අභිධර්මයේ මූලික කරුණු අංක: 31 (සෝභන චෛතසික 05) 15-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 31 (සෝභන චෛතසික 05) 15-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 31 (සෝභන චෛතසික 05) 15-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 31 (සෝභන චෛතසික 05) Saturday Dhamma Discussion  was conducted via Zoom on 15th November 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූඅට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 නොවැම්බර් මස 15 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල අමෝහය හෙවත් ප්‍රඥාව පිළිබඳව තව දුරටත් පැහැදිලි කෙරිණි.  මෙම අමෝහ චෛතසිකය සිත පිරිසිදු කරගනිමින් නිවන් දැකීමට උදව් වෙන ප්‍රධානතම චෛතසිකය බව පැහැදිලි කෙරිණි.

එමෙන්ම අමෝහය හෙවත් ප්‍රඥාව හේතු කොට අදෝස සහ අමෝහ දුබල වෙමින් නැතිවෙන ආකාරයත්, ඒ අයුරින් මග දියුණු කරන විට අප ජීවිතයේ ඇතිවෙන කායික සහ මානසික වෙනස්කම් පිළිබඳවත් ධර්ම දේශනාවේ දී විවර කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සෝභන චෛතසික වල අමෝහය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න. **** (අමෝහය හෙවත් ප්‍රඥාව පිලිබඳ ඉතා වටිනා ප්‍රායෝගික දේශනාවකි.)
  2. එදිනෙදා නිවසේ ඇති වැඩ කිරීමේදී සිතට ඇතිවෙන අසහනය, අකමැත්ත නැතිව දැන් සැහැල්ලුවෙන් කිරීමට හැකි වේ.  එය ද්වේශයේ අඩුකම ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. ප්‍රඥාවේ බලය වන අමෝහය නිසා අලෝභ, අදෝස සිත් දියුණු වෙන විට මා හට අකුසල කර්මයක් ක්‍රියාත්මක වෙන විට පවා ඒ පිලිබඳ කම්පාව, දුක අඩුවීමට පටන් ගෙන ඇත.  ඒ තුලින් දුක නැති කිරීමේ මගක් පැහැදිලි වීමට පටන්ගෙන ඇත. **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.  මේ පුහුණුව සෝවාන් බව සාක්‍ෂාත් කර ගැනීම දක්වා යා හැකි බව ද මෙහි දී පැහැදිලි කෙරේ.)
  4. අත්ථසාලිනී අටුවාවේ දක්වා ඇති පරිදි සතර සතිපට්ඨානය අලෝභ, අද්වේශ, අමෝහ වලට සම්බන්ධ වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. බුදුදහම පරම සත්‍ය ලෙස සලකන ආකාරයටම වෙනත් ආගම් එම ආගම් ගැන සලකන එවැනිම මතයන් ගෙන් වෙනස් කර අප දැක ගන්නේ කෙලෙස ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ලෞකික සහ ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ග වල දී අමෝහය කෙසේ බලපායි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. සක්මන් භාවනාව විදර්ශනා කරන ආකාරය පහදා දෙන්න. ***
  8. අටලෝ දහමින් කම්පාවන ආකාරය දනිමි.  එය තවදුරටත් විදර්ශනාත්මකව පහදා දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. සමහර අවස්ථාවල දී ඉන්ද්‍රියන්ට අලසකමක් දැනේ. එය ඉන්ද්‍රියන්ගේ යථා ස්වභාවයද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. දිට්ඨෙ දිට්ඨ මන්තං යන්න වඩාත් පැහැදිලි වන්නේ එය තුළින් අපි අනිත්‍ය දකින නිසාද? එනම් එක පාරක් දැක්ක රූපය තව පාරක් නොදැකිය හැකි වන්නේ අනිත්‍ය නිසා නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. විඤ්ඤතේ විඤ්ඤාත මත්තං ද යනු එක පාරක් හිතපු දෙය පිළිබඳව තව දුරටත් වැඩිය හිතන්න එපා කියන දේ ද?  එනම් වැඩි කල්පනාව හොඳ නෑ කියන එකද? ***
  12. පඨවි ධාතුව කියලා සැබැවින්ම දෙයක් තිබේද? උදාහරණයක් වශයෙන් සැබැවින්ම මිරිගු දිය කියලා සැබෑ දෙයක් නෑනේ. නමුත් අපි මිරිගුව කියලා හදුනාගැනීමක් තියෙනවා නේ. ඒත් එතන මිරිගු ස්භාවයක් නේ ඇති දේකුත් නෙවේ, නැති දේකුත් නෙවේ. නිකම් ස්භාවයක් පමණයි නේ. පඨවී ආදී ධාතු ගැනත් එහෙම කියන්න පුලුවන්ද? ***
  13. භාවනාව සහ ශිලය දැන් දැන් මෙලෝව දීම ප්‍රතිඵල ගේන දෙයක් බව තේරුම් ගන්න පුළුවන්.  නමුත් දානයක් දුන් විට, මල් පුජා කිරීම, පහන් පත්තු කිරීම ආදී පුණ්‍ය කටයුතු වලයන්හි ප්‍රතිපලයක් මෙලොවදීම, දැන් දැන් ප්‍රතිපල ගෙන දේවි ද යන්න හදුනා ගත හැකිද? ***
  14. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඕලාරික බව කියන්නේ ගොරෝසු බව ද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් එදිනෙදා ජීවිතයට අප එකතු කරගත යුත්තේ කුමක් ද?
  15. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.