
අභිධර්මයේ මූලික කරුණු අංක: 05 (භවාංග, චුති සහ ජවන චිත්තය) 29-03-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 05 (භවාංග, චුති සහ ජවන චිත්තය) – Saturday Dhamma Discussion was conducted via Zoom on 29th March 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මාර්තු මස 29 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් භවාංග, චුති සහ ජවන චිත්ත පැහැදිලි කෙරිණි. මෙහිදී පෙර සතියේ මාතෘකාවේ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කෙරුණු පසුව ජවන චිත්තය පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගතවූ බොහෝ වටිනා පැන මතු කෙරිණි. ඒවා තුලින් මෙම දේශනාවට සම්බන්ධ වෙනත් බොහෝ කරුණු පැහැදිලි කෙරිණි.
- ධර්ම දේශනාව: භවාංග, චුති සහ ජවන චිත්ත පැහැදිලි කරන්න. *** (පෙර සතියේ මාතෘකාවේ වැඩිදුර පැහැදිලි කිරීමක් සහ ජවන චිත්තය පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
- කිරීමට ඇති පුණ්‍ය කටයුත්තක් පිළිබඳව සිත පිරී ගිය අයෙකු අනෙක් අය යටපත් කරමින් එම මූලික යයි තමාට සිතෙන කාරණය කිරීමෙන් අකුසල ජවන් සිත් ඇති වෙනවා නොවේ ද? *** (වටිනා ප්‍රායෝගික පැනයක්, සාකච්ඡාවක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- රූප ලෝකයක හෝ අරූප ලෝකයක ප්‍රතිසන්ධිය ගැනීම හැමවිටම සිදුවන්නේ කාමාවචර විපාක සිතකින් ද? ***
- නින්දේ දී සිහිනයක් දකින විට එය සිහිනයක් බව දැන ගන්නේ කෙසේද? *** (සතිය දියුණු කිරීමේ වටිනා ප්‍රතිඵලයක් මෙහිදී පැහැදිලි කෙරේ.)
- රහතන් වහන්සේලාට සම්බන්ධ චරිමක චිත්තය පහදා දෙන්න. ***
- මනෝද්වාරික සිත් ප්‍රභලත්වයෙන් වැඩි ද? ***
- සිත නැති බඹලොව ඉපදුනු විට ඒ කාලයේදී සිතට වන්නේ කුමක් ද? ***
- සූත්‍ර පිටකයේ ඇතැම් සූත්‍ර අනුව බුදුරජාණන් වහන්සේගේ සිත එයට වඩා බොහෝ පහලින් සිටි ඇතැම් සත්වයන් දැක ගත්තේ කෙසේද? ***
- ඇතැම් සතුන්ගේ කොටසක් කැපී වෙන් වූ විට එම කැපුණු කොටස චලනය වන්නේ විඥානයේ හේතුවෙන් ද? ***
- අප අතක් ඔසවන විට එය අභිධර්මය ඇසුරෙන් පැහැදිලි කරන්න. *** (සති සම්පජඤ්ඤයට සම්බන්ධ වටිනා පැහැදිලි කිරීමකි.)
- චිත්ත වීථියේ කර්මය අපට පාලනය කිරීමට පුළුවන් වෙන තැන කුමක් ද? *** (සති සම්පජඤ්ඤයට සම්බන්ධ වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- රුවන්වැලිසෑය ළඟ දින හතරක් පර්යංක, සක්මන් භාවනා කර නිවසට පැමිණි විට රුවන්වැලිසෑය පෙනීමට පටන් ගැනීම අතීත ආරම්මණයන් ගැනීමට නැතහොත් ඒ වෙලාවේම රුවන්වැලිසෑය ස්පර්ශ වීමක් ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මරණාසන්න මොහොතේ ධ්‍යාන නොපිරිහී ඇතිවිට පංච නීවරණ ධර්මයන් යටපත් වී තියෙනවා නොවේ ද? ***
- යෝනිසෝමනසිකාරය ඇත්තේ සිත වැඩු උතුමන්ට යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ***
- රහතන් වහන්සේලාට ඇතිවෙන ජවන් සිත් වල අනාගත විපාක ඇති නොවී ඒවා ක්‍රියා සිත් බවට පත් වන්නේ රහතන් වහන්සේට නැවත උත්පත්තියක් නැති නිසා ද?
- කසින භාවනාවේදී අජීවී සංඥාවක් අරමුණ ලෙස ගෙන දියුණු කළ හැකි වුවත්, මෛත්‍රී අරමුණ දියුණු කළ හැක්කේ ජීවී වස්තුවක් අරමුණු කර පමණක් කියන කාරණාව නේද දේශනාවේ දී දේශණා වුණේ? ***
- සංස්කාර වශයෙන් හැම හිතක්ම ගත නොහැකි ද? සංස්කාර අර්ථය යෙදෙන අවස්ථා අනුව පහදා දෙන්න. ***
- සමහර දෙවියන්, බ්‍රහ්මයන් හෝ රාක්ෂයන් තවත් කෙනෙක් ගෙ සිත කොහොමද වෙනස් කරන්නේ? (උදාහරණ: මාතුපොසක ජාතක කතාවේදී එක් බ්‍රහ්මයෙක් මව් තුමියගෙ සිතට පුතා බුදු වේවා යයි සිතන්න චීත්ත වේගයක් ඇතුල් කිරීම, දුසි මාරයා දරුවෙක්ට ආවේශ වී රහතන් වහන්සේ කෙනෙක්ට ගලකින් ගැසීම, දාරුචීරිය රහතන් වහන්සේට සහ පුක්කුසාති ස්වාමින් වහන්සේලාට ගොනෙක් රාක්ෂයෙක් ආවේශ වී ඇනීම) *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මැරුනාම අපේ ශරීරයෙන් පිටතට යන සිතට බාහිර ලෝකේ අයව පේනවා ද? මස් ඇසක් නැතිව එය පෙනේනේ කෙසේද? ***
- කවදාවත් රුවන්වැලිසැය නොදුටු කෙනකුට රුවන්වැලිසැයේ මනෝද්වාරික චිත්තවීථියක් පහල කරගත හැකි ද? ***
- රූපය ස්ථිතියෙ දී විපරිනාම නොවන බව පසුගිය දා ගිනි ගත් කොලයක උපමාවෙන් පැහැදිලි කලා. එවිට අවස්ථා හතරක් සඳහන් කරන්නට වෙන බවත් දැක්වුවා. නමුත් ‘සංඛත ලක්ඛන’ සුත්‍රයෙ රූපය ස්තිතියේ වැය වෙමින් පවතින බව තිබෙ. පහදා දෙන්න. ***
- ඔබ වහන්සේ සතිය අර්ථ ගන්වන්නේ කෙසේ ද?
- පව, පින, ධ්‍යාන සහ කර්ම සියල්ල අකුසල ලෙසින් හැදින් විය හැකි ද?
- දෙවියන්ගේ මරණාසන්න චිත්ත වීථිය ද මේ අයුරුමද?
- මගේ දුව පිලිකාවක් හැදිලා මරණාසන්න උනා. එයාට මොකුත් කර ගන්න බෑ කොහේද ඇදිල යනවා කීවා. ඒ එක්කම සිහි නැති වෙලා මාව එතනින් අයින් කරා. ඒ වාට්ටු වේ දොර ලගයි මම හිටියේ. දුවට ආයේ සිහිය ආවාට පසුව ඇය කීවා කොහේද වලාකුළු වලින් පිරිලා තියෙන සුදු පාට බිත්ති යක් වගේ දුරකට ඇදිල වේගෙන් උඩට යන කොට අම්මා මතක් වෙලා ආපහු බැලුවා එතකොට අම්මා වාට්ටු වේ දොර ලග හිටියේ දුක හිතිලා ආයේ ආවා කීවා. එතකොට ඒ දුවට සිහි නැති වෙන කොට එයා දැක්කේ නෑ මං හිටියේ කොතනක ද කියලා. සිහිය ආවාමයි කීවේ එහෙම දොර ලග අම්මා හිටිය කියලා. ඒ කියන්නේ ශරීරය එක්ක සම්බන්ධ ව තිබුනද ඒ සිත? පහුවදා පාන්දර දුව නැති උනා. පහුවදා පණ යනවිට ඉතා හොඳ සිහියෙන් දරුවා මිය ගියේ ද? ***
- මුගලන් රහතන්වහන්සේ එක සිටුවරයෙක් දමනය කර එකම පැණි කැවුම් ටිකකින් මුළු නගරයටම ඒවා අවසන් නොවී බෙදුවේ කෙසේ ද?
- අවසානය සහ ඉදිරි වැඩසටහන් විස්තරය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.