අභිධර්මයේ මූලික කරුණු අංක: 23 (අකුසල චෛතසික 08) 13-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 23 (අකුසල චෛතසික 08) 13-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 23 (අකුසල චෛතසික 08) 13-09-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 23 (අකුසල චෛතසික 08) Saturday Dhamma Discussion  was conducted via Zoom on 13th September 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අනූ වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 සැප්තැම්බර් මස 13 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල මච්ඡරිය පිළිබඳව පැහැදිලි කිරීම අවසන් කෙරිණි.  මෙහිදී මච්ඡරිය පිළිබඳව භාවනාවට සහ දහම් මග දියුණු කිරීමට සම්බන්ධ ඉතා සියුම්, වටිනා කරුණු පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත සහ දහම් මග පුහුණු කරන අයට වටිනා, ප්‍රයෝජනවත් පැන සහ ඒවා පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල මච්ඡරිය පිළිබඳ ඉතිරි කොටස් පැහැදිලි පැහැදිලි කරන්න. **** (දහම් මගට සහ භාවනා මාර්ගයට සම්බන්ධ ඉතා සියුම් කරුණු පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි. එමෙන්ම, මච්චරිය හෙවත් මසුරුකම ලෝභියා තුළ හටගන්නා ධර්මයකි. නමුත් එය චෛතසික ධර්මයක් වශයෙන් ජනිත වන්නේ ද්වේශමූල සිත් දෙකෙහි ය.)
  2. ගුණ මච්ඡරිය පිලිබඳ පැහැදිලි කල සියුම් කරුණු අනුව සමථය හෝ විපස්සනාව හෝ පුහුණු වෙන යෝගාවචරයෙක් තුල සක්කාය දිට්ඨිය දැඩි ලෙස වර්ධනය වීමට පවා පුළුවන් නොවේ ද? **** (ඉතා වටිනා පැනයක්, පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  3. නිවුන් දරුවන් තුල වර්ණ මච්ඡරියට සමාන තත්වයක් ඇති වීමෙන් ගැටීම් බහුල විය හැකි නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සංඝරත්නය කෙරේ අකමැත්තක් ඇතිකර ගැනීම ඒ අයගේ සංසාර ගමනට ඉතා නරක අයුරින් බලපෑම් ඇතිකළ හැකි නොවේ ද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  මෙය මච්ඡරිය පිළිබඳව පසුගිය සතියේ සිදුකල සාකච්ඡාව සමග සම්බන්ධ වේ.)
  5. ලොකු පාතාල නායකයෙක් ඔහුට පහලින් සිටින තවත් පාතාලයේ කෙනෙකුන් ඉහලට පැමිණෙනවාට අකමැති වීම ගුණ මච්ඡරියක් ද? 
  6. ගරු ස්වාමීන්වහන්සේ ගල් ගුහාවේ භාවනා කරන විට ඇති වූ ගැටළු තත්වයට ඒ අවස්ථාවේ විසඳුමක් දුටුවා ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. මසුරුකම සහ ඊර්ෂ්‍යාව අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ***
  8. යම් ධර්ම කණ්ඩායමක් අපට ඒ කණ්ඩායමේ බන සහ පොත් පමණක් අසන්න, කියවන්න යැයි අවධාරණය කරන විට එය ගුණ මච්ඡරිය ද? ***
  9. යම් කෙනෙක් විසින් පන්සිල් සිදුරු නැතිව රකිනවා නම් එය අරියකාන්ත ශීලයට ගන්නට පුළුවන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. ඊර්ෂ්‍යාව සහ මච්ඡරිය යන අකුසල් දෙකෙන් වඩා ප්‍රභල විපාක දෙන්නේ මච්ඡරිය ද නැතහොත් ඒවායේ බලවත් වීම අනුව විපාකයේ වෙනසක් තිබේ ද?
  11. යම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කල විට අපට ඇතිවෙන අනාත්ම වැටහීම අනුව අප තුල දිට්ඨිය නැති කර ගැනීමට උනන්දු වීම ලෝභය නිසා වෙන දෙයක් ද? **** (ඉතා වටිනා පැනයක්, පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  12. අරියකාන්ත ශීලය පංච ශීලයට ද නැතහොත් දස ශීලය වැනි වෙනත් ශීලයක් ද?
  13. දස ශීලය ආරක්‍ෂා කිරීමට යාමේ දී මට ඇතිවෙන අභියෝගය වන්නේ සම්ප්‍රප්පලාප වේ. එහි දී අන් අය එවන් ආකාරයේ දේවල් කියන විට ඒවා නුසුදුසු බව මවිසින් ඔවුනට කීම සුදුසු ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  14. පාතාලය සම්බන්ධ අය අර්ථයක් නැතිව බුදුසරණයි කීම සුදුසු ද? **** (වටිනා කාලීන පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  15. මට කාර්ය බහුලත්වය නිසා භාවනා කිරීමට ප්‍රමාණවත් ලෙස කාලය නැතත් නිදා ගැනීමට පෙර ස්වල්ප වේලාවක් භාවනා කිරීමෙන් යම් එකඟ බවත් ඇති වෙනවා. එම තත්වයන් යටතේ භාවනා කිරීමෙන් මට භාවනාව එපා වේවි ද? *** (වටිනා පැහැදිලි කිරීමක් සහ වටිනා පැනයකි.)
  16. අත් හැරීම තුලින් නිවනට ලඟා වන්නේ තණ්හාව දුරු කිරීම තුලිනි. එවිට නිවන ප්‍රාර්ථනය කිරීමේ දී තණ්හාවක් නොවන ලෙස කරන්නේ කෙසේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  17. බුදුරජාණන් වහන්සේ විසින් භවය මොහොතකටවත් පැතීම අනුමත නොකල බව අසා ඇත. යමේක් බුදුබව හෝ පසේ බුදුබව පැතීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේසනාව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. *** (කාලීන පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  18. භයතුපට්ඨාන ඥානයේ සඳහන් වෙන භය කුමක්දැයි පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  19. මගේ දියණියන් දෙදෙනා නිතර රණ්ඩු වෙන තත්වය විසඳන්නේ කෙසේ ද? *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පිළිතුරකි.)
  20. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.