
අභිධර්මයේ මූලික කරුණු අංක:19 (අකුසල චෛතසික 04) 16-08-2025
අභිධර්මයේ මූලික කරුණු අංක:19 (අකුසල චෛතසික 04) Saturday Dhamma Discussion was conducted via Zoom on 16th August 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 අගෝස්තු මස 16 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල මානය පිළිබඳව හොඳින් පැහැදිලි කෙරිණි. මෙහිදී කාර්යයක් කිරීම සඳහා සාධක විමසා බැලීම මානය නොවන බව පැහැදිලි කිරිණි.
එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා ප්‍රායෝගික පැන මතු කෙරුණු අතර ගරු ස්වාමින්වහන්සේ විසින් ඒ පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: අකුසල චෛතසික වල මානය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (මානය පිලිබඳ වටිනා සහ පුළුල් පැහැදිලි කිරීමකි.)
- අප වයසට යන විට අපගේ ඉන්ද්‍රියන් දුබල වන විට හීනමානයක් ඇතිවිය හැකි නොවේ ද? මානය අඩුකර ගැනීමට මෙවන් ක්‍රමවේදයක් උපකාරී වෙනවා නොවේ ද? **** (වයසට යාමේදී ඇතිවිය හැකි මානය සහ අපගේ එදිනෙදා ජීවිතය තුලදී මානය අඩුකර ගැනීමේ වටිනා ක්‍රමවේදයක් මෙහි දී පැහැදිලි කෙරේ. මෙහි දී පැහැදිලි කෙරෙන චතුසම්පජඤ්ඤය පිලිබඳ වැඩිදුර කරුණු මෙම ලිපි වල ඇතුලත් වේ. 1. චතුසම්පජඤ්ඤ පබබ-වර්ණනාව, 02. කායානුපස්සනා සතිපට්ඨානය)
- එක්තරා තරුණයෙක් හට ඇතිවුන මෙම බලවත් ඕභාසය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ විශිෂ්ට පැහැදිලි කිරීමකි. මෙහි දී සඳහන් කෙරුණු ධර්ම දේශනාවට මෙතනින් පිවිසෙන්න: යෝගාවචරයා නොමග යවන විදර්ශනාවට බාධක වන විදර්ශනෝපක්ලේෂ (22-07-2025)
- බුදුරජාණන් වහන්සේ බුදුබව ලැබූ පසු කිඹුල්වත් නුවරට වැඩීම ප්‍රමාද කලේ ඥාතීන් තුල ඇතිවිය හැකි සදිස මානය නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මහසීව ස්වාමීන්වහන්සේට වසර තිහක් යන තුරු සෝවාන් ආදී මාර්ගඵල පවා ඇති නොවීමට මානය හේතු වූයේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සාමාන්‍ය සමාජයේ අධිමානය යන වචනය භාවිතා කරන්නේ සෙය්‍යමානය පිළිබඳව නොවේ ද?
- මෝහනය මගින් පෙර භව දැකිය හැක්කේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මනෝධාතු හා මනෝවිඥාන ධාතු අතර වෙනස පහදා දෙන්න.
- ක්ලේශයන් අතරින් තණ්හා, දිට්ඨි, මාන පමණක් ප්‍රධාන කොට සදහන් කරන්නේ කුමක් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- ලෝභ, ද්වේශ සහ මෝහ යන මූල තුන නිසා පෘතග්ජන භුමියේ දී මානය ඇති වෙනවා ද? මහසීව ස්වාමීන්වහන්සේට අතු වූ තත්වය ඉතා භයානකයි නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කාම තණ්හාව පිලිබඳ මෙම කරුණ පහදා දෙන්න.
- සිතට විවේකයක් අවශ්‍ය නැහැ ද?
- නිදා ගැනීමෙන් මානසික පීඩනය නැති කළ හැකි ද?
- දෙමව්පියන් විධියට අපි දරුවන්ට විවාහයේ දී මේ වගේ කෙනෙක් තමයි අපිට ගැලපෙන්නෙ, මේ වගේ ඇදුම් ඇන්දොත් තමයි අපිට ගැලපෙන්නෙ කියල අපි දරුවන්ට කියනව. ඒකත් අපි තුල ඇති මානයක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- නිවන ශාන්ත බව කියැවේ. සිත් පහල නොවී ඒ ශාන්ත බව දැනෙන්න කෙසේ ද?
- ඝන, ද්‍රව, වායු, විද්‍යාව සහ බුදු දහම සංසන්දනය නොවිය යුතුයි නේද? ***
- සෝවාන් උන කෙනෙකුන් නොවුණු කෙනෙක් ලෙස අන් අයට වැටහෙන්න පුලුවන් ද?
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.