අභිධර්මයේ මූලික කරුණු අංක: 04 (සිතේ ප්‍රභේද) 22-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 04 (සිතේ ප්‍රභේද) 22-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 04 (සිතේ ප්‍රභේද) 22-03-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 04 (සිතේ ප්‍රභේද) – Saturday Dhamma Discussion was conducted via Zoom on 22nd March 2025 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැත්තෑ එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 මාර්තු මස 22 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අභිධර්මයට අනුව සිතේ ප්‍රභේද පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි.  ඒ තුලින් භවාංග චිත්තය යනු කුමක් ද සහ එහි ස්වභාවය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගතව බොහෝ වටිනා පැන මතු කෙරිණි.  ඒවා තුලින් මෙම දේශනාවට සම්බන්ධ වෙනත් බොහෝ කරුණු පැහැදිලි කෙරිණි.


පහත ඉදිරිපත් කෙරෙන ධර්ම දේශනා සහ සාකච්ඡාවන් ශ්‍රවණය කිරීමට පළමුව එම යොමුවන් මත click කරන්න.  එවිට විවර වෙන අන්තර්ජාල යොමුවේ ඇති ඊතල ලකුණ මත click කිරීමෙන් ශ්‍රවණය කිරීමට පුළුවන.  එම දේශනාව හෝ සාකච්ඡාව හෝ පරිගණකයෙන් බාගත කර ගැනීමට නම් එයට පහලින් කොළ පාටින් ඇති Download සලකුණ මත click කරන්න.  එය Smart Phone එකකින් බාගත කර ගැනීමට නම් එයට පහලින් දකුණු පසින් ඇති ඊතලය මත click කරන්න.


  1. ධර්ම දේශනාව: අභිධර්මයට අනුව භවාංග චිත්තය පැහැදිලි කරන්න.*** (භවාංග චිත්තය පිළිබඳව මනා වැටහීමක් ඇති කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
  2. සාමාන්‍ය ජීවිතයේ දී විදර්ශනාව හොඳින් ප්‍රගුණ කරන අයකුගේ මරණයේ දී ඇතිවෙන ප්‍රතිසන්ධිය කෙබඳු විය හැකි ද? *** (විදර්ශනාව තුලින් දියුණු වෙන මනසේ ස්වභාවයත් එය භවාංග සිතට ඇති කරන යහපත් බලපෑමත් මෙහිදී පැහැදිලි කෙරේ.
  3. ධ්‍යාන අත්වින්ද අයෙක් පසුකාලීනව එය ඕනෑකමින්ම වර්ධනය නොකලත් ධ්‍යානයෙන් පසුව ඇතිවූ ඉතා පිරිසිදු චිත්ත තත්වය මරණයේ දී සිහි වුවත් ඒ තැනැත්තා බ්‍රහ්ම උපතකට යන්නේ නැහැ නොවේ ද? ***
  4. අනිමිත්ත සමාධිය කුමක් ද? ඇතැම් භාවනා යෝගීන් විසින් භවාංග තත්වය සමාධියක් ලෙස වරදවා ගැනීමත් සහ එම තත්වය අනිමිත්ත සමාධිය ලෙසට වරදවා ගැනීමත් පැහැදිලි කරන්න. *** (කාලීන පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.
  5. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත එකම චිත්ත වීථියක ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.) 
  6. අහේතුක උපතක් ලබන කෙනෙකුගේ භවාංග චිත්තය ප්‍රභාශ්වර විය හැකි ද?
  7. හොඳින් ප්‍රභාශ්වර වූ සිතක් ඇති වූ අයත් රහත් වීමට අවුරුදු 07 ක් සම්පුර්ණ විය යුත්තේ කුමක් නිසාද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව තව දුරට පැහැදිලි කරන්න. ***
  9. ශරීරයේ ඇතැම් ක්‍රියා ඉබේ සිදුවීමට භවාංග සිතේ සම්බන්ධයක් තිබේ ද? ***
  10. වයස අවුරුදු හත හා සම්බන්ධ මනුෂ්‍ය මොලය පිළිබඳව මෙම කරුණු නවීන විද්‍යාවේ සඳහන් වේ. *** (මෙය ඉහත අංක 07 ට සම්බන්ධ වේ.)
  11. පෙර දුටු රුවන්වැලිසැය මතක් වීම සදහා තැන්පත් වී ඇත්තේ සිතේ කොහේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. භවාංගයෙන් අප අළුත් දේවල් අරමුණු කරන්නේ, ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. *** 
  13. මරණාසන්න චිත්ත වීථියෙන් පසු සිත පහල වන්නේ අළුත් ශරීරයක ද සහ ඒ අවස්ථාව පටිච්චසමුප්පාදයේ කිනම් අවස්ථාවක් ද? ***
  14. වර්ණ රූපය චක්ෂු ප්‍රසාදයේ ගැටුන විට චක්කු විඥානය පහල වේ.  මෙහි වර්ණ රූපය නමින් හඳුන්වන දේ ගැන පැහැදිලි කර දෙන්න.  එහි හැඩතලයක්, පාටක් තිබේ ද?  විශාල රූප ලොකු විදියටත් පොඩි රූප කුඩා ආකාරයටත් පහල වේද? 
  15. අභිධර්ම මාර්ගය පිටු එකසිය අසූවේ ඇති මෙම කොටස පැහැදිලි කරන්න. “චුති චිත්තයෙන් සතළොස්වන චිත්තයාගේ උත්පාදක්ෂණයෙන් පසු මැරෙන තැනැත්තාගේ සිරුරෙහි කර්මජ රූප නූපදනා බැවින්”. ***
  16. පඤ්චද්වාරික චිත්ත වීථි සහ මනෝද්වාරික චිත්ත වීථි වලින් කෙරෙන්නේ මොකක් ද සහ ඒ සිත් දෙකේ වෙනස කුමක් ද? ***
  17. කෙනෙකුගේ ගතිපැවතුම් වලට භවාංග සිත බලපානවා ද? ***(වටිනා පැහැදිලි කිරීමකි.)
  18. අතීතයේ විඳි රසයක් මතක් කිරීමේ දී භවාංග සිතේ සම්බන්ධයක් තිබේ ද? ***
  19. භවංග සිත ක්‍රියාත්මක වෙන තද නින්දේ දී මියගිය විට ප්‍රතිසංධිය ඇති වන්නේ කුමන කර්මයක් පාදක කොටගෙන ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  20. අවසානය සහ වැඩසටහන් විස්තරය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.