේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. අවසානය සහ වැඩසටහන් විස්තරය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.