
අභිධර්මයේ මූලික කරුණු අංක: 36 (අප්‍රමාණ්‍ය චෛතසික) 27-12-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 36 (අප්‍රමාණ්‍ය චෛතසික) Saturday Dhamma Discussion was conducted via Zoom on 27th December 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 දෙසැම්බර් මස 27 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් අප්‍රමාණ්‍ය චෛතසික වල කරුණාව සහ මුදිතාව ඉතා වටිනා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි. මෙම දේශනාවේ විශේෂය වන්නේ අප කරුණාව සහ මුදිතව ලෙස බොහෝ විට වංචක ධර්ම වලට හසුවෙන ආකාරය පැහැදිලි කෙරෙන නිසාවෙනි.
ගරු ස්වාමින්වහන්සේ ඔස්ට්‍රලියාවේ සහ නවසීලන්තයේ ධර්ම චාරිකාවක ඉදිරියේ දී නිරත වෙන බැවින් වර්ෂ 2026 පෙබරවාරි 20 පමණ වෙන තුරු මීළඟ ධර්ම සාකච්ඡා සිදුකිරීමේ අපහසුතා ඇතිවිය හැකි බව දැනුම් දෙන ලද සේක.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: අප්‍රමාණ්‍ය චෛතසික වල කරුණාව සහ මුදිතාව පිළිබඳව පැහැදිලි කරන්න. **** (කරුණාව සහ මුදිතාව හඳුනා ගැනීම සහ දියුණු කරගැනීම පිලිබඳ ඉතා වටිනා දේශනාවකි.)
- අපට කරුණාව සහ මුදිතාව අප්‍රමාන ලෙස දියුණු කර ගැනීමට සක්කාය දිට්ටියේ යම් දුබල කමක් තිබීමත් ප්‍රඥාවේ දියුණු බවක් තිබීමත් වැදගත් වෙනවා නොවේ ද? **** (වටිනා පැනයක්, පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
- කුසලයක් නම් අනිවාර්යයෙන් අමෝහය නැතිනම් ප්‍රඥාව එයට සම්බන්ධ විය යුතු ද?
- ප්‍රඥාව නැතිව ඇතිවෙන කරුණාව හානිදායක එකක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- බ්‍රහ්මවිහරණ යනුවෙන් කරුණාව සහ මුදිතාව වර්ග කර පැහැදිලි කිරීම සිදුවී ඇත්තේ හින්දු ආගමේ යම් ආභාෂයක් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ශ්‍රද්ධාව වේදනානු ස්ඛන්ධයට සම්බන්ධ වේද?
- සක්කාය දිට්ටිය අඩුවන විට කරුණාව සහ මුදිතාව වර්ධනය වෙනවා ද? සක්කාය ස්නේහය පිළිබඳව මේ කරුණ පැහැදිලි කරන්න. ***
- සතර බ්‍රහ්මවිහරණයන් සතර ආහාර වලට සම්බන්ධ වේද?
- විපාක සිත් වල වැඩ කරන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික පමණ ද?
- ධර්ම යාත්‍රා සංසදයට සහ සෙනසුරාදා zoom හරහා සිදු කෙරෙන සජීවී ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන්නේ කෙසේ ද?
- දරුවන් හෝ යම් සමීපතයකු දැකීමේදී හෝ ඔවුන්ට යහපතක් වූ අවස්ථාවන් වැනි තැනක දී හට ගන්නා, අප සතුටු කදුළු ලෙස හදුන්වන අවස්ථාවල දී ඇතිවන හැගීම් අයත් වන්නේද ද්වේෂයටද? නැතිනම් කරුණාව, සෙනෙහස වැනි අවස්ථාවක් ද? ***
- සිතෙහි ඇතිවන චෛතසිකයන් ලෝභ, ද්වේශ , මෝහ යන තුන් කොටසට අයිති වීම තීරණය වන්නේ කුමන අවස්තාවේදී ද?
- මනෝ ධාතුව හා මනෝ විඤ්ඤාණ ධාතුව අතර වෙනස පැහැදිලි කරන්න.
- පංචස්ඛන්ධය ගැන සඳහන් කිරීමෙදි “ස්කන්ධ” යනුවෙන් කියන්නේ කුමක්ද?
- එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අපවත් වීමට ආසන්නයේ දී ඔහුට අපවත් විය නොහැකිව සිටියේ මැෂින් වලට සම්බන්ධ කර තිබූ නිසයි. එවේලේ පැමිණි දොස්තර කෙනෙක් ස්වාමීන් වහන්සේ භාරව සිටි දොස්තරට පැවැසුවේ මේ ස්වාමීන් වහන්සේට මේක දුකක් මේ මැෂින් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා. එම දොස්තර මහතා, නර්ස් කෙනෙකුට කියලා ඇය එවෙලේම පැමිණ ඉතා අපහසුතාවට පත්ව එම මැෂින් හා ඔක්ෂිජන් ඉවත් කළා. ස්වාමීන් වහන්සේ එක පැත්තකට හැරී වැඳගෙන අපවත් වුනා. උන්වහන්සේ, මාර්ගඵල ලාභී නම් අකුසල් සිද්ධ වෙනවා ද?, ඉතා අසීරුවට පත් එම නර්ස්ට අකුසල් ඇතිවෙනවා ද? මේ අය කාගේවත් මර්ණ චේතනාවක් නැත.
- ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන්නේ බෞද්ධයන්ට පමණ ද? ***
- අපි කුඩා කාලේ, අවුරුදු හය, හත වගේ කාලේ අපි සිංහල අවුරුද්දට පන්සල් යනවා. ඒ ස්වාමින් වහන්සේ අපේ ඥාති කෙනෙක්. අපිට තුවායක්, බෙඩ් ශීට් වගේ දෙයක් දෙනවා තෑගි කියලා ආවට. අපිත් සන්තෝසයෙන් ගන්නවා. නමුත් දැන් ධර්මය ඉගෙනගන්න කොට පන්සල් දේවල්, සංඝ රතනයට පුජා කරපු දේ ගන්න හොද නෑ කියලා කියනවා. දැන් නම් එහෙම දේවල් ගන්නේ නෑ. මේ පිළිබද ධර්මනුකුලව උපදෙස් දෙන්න. යම් අකුසලයක් වෙලා නම් එයින් මිදීමට කුමක් කල යුතු ද? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
- මෛත්‍රී භාවනාව වැඩීමේදී සියලු සත්වයෝ නිදුක් වෙත්වා ලෙස භාවනා වැඩීමෙන්, එය වඩන පුද්ගලයාගේ සක්කාය දිට්ඨියට කවර ආකාරයේ බලපෑමක් සිදුවේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- චිත්තානුපස්සනා භාවනාවේදී මෛත්‍රියක් ඇති වූ විට කළ යුත්තේ එයට මැදිහත් නොවී එම සිතුවිල්ල දෙස බලා සිටීමද නැතහොත් මෛත්‍රිය තව වර්ධනය කර ගැනීම ද? එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය බැලිම එනම් හටගෙන නැතිවන හටගෙන නැතිවන ආකාරය දෙස බැලිය යුතුද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- විද්‍යාඥයන් වෙනස් කරන බීජ නියාම විස්තර කරන්න. ***
- සෑම සිතුවිල්ලකම සිදුවන්නේ එය උපාදානය කළහොත් භවය නිර්මාණය වීම ද එනම් නැවත නැවතත් දුක්ඛිත සසරේ ඉපදී දුක් විඳීමට ද සිදුවන්නේ. මෙයින් මිදිය හැකි වන්නේ සති සම්පජඤ්ඤයෙන් සිටීමෙන් එනම් විදර්ශනා කිරීමෙන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- බොරු කීමෙන් වැලකීමට සම්‍යක් ප්‍රයෝග භාවිතා කල හැකි ද? වැඩට නොගිය දවස්වලට වැඩ කරනවාදැයි කෙනෙක් ඇසූ විට ඇත්ත කීමෙන් ගැටලු ඇතිවන නිසා පවසන්නේ වැඩට යනවා කියා නමුත් සිතින් සිතන්නේ ගෙදර වුවද වැඩ කිරීමට ඇති නිසා එම වැඩ කිරීමට (උදාහරණයක් ලෙස බඩු ගැනීමට ෆුඩ් සිටි යනවා) කියාය. මේ සම්‍යක් ප්‍රයෝගයක් නොවේ ද? තවදුරටත් පහදා දෙන්න. ***(වටිනා පැහැදිලි කිරීමකි.)
- වීර්ය වැඩි කර ගතයුතු අයුරු පහදන්න. ***
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.