
අභිධර්මයේ මූලික කරුණු අංක: 29 (සෝභන චෛතසික 03) 01-11-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 29 (සෝභන චෛතසික 03) Saturday Dhamma Discussion was conducted via Zoom on 01st November 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූහය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 නොවැම්බර් මස 01 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල හිරි ඔත්තප්ප, අලෝභය සහ අදෝසය පැහැදිලි කෙරිණි. මෙහි දී විශේෂයෙන්ම හිරි ඔත්තප්ප පිළිබඳව සිදු කෙරුණු පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨ වේ.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා ප්‍රායෝගික පැන රැසක් පැන නැගුනු අතර සහ ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සෝභන චෛතසික වල හිරි ඔත්තප්ප, අලෝභ සහ අදෝස පිළිබඳව පැහැදිලි කරන්න. **** (විශේෂයෙන්ම හිරි ඔත්තප්ප පිළිබඳව සිදු කෙරුණු විශිෂ්ඨතම ධර්ම දේශනාවකි.)
- මෙම දේශනාවේ හිරි ඔත්තප්ප පැහැදිලි කිරීම වඩාත්ම පැහැදිලිව, ප්‍රායෝගිකව සහ ගැඹුරින් සිදු වුනේ මෙම කරුණු නිසාවෙනි. **** (මෙම කරුණු ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී සති සම්පජඤ්ඤයේ නිරතුරුව යෙදී දහම පුහුණු කරන්නන් හට ඉතා වැදගත් වේ. බොහෝ විට අප තුලින් සිදුවෙන වැරදි සිතුවිලි ගැන පසුතැවීම ඇති වී ඒවා වඩා බලවත් අකුසල් බවට පත්වන්නේ මෙවන් ආකාරයෙන් බිය පත්වීම නිසා විය හැක.)
- හිරි ඔත්තප්පයට සම්බන්ධ ලජ්ජාව, බිය යන මානසිකත්වය පසුතැවීමේ දී ඇතිවන ‘පසුව තැවීම්’ තත්වයක් නොව අකුසල මානසිකත්වයක් ඇති වීමට පෙර සිදුවන්නක් නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත අංක 02 ට ද සම්බන්ධ වේ.)
- බහුතර සමාජයේ දී හිරි ඔත්තප්ප යන්න දුස්ශීල අකුසල සම්බන්ධයෙන් යෙදෙන නිසා එය බොහෝ දෙනාට බල නොපාන්නක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- වර්ථමානය යන්න අප දකින, සලකන ආකාරය අනුව සාපේක්‍ෂ බැවින් කාලය යන්න මුලාවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- විතක්ක හා විචාර චෛතසිකයන් ද්විපන්ච විඤ්ඤාණ සිත් සමග නොයෙදේ. ද්විපන්ච විඤ්ඤාණ සිත් යනු මොනවාද? විතක්ක විචාර චෛතසිකයන් ද්විපන්ච විඤ්ඤාණ සිත් සමග නොයෙදෙන්නේ මන්ද?
- අප ආහාරයක් ගන්නා විට එම ආහාරය දැනෙන රසයට සමහර අවස්ථාවලදී වශී වී යයි. එනමුදු රසය විඳින අවස්ථාවේදී එම රසය රූපයට බහාලයි. මෙම අවස්ථාව විදර්ශනා කරන්නේ කෙසේද? මේ අකුසලයෙන් මිදෙන්නේ කෙසේද? ***
- මම හැමදාම පුළුවන් විදිහට සවස හතර වෙනකම් අටසිල් රකිමී. සමහර දිනවලදී පසුව විහිළු වීඩියෝ බැලීමට සිතෙයි. විහිළුවලින් මිදී භාවනාවටම සිත යොදවන්නේ කෙසේද? දැන් සිත පෙරට වඩා භාවනාවට රුචිය. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ප්‍රතිසන්ධි චිත්තය ඇතිවන අවස්ථාවේ දී කායදසක කලාපය ඇතිවන බව කියවේ. නමුත් ශුද්ධාෂ්ඪක ප්‍රතිසන්ධියට පෙර මව් පිය බීජ වල තියන නිසා, කායදශක කලාපයේ ඇතූලත් වන්නේ පෙර ශුද්ධාෂ්ඪකම ද?
- අපගේ උපතේ සිට ඇති භවාංග සිත වෙනස්වී වෙනස් චිත්ත වීථියක් සිදු වෙන විට වෙනත් චිත්ත වීථියක් ඇති වීමට පළමු චිත්ත වීථිය අවසන් විය යුතු ද?
- මානය ඔත්තප්ප ආකාරයෙන් අකුසල මූලිකව යෙදෙන ආකාරය තවදුරටත් පහදා දෙන්න. එය කුසල මූලිකව අවස්ථානුකූලව හරවා ගන්නා ආකාරය පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත පන අංක 03 ට සම්බන්ධ වේ.)
- වෛද්‍ය විද්‍යාවේ කියන ඩී එන් ඒ සහ බුදු දහමේ පවසන රූප කලාප විසි අට එකම ද හෝ වෙනසක් තිබේද?
- විමානවත්තු ප්‍රේතවත්තු අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවා ද? ඒ තුළින් අප හට විදර්ශනාව උපදවා නිවන් දැකිය හැකිද? මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩිය පසු බොහෝ දෙනා ඒ අසා මාර්ගඵල ලැබූ බව දන්නෙහිය. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අප ශීතකරණයේ ආහාරයක් සොයන විට කෙලෙස් බොහොමයක් ඇති වන බව ස්වාමින් වහන්සේ කෙනෙකුන් බන දේශනාවක දී සඳහන් කළා. එවන් සුළු දෙයටත් අප හිරි ඔත්තප්පයක් ඇති කරගත යුතු ද?**** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පුද්ගලයෙක් සිහි වෙන විටත් ආහාරයෙන් හටගත්තක් සේ භාවනාමය වශයෙන් ගැනීම නිවැරදි ද? ***
- මිනිසුන්ගේ මාතෘ ස්නේහය යන්නේ කුසල පක්‍ෂයට ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- වර්තමානයේදී තමන් සාර්ථක වීමට නම් තමාව හොඳින් ප්‍රචාරය කරගත යුතු බව සමාජයේ මුල් බැසගත් අදහසකි. මෙය නිවැරදි ආකල්පයක් ද? මෙහි තිබිය යුතු සීමාව කුමක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.