අභිධර්මයේ මූලික කරුණු අංක: 07 (චෛතසික ප්‍රභේද) 26-04-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 07 (චෛතසික ප්‍රභේද) 26-04-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 07 (චෛතසික ප්‍රභේද) 26-04-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 07 (චෛතසික ප්‍රභේද) – Saturday Dhamma Discussion was conducted via Zoom on 26th April 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 අප්‍රේල් මස 26 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් චෛතසික ප්‍රභේද පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි. මෙහි දී චෛතසික ප්‍රභේදයන් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ඵස්සය පිළිබඳව පැහැදිලි කෙරිණි.

එසේම මෙය “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට අනුව අභිධර්මය ඉගෙනීමේ අත්තිවාරම ලෙස සැලකෙන කරුණු පැහැදිලි කෙරෙන ඉතා වටිනා දහම් කොටසකි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා පැන මතු කෙරුණු අතර ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: චෛතසික ප්‍රභේද සහ ඵස්සය පිළිබඳව පැහැදිලි කරන්න. *** (අභිධර්මය ඉගෙනීමේ අත්තිවාරම ලෙස සැලකෙන කරුණු පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
    “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයේ මෙම වටිනා මාතෘකාව ඇතුලත් කොටසට මෙතනින් පිවිසෙන්න.
  2. ස්පර්ශයේ නැතහොත් ඵස්සය අභිධර්මයට අනුව විශ්මිත දෙයක් නොවේ ද? ***
  3. ඵස්ස චෛතසිකය භවංග සිත ආශ්‍රිතවත් ඇති වෙනවා ද? ***
  4. චිත්ත වීථියක සබ්බ චිත්ත සාධාරණ චෛතසික වලට අමතරව බොහෝ චෛතසික ඇති වෙනවා නොවේ ද?
  5. රූපයක පැවැත්මට කර්ම, චිත්ත, ඉර්තු සහ ආහාර බලපාන ආකාරය පැහැදිලි කරන්න. *** 
  6. අභිධර්මයේ මෙම පැහැදිලි කිරීම අනුව සත්ව පුද්ගල භාවයක් නැති බව තේරුම් ගනිමින් විදර්ශනා කළහැකි නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. නිරන්තරයෙන්ම චිත්තජ රූප හටගනිමින් පවතිනවාද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. මම කියා දෙයක්, පද්ධතියක් නැති නිසා කර්ම එකට බැඳි තියෙන්නේ කෙසේද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. අප වයසට යන විට ඇතිවෙන රූප කොට්ඨාශ දුර්වල වෙනවා ද?
  10. සතර මහා ධාතු හටගෙන නැසෙනවා නම් උදාහරණයක් ලෙස ඇවිදීම සිදුවන විට අදාල දිශාවටම ඒ රූප කලාපය හටගන්නේ චේතනාව යෙදෙන නිසාද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. හේතුඵල දහම අනුව සිතෙහි හටගන්නා කුසල් අකුසල් සිතුවිලිම ද සංසාරයේ ගමන් කරන්නේ?  කර්මය අනුව ශරීරය වෙනස් වනවා අසා තිබෙනවා. සිතිවිලි පිරිසිදු බවින්ම නිවන අවබෝධ වෙනවාද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  12. අප නිදාගත් විට අපේ පාලනයෙන් අප ගිලිහී ඇතිබව තේරුනත් එය නිවන් දැකීමට හේතු නොවන්නේ ඇයි? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  13. ද්‍රව්‍යමය දෙයක් නොවන සිතෙන් ද්‍රව්‍යමය දෙයක් චලනය කරන්නේ කෙසේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  14. අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම පිළිබඳව මා තේරුම් ගත් ආකාරය නිවැරදි ද? ***(ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  15. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.