අභිධර්මයේ මූලික කරුණු අංක: 20 (අකුසල චෛතසික 05) 23-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 20 (අකුසල චෛතසික 05) 23-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 20 (අකුසල චෛතසික 05) 23-08-2025

අභිධර්මයේ මූලික කරුණු අංක: 20 (අකුසල චෛතසික 05) Saturday Dhamma Discussion  was conducted via Zoom on 23rd August 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 අගෝස්තු මස 23 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල දෝසය හෙවත් ද්වේශය පිළිබඳව ගැඹුරින් පැහැදිලි කෙරිණි.

දහම් මග වඩන අයට ඉතා ප්‍රයෝජනවත් වෙන වටිනා පැන සහ පිළිතුරු මෙදින ධර්ම සාකච්ඡාවේ ඇතුලත් වේ.


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල දෝසය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (ද්වේශය පිළිබඳව ගැඹුරින් සහ පුළුල් ලෙස පැහැදිලි කෙරුණු වටිනා ධර්ම දේශනාවකි.)
  2. ද්වේශ මූලය දුරු වන්නේ අනාගාමී මාර්ග අවස්ථාවේ වුවත් ද්වේශය දුරු කිරීමට අපගේ සිහිය සහ නුවණ දියුණු කිරීම දැන් සිටම පුහුණු විය යුතු නොවේ ද? හොඳ කිරීමට උත්සාහ කිරීමේ දී සියුම් ලෙස ද්වේශය මතු වී දිගින් දිගටම අකුසල් සිතුවිලි ප්‍රවාහයන් ඇතිවිය හැකි නොවේ ද? **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. සීලානුස්සතිය භාවනාව දියුණු කිරීම තුලින් තමා තුල පසුව ශීලය නැති අය කෙරේ ද්වේශය ඇතිවිය හැකි නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. සීලානුස්සති භාවනාව දියුණු කිරීමේ දී ප්‍රඥාවේ අවශ්‍යතාවය මෙහි දී අවධාරණය කෙරේ.)
  4. ප්‍රඥාව සහ ශීලය උපක්ලේශ වෙන ආකාරය උදාහරණ මගින් පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. ධර්මානුකුල නොවූවත් ඇතැම් විට ද්වේශය සමාජයේ පැවැත්මට උපකාරී විය හැකි නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. තරුණ කාලයේ සාධාරණය වෙනුවෙන් කථා කිරීම වැදගත් ලෙස සැලකුවත් පසුව දහම් ශ්‍රවණය වැඩි වීමත් සමගම එබඳු කථා තුලින් ද්වේශය ඇතිවීම දැකීමෙන් ඒ ගැන ප්‍රවේසම් වුනා. එසේ ප්‍රත්‍යවේක්ෂාව තුලින් ද්වේශය අඩුකර ගැනීමට පුහුණු වීම නිවැරදි ද? **** (වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අප තුල ද්වේශ සහගත සිත් ඇතිවූ විට ඒ ගැන දැනුවත් වී ඒවා චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව අනුව දුරුකර ගන්නේ කෙසේ ද? *** (වටිනා පැනයක්, සාකච්ඡාවක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙහි දී සඳහන් කල ද්වේශය පිලිබඳ පැරණි ධර්ම දේශනා වලට මෙම වෙබ් පිටුවෙන් පිවිසෙන්න:මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01)
  8. තණ්හා සය යැයි දැක්වූ විට එහි අවසාන තණ්හාව මනෝ තණ්හාව ලෙසද ධම්ම තණ්හාව යන දෙකෙන් කවරක් නිවැරදි ද?
  9. පටික්කූල සංඥාව වැඩීමෙන් ද්වේශය මතුවන බව වටහා ගත් මා එය නවතා සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව වැඩීමෙන් මාර්ගයට පිවිසීම පහසු බව වටහා ගතිමි.  මේ පිළිබඳව පහදා දෙන්න. ***
  10. යම් වටිනා කරුනක් උනත් අප කියා දෙන්නේ ද්වේශයෙන් නම් එතන දී අපි හිත සකස් කරගත යුත්තේ කෙසේ ද? 
  11. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.