අභිධර්මයේ මූලික කරුණු අංක: 27 (සෝභන චෛතසික 01) 11-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 27 (සෝභන චෛතසික 01) 11-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 27 (සෝභන චෛතසික 01) 11-10-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 27 (සෝභන චෛතසික 01) Saturday Dhamma Discussion  was conducted via Zoom on 11th October 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූ හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ඔක්තෝබර් මස 11 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල


  1. ධර්ම දේශනාව: සෝභන චෛතසික සහ සද්ධාව පිළිබඳව පැහැදිලි කරන්න. **** (වටිනා ධර්ම දේශනාවකි.  එමෙන්ම මෙහි දී සද්ධාව පිලිබඳ පුළුල් පැහැදිලි කිරීමක් ඇතුලත් වේ. සද්ධාව පිළිබඳව “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථයේ සද්ධාව පිලිබඳ කොටස මෙතනින් කියවන්න: සද්ධාව. )
  2. භාවනා මග ප්‍රගුණ කරමින් සිටි බෞද්ධ කාන්තාවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ඉන්දියානු යෝගී වරුන් ඇසුරේ නතර වී යෝගිනියන් වීම තුලින් ඔවුන්ගේ සද්ධාව නැතිවීම සිදු වුනා ද? **** (වටිනා කාලීන පැනයක් සහ ඉතා වටිනා කාලීන සාකච්ඡාවකි.)
  3. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ඇති සහ නැති බව තීරණය කිරීමට කාලාමයන් මෙන් විමසිලිමත් මනසකින් ”එව බලව” ලෙසින් කීම යොදාගත හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. අසෝභන චෛතසික පිළිබඳව වර්ගීකරණයක් තියෙනවා ද?
  5. ගිහියන් අතර යම් භික්ෂුවක් පාරාජිකා වී ඇතැයි ප්‍රසිද්ධ වූවත් එම භික්‍ෂුව ඉතා හොඳින් දහම් දේශනා කරයි නම් අප මේ ගැන කෙසේ ක්‍රියා කල යුතු ද? **** (වටිනා කාලීන පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. බුද්ධ දේශනාවේ අලංකාරයට සම්බන්ධ කරුණු ගැන ගැටළු ඇතැම් අයට ඇති වීම අපගේ සද්ධාවට බලපෑම් ඇති කරනවා ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. හින්දු ධර්මය සහ බෞද්ධ ධර්මය ලංකාවේ එකට බද්ධ වී ඇති ආකාරයෙන් තිබීම සද්ධාවට බලපෑම් ඇති කරනවා නොවේ ද? *** (වටිනා සහ කාලීන සාකච්ඡාවකි.)
  8. කාමයන් නිසා ඉන්ද්‍රියන් තුලින් මෝහය අවධි කිරීම වගේම ඥානය අවදි කර ගැනීමටත් යොදවා ගතහැකි බව පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. බුදු ගුණ මෙනෙහි කිරීමේ දී ඒවා ගත යුත්තේ එක් එක් වශයෙන් ද නැතහොත් සමූහ වශයෙන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සද්ධා, විරිය, සති යනාදී ධර්ම බල ධර්ම බවට පත් වන්නේ ඉන්ද්‍රිය ධර්ම බවට පත්වීමෙන් පසුව ද? *** 
  11. සද්ධා චෛතසිකය සමග වෙනත් සෝභන චෛතසික හට ගන්නවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  12. කර්මය කුසල සහ අකුසල වශයෙන් තීරණය වන්නේ වොත්තපන සිතේදී ද?
  13. කාමයට නැඹුරු වන්නේ අපගේ අත්දැකීම් සහ සද්ධාවේ අඩුකම නිසා ද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  මෙය ඉහත පැන අංක 02 ට යම් සම්බන්ධතාවයක් තිබේ.)
  14. සද්ධාව යනු බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරේ සමව පවතින සද්ධාවක් ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  15. කාම ලෝකයේ අපට සිනාවක් පහල වීමේ දී හැම විටම අපට ඇති වන්නේ ලෝභ සිත් ද? ***
  16. සමහර අයට නාමරූපයේ යථා ස්භාවය අවබෝධ කරගන්න උත්සාහ කරන කොට එය අනිත්‍ය බව දැන දැනත් මනසින් තමන් ගේ බිරිඳ දරුවෝ නිත්‍යයි යනුවෙන් සිතුවිලි එන්නේ ඇයි? ***
  17. අපට ද්වේශය ඇති වන්නේ තව කෙනෙකුගෙන් යමක් බලාපොරොත්තු වෙන විට දීය.  එවිට අප කළ යුත්තේ ද්වේශය නැති කිරීමට තව කෙනෙකුගෙන් දෙයක් බලාපොරොත්තු නොවී අත හැරීමද? ***
  18. දරුවෙකුගේ ජයග්‍රහණයක් ඇසු විට එය අනිත් අයට කී විට නිරායාසයෙන්ම ලෝභ සිත් උපදී දරුවෙකුගේ ජයග්‍රහණයකදී ලෝභය ඇති නොවන විදිහට හැසිරෙන්නේ කෙසේද? ***
  19. සමහර අයෙකුට බුදුන්වහන්සේ කෙරේ සැක එනවා. ඔවුන් ඇයි මෙසේ සිතුවිල්ලක් ආවේ කියලා බොහෝ දුකට පත් වෙනවා. එහෙම සිතුවිලි එන්නේ සද්ධාවේ අඩුවක් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  20. සුගත චීවරය, කඨින චීවරය නිවැරදිව වන්දනා කරන අයුරු පහදන්න. එම චීවරය පිට රටක සිටින විට එය භෞතිකව අත ගැසිමට අපහසු නිසා සිතින් වන්දනා කර ගත හැකි නොවේද? **** (ඉතා වටිනා කාලීන පැහැදිලි කිරීමකි.)
  21. අධිමොක්ඛය තව දුරටත් පහදා දෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. (අධිමොක්ඛය පිළිබඳව “අභිධර්මයේ මූලික කරුණු” යන ග්‍රන්ථයේ එම කොටස මෙතනින් කියවන්න: අධිමොක්ඛය.)
  22. විකෘති ධර්මයන්ට නොදැන සවන්දීම නිසා ශ්‍රද්ධාවට බලපෑ හැකි ද? එවැනි ධර්ම හඳුනාගන්නේ කෙසේද? ***
  23. සද්ධාව කැඩෙන අවස්ථා වල දී සති බලය යොදා ගැනීම පිලිබඳ කියවෙන මෙම කරුණ පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  24. සමාලෝචනය සහ අවසානය.***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.