අභිධර්මයේ මූලික කරුණු අංක: 30 (සෝභන චෛතසික 04) 08-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 30 (සෝභන චෛතසික 04) 08-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 30 (සෝභන චෛතසික 04) 08-11-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 30 (සෝභන චෛතසික 04) Saturday Dhamma Discussion  was conducted via Zoom on 08th November 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූ හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 නොවැම්බර් මස 08 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල අමෝහය ඉතා වටිනා සහ ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි.  මෙම අමෝහ චෛතසිකය පිලිබඳ තවත් කරුණු ඊළඟ සතියේ දී පැහැදිලි කෙරෙනු ඇත.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුනු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: සෝභන චෛතසික වල අමෝහය පිළිබඳව පැහැදිලි කරන්න. **** (අමෝහය හෙවත් ප්‍රඥාව පිළිබඳව ඉතා වටිනා දේශනාවකි.)
  2. මගේ ප්‍රායෝගික අත්දැකීමකට අනුව අමෝහය තුලින් අදෝසය සහ අලෝභය ඇතිකර ගත හැකි බව තේරුම් ගියා.  ඒ පිළිබඳව වැඩි දුරට පහදා දෙන්න. **** (අමෝහයේ බලවත්කම පැහැදිලි කෙරෙන ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. ලෝභය, ද්වේශය සහ මෝහයට ප්‍රතිපක්‍ෂ ධර්ම පැහැදිලි කිරීමේ දී මුලට අයන්නක් යොදා ගන්නේ ඇයි? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. මහා බෝධිසත්වයන් වහන්සේලා සත්‍ය සොයන විට ඇලීමෙන් තොරව එම කාර්යයේ යෙදෙන ස්වභාවය විශේෂ පාරමිතා පුහුණුවක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. බුදු දහමෙන් පරිබාහිර වෙනත් ආගමක කෙනෙකුට අමෝහය ප්‍රමාණය අඩු වෙන බව නිශ්චිත ලෙස කියන්නේ කෙසේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. යමෙක් යහමග යොමු කරවීම සාර්ථක නොවන විට අප තුල ඇතිවෙන ගැටීම වලක්වා ගැනීමට එවන් යහමගට යොමුකර වීම් නොකර සිටීම එක් විකල්පයකි. එවන් අවස්ථා පිළිබඳව අප කෙසේ ක්‍රියා කල යුතු ද? **** (ඉතා වටිනා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
  7. ප්‍රඥාව සහ අමෝහය අතර වෙනසක් තිබේ ද? ***
  8. විතක්ක සණ්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන ක්‍රමයන් සමථය සහ විදර්ශනාව යන දෙයාකාරයන්ටම අයත් වෙනවා ද? ***
  9. ප්‍රඥාව දියුණු කරන ක්‍රමවේදයේ දී සංකල්පීය රාගය පිළිබඳව පැහැදිලි කර දෙන්න. *** 
  10. මෛත්‍රිය තුලින් ද්වේශයෙන් අගතියට යාම වලක්වාලීම සිදු වෙන ආකාරයට මේ මේ කරුණු හේතුවෙන් අප අගතියට යාම වලක්වාලීම සිදු වෙනවා ද?
  11. තමාගේ රූපයට ඇති කැමැත්ත නැති කරගන්නේ කෙසේද? නවසීවතික භාවනාව තුළින් කළ හැකිද? එය විදර්ශනා කළ හැක්කේ කෙසේද? ***
  12. ක්‍ෂණික අනිත්‍යතාවය කියලා කියන්නේ කුමක්ද?
  13. අදෝසය, අලෝභය සෝභන සාධාරණ චෛතසිකයන් වේ. සෑම කුසල් සිතකම අදෝසය සහ අලෝභය යෙදෙනවාද?
  14. සක්මන් භාවනාව තුළින් වැඩෙන්නේ සමථය පමණක්ද? ඒ තුළින් විදර්ශනාව වඩා ගන්නේ කෙසේද?
  15. යාමට සිතක් පහළ වුණා. ඒ සිත මගින් චිත්ත කිරිය වායෝ ධාතුව හටගත්තා. කාය විඤ්ඤත්ති හටගත්තා. මේ ලෙස සක්මන් කරන විට සිතීම විදර්ශනාව ද?
  16. අමෝහය ශෝභන චෛතසිකයක් නොවන්නේ මන්ද?
  17. පට්ඨාන දේශනා සහ අභිධර්මය අතර ඇති වෙනස කුමක්ද?
  18. විඥානය යනු සිතම ද?
  19. තමන්ගේ දරුවා වැරදි කරන කොට ඒ වැරදි නැවත නැවත කරන කොට වැඩිහිටියෙක් වශයෙන් දඩුවම් දීමත් ද්වේෂයක් නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  20. සෝවාන් වීමේ දී ඇතැම් කෙලෙස් අපායගාමී නොවෙන තත්වයකට පත්වීම වන ආකාරය පැහැදිලි කරන්න. 
  21. ක්‍ෂණික අනිත්‍යතාවය පිළිබඳව මේ අයුරින් සිතීම නිවැරදි ද?
  22. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.