
අභිධර්මයේ මූලික කරුණු අංක: 11 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 05) 24-05-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 11 (සබ්බ චිත්ත සාධාරණ චෛතසික 05) – Saturday Dhamma Discussion was conducted via Zoom on 24th May 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මැයි මස 24 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල ඒකග්ගතා චෛතසිකය පැහැදිලි කෙරිණි. එමෙන්ම ඒකාග්‍රතාවය ඇති වූ පමණින් එය යථාර්ථය නොවිය හැකි බව මෙහි දී විශේෂයෙන් පැහැදිලි කෙරිණි. මෙම ඒකග්ගතා චෛතසිකයේ ස්වභාවයත් එය අකුසල මානසික තත්වයන් තුල දී ක්‍රියාත්මක වන ආකාරයත් සහ කුසල මානසික තත්වයන් තුල දී ක්‍රියාත්මක වන ආකාරයත් මෙහි දී හොඳින් පැහැදිලි කෙරිණි.
කුසල සමාධිය යනු කුමක්ද සහ එය ධ්‍යාන දක්වා දියුණු කරන විට එම ඒකග්ගතා චෛතසිකය වෙනස් වෙන ආකාරය මෙහි දී පැහැදිලි කෙරිණි.
- ධර්ම දේශනාව: සබ්බ චිත්ත සාධාරණ චෛතසික වල ඒකග්ගතා චෛතසිකය පැහැදිලි කරන්න. **** (ඒකාග්‍රතාවය, කුසල සහ අකුසල සමාධි පිලිබඳ ඉතා වටිනා දේශනාවකි.)
- අපගේ කුසල චිත්ත ඒකාග්‍රතාවය දුර්වල වූ විට චිතානුපස්සනවෙන් යම් බලවත් ආවේගයක් දුටුවා වුවත් එයින් මිදීමට අපහසු වෙනවා නේද? **** (වටිනා පැනයක්, ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
- චේතනාව සෝමනස්ස සහගත නම් සංඥාව සහ වේදනාවත් සෝමනස්ස සහගත ද?
- අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ චේතනාව පිළිබඳව දක්වා ඇති මෙම කොටස පැහැදිලි කර දෙන්න. ***
- උණු වතුර සින්ක් එකට දමන විට එහි සතුන් ඇති බව මා දන්නේ නැති නම්, මා තුල කිසිම අකුසල සිතක් ඒ අරමුණ ගැන ඇති වෙන්නේ නැති නම් ඒ තුලින් අකුසලයක් වන්නේ කෙසේදැයි පහදා දෙන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. අපගේ එදිනෙදා කටයුතු තුල දී මෝහය මුල් වී ක්‍රියාත්මක වෙන ආකාරයක් ගැන ඉතා වටිනා, විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
- ධ්‍යානය සහ කුසල ඒකග්ගතාවය අතර වෙනස පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කුසල චිත්ත ඒකග්ගතාවය ඇතිකර ගැනීමට අප භාවනාව තුලින් බොහෝ පුහුණු විය යුත්තේ ඇයිදැයි පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මා ආනාපාන සතිය පුහුණු කරන විට සිත නාසිකාග්‍ර නිමිත්තෙන් තත්පර කිහිපයක දී ගිලිහී විසිරී යනවා. එසේ සිදුවන්නේ සිතේ ඒකාග්‍ර බවේ දුබල කමක් නිසා ද නැතහොත් සිතේ උද්ධච්චය නිසා ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාධිය සහ ඒ තුලින් කෙලෙස් ප්‍රහාණය සිදු වෙන ආකාරය පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අවබෝධය සහ ප්‍රතිවේධය අතර වෙනස පැහැදිලි කර දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ඒකග්ගතාවය ගැන අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ පැහැදිලි කරන කොටසේ අවසානයට දැක්වෙන මෙම කරුණ තව දුරටත් පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අප නොදැනුවත්ව යම් දේ අපෙන් සිදු වුවත් ඒ පිළිබඳව ප්‍රවෘත්ති විපාක දීමට පුළුවන යන කරුණට සම්බන්ධව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ගිහි ජීවිතයේ මෙම කරුණට සම්බන්ධයක් තිබේ ද? ***
- දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පටිපදාව ශුෂ්ක විපස්සනා යෝගියාට බොහෝ විට යෙදෙනවා ද? *** (සමථය සමග විපස්සනාව ප්‍රගුණ කිරීමේ ප්‍රයෝජනය පැහැදිලි කෙරෙන වටිනා විවරණයකි.)
- ධ්‍යානයකට පත්වීමේ දී යෝගියාට සිටිනා වූ මානසික තලයෙන් එක පාරටම වෙනත් තලයකට පිවිසීම දැනීම සමාධියක් සහ ධ්‍යානයක් අතර ඇති වෙනස තේරුම් ගැනීමට තවත් මිනුමක් වෙනවා නොවේ ද? **** (වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි. එම වෙනස් වීම දැනීම ධ්‍යානයකට පත්වෙන සෑම යෝගාවචරකටම සාධාරණ නොවන බව පැහැදිලි කෙරිණි.)
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.