
අභිධර්මයේ මූලික කරුණු අංක: 28 (සෝභන චෛතසික 02) 25-10-2025
අභිධර්මයේ මූලික කරුණු අංක: 28 (සෝභන චෛතසික 02) Saturday Dhamma Discussion was conducted via Zoom on 25th October 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූපස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ඔක්තෝබර් මස 25 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් සෝභන චෛතසික වල සතිය පැහැදිලි කෙරිණි. මෙහිදී සති චෛතසිකය යනු කුසල පක්‍ෂයට පමණක් සම්බන්ධ වෙන ධර්මයක් බව මනාකොට පැහැදිලි කෙරිණි. එමෙන්ම සතිය යනු අතීතය සහ අනාගතයෙන් සිත මුදවා ගෙන වර්ථමානයේ පමණක් තබා ගැනීමක් නොවන බව අවධාරණය කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ප්‍රායෝගික වටිනා පැන සහ ඒවා පිලිබඳ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සෝභන චෛතසික වල සතිය පිළිබඳව පැහැදිලි කරන්න.**** (සතිය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථයේ සතිය පිලිබඳ කොටස මෙතනින් කියවන්න: සතිය.)
- සතිය සහ විපස්සනා මනසිකාරයක් පාදක කර ගනිමින් මෛත්‍රිය තුලින් අන් කෙනෙකුගේ මනස සහ ක්‍රියාවන් ක්‍ෂණිකව වෙනස් කිරීමට හැකි වූ අවස්ථාවක්. **** (මෙම ක්‍රියාවේ ඇති විශ්මිත බව වන්නේ ඒ තුලින් අධික කෝපයකින් පසු වූ වෙනත් මිනිස් සිතක, කයක සිදු කෙරුණු ක්‍ෂණික යහපත් වෙනස් කමයි. එම කර්තව්‍යය ගැඹුරු මෛත්‍රී සමථ සමාධි තත්වයන් පුහුණු කිරීමකින් තොරව කිරීම, දහමේ විශේෂ පැතිකඩ සහ ශක්තීන් පිලිබඳ ඉඟි කෙරෙන අවස්ථාවෙකි. ඉතා වටිනා ප්‍රායෝගික උදාහරණයක් සහ පැහැදිලි කිරීමකි.)
- සතිය සහ අතීත මතක ස්මරණය කිරීමේ දී ඇති වෙනස් කමක් ඇතොත් පහදා දෙන්න.
- අතීතයේ දී භාෂාවේ කාල භේදයක් කිබී නොමැති බව හැඟෙයි. සතිය දියුණු කිරීමේදී වර්තමානයේ සිත තැබීම පිලිබඳ අදහස බටහිරින් පැමිණි සංකල්පයක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අධිමොක්ඛය සහ එකඟතාවය වෙන් කර හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. ***
- සතිය සහ සම්පජඤ්ඤය යන්නේ සම්පජඤ්ඤය පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- යම් අයෙක් ස්වාමීන්වහන්සේ කෙනෙකුට දොස් කියන විට මම එයට සවන් දීමෙන් එයට අනුමෝදම් වෙනවා කියා මට සිතුනා. එවන් තත්වයක් ගැටීමකින් තොරව විසඳා ගත හැකි ආකාරය පහදා දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අකුසල ප්‍රවාහය සිහියෙන් නැවැත්වීමේ දී සූවිසි පට්ඨානයේ ප්‍රත්‍ය විසි හතරෙන් එය නැවැත්වීමක් ද?
- අකුසලයෙදී හේතු එකක් හෝ දෙකක් හෝ පමණක් යෙදීම පැහැදිලි කර දෙන්න.
- විදර්ශනාව වැඩෙන ආකාරයට වර්තමාන, අනාගත, අතීත ලෙස සතිය දියුණු කරන ආකාරය තවදුරටත් පහදා දෙන්න.*** (වටිනා පැහැදිලි කිරීමකි.)
- නිතරම බුදු ගුණ, මෛත්‍රීය ආදි සිතුවිලි සිතට නගා ගැනීම වර්තමානයේ සතියෙන් පැවතීමට බාධාවක් ද නැති නම් එය නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. මෙම පිළිතුර ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
- ඊළඟ භවයක් ගැන ප්‍රාර්ථනා කිරීම නිසා භව තණ්හාව ඇති නොවේ ද? ***
- මම සක්මන් භාවනාව වඩන විට “මම දැන් මෙතන ලෙස” සිතූ නිසා සතුට ඇති විය. අතීත ප්‍රශ්න මතක් විය. මෙසේ සක්මන් කිරීම නිවැරදි ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සක්මන් භාවනාව කරන විට මෙතැන කයක් සහ සිතක්, නාම රූප දෙකක්. මම නැහැ කියලා සිතීම නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- නිවැරදිව ඉරියාපථ භාවනාව කරන ආකාරය පහදා දෙන්න.
- වචනයෙන් ඔබ්බට ද ධර්මය තිබෙන්නේ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමහර වෙලාවට වැඩ ඕනෙ කියල හිතයි. පුතාලා ඉන්නකොට හිතෙනවා හිතෙනවා කරදරයි වැඩ වැඩී කියලා. පුතාලා නැති උනහමත් කම්මැලියි. ඒ එතන තියෙන්නේ කෙලේසය කුමක්ද ස්වාමීන් වහන්ස? මේ ඉන්ද්‍රියන් වල තියෙන ඒ අනිත්‍ය ස්වභාවය ද එතනින් පෙනෙන්නෙ? එතන තියෙන ඒ කෙලේස නැති කරන්නෙත් මේ මම අතීත වර්තමාන නිමිති හිතින් හිතනවා කියලා හිතීමෙන්ද? ඒ වගේම මම විවාහ වෙන්න කලින් හිටියේ ලොකු ගෙදරක. දැන් මම ඉන්න ගෙදර ටිකක් පොඩී. ධර්ම ශාලාවකට වගේ ගියාම හැම තැනම සුදු ගාලා ලොකු ඉඩක් තියෙනවානේ. එතකොට හිතට දැනෙනවා ලොකු සහනයක් වගේ දෙයක්. ඒක මට ගෙදර ආවම නැති වෙනවා. ඒ එතකොට හිතෙනවා මේ ගෙදර පොඩි නිසා නේද මෙහෙම වෙන්නේ කියලා මගේ හිතට ගැටීමක් එනවා. ඒ කියන්නේ ද්වේශයක්. එය නැති කරගන්නේ කෙසේද පහදා දෙන්න. ***
- මෑතක් වන තුරු ජිවත්ව සිටී (දැන් ජිවතුන් අතර නැති ) බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ඒ ස්වාමින් වහන්සේ මාර්ග ඵල ලබා සිටියේ කියලා. ඒ ස්වාමින් වහන්සේගේ එක පෞද්ගලික කාරනාවක් මෙසේ අසා ඇත.
උන්වහන්සේ රාගය බොහොම යටපත් කරගෙන සිට ඇත. පසුව ලස්සන තරුණියක් ගෙ පින්තුරයක් ගෙන එය රහසිගතව රාත්‍රියේ බලන්න පටන්ගෙන, මුල් දින වල රාගයක් ඇවිත් නැත. පසුව දින කීපයකට පසුව අධික රාගයක් ඉපද ඇත. ඒ ස්වාමින් වහන්සේට ගෞරවයක් ලෙස නම සදහන් නොකරමි. *** - ඉරියව් පැවැත්වීමේ දී සතිය පවත් වන්නේ ක්‍රියාවට නාමිකව ද? උදාහරන ලෙස මම දැන් අතක් ඔසවනවා, අවට බලනවා ලෙස ද? නැති නම් මීට වෙනස් ලෙසකට දැයි පහදා දෙන්න. ***
- ඉහත පැන අංක දෙකේ දී සඳහන් කල අවස්ථාවේදී හොඳ හෝ නරක හෝ සියලු දෙනා කෙරේ මගේ මනසේ සම සිතක් ඇති වූ ආකාරය. *** (මෙය ඉහත පැන අංක 02 ට සහ පැන අංක 07 ට සම්බන්ධ වේ.)
- අකුසල් සිතක් සතියෙන් දැක වෙනස් කරගත් විටත් එයින් විපාක පිණිස කර්මයක් ජනිත විය හැකි ද? ***
- සතිය පුහුණු කිරීමට පටන් ගත් පසුව අකුසල සිත ඇතිවෙන විට ඒවා හඳුනා ගත හැකි වුවත් කුසල් චෛතසික ගැන සිහිය පිහිටුවා ගත නොහැක. ඒ සිදුකරන්නේ කෙසේදැයි පහදා දෙන්න. ***
- සතිය පුහුණු කිරීම කරන විට පොතක් කියැවීමට යොමු වීමත් සමග ඒ තුලින් අකුසල් මානසිකත්වයන් ඇතිවිය හැකි බව දැනුනත් එයින් මිදීමට අපහසු වීම ගැන කුමක් කල යුතු ද? ***
- සතිය පුහුණු කිරීම ආරම්භ කරන කාලයේ ගැහැණු කෙනෙක් වශයෙන් විවේක අවස්ථා වල දී සිතේ ඇතිවෙන බොහෝ අකුසල සිත් දැක ගතිමි. එවිට එය නවත්වා ගැනීමට බණක් ශ්‍රවණය කරමි. එය පිළිබඳව පැහැදිලි කර දෙන්න. ***
- බන අසන කොට මනසේ ඇති වන්නේ සමථයක් ද? රාග සිතක් වෙනස් කර ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.