අභිධර්මයේ මූලික කරුණු අංක:17 (අකුසල චෛතසික 02) 26-07-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:17 (අකුසල චෛතසික 02) 26-07-2025

අභිධර්මයේ මූලික කරුණු අංක:17 (අකුසල චෛතසික 02) Saturday Dhamma Discussion  was conducted via Zoom on 26th July 2025 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජූලි මස 26 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.

මෙවර ධර්ම දේශනාව තුලින් අකුසල චෛතසික වල අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය සහ ලෝභය පිළිබඳව පැහැදිලි කෙරිණි.  විශේෂයෙන් පවට ලැජ්ජා බය, සංවේග සහ සිතේ විසිරෙන බව යන කරුණු පැහැදිලි කර දැක්වීම ඉතා ප්‍රයෝජනවත් වේ.

එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් මතු කෙරුණු අතර ගරු ස්වාමින්වහන්සේ විසින් ඒ පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. 


  1. ධර්ම දේශනාව: අකුසල චෛතසික වල අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය සහ ලෝභය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (අකුසල චෛතසික පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  2. දහම පුහුණු කරන අයට අහිරිකය සහ අනොත්තප්පය දැන ගැනීම යම් තරමකට පහසු වුවත් ලෝභය දැන ගැනීම අපහසු වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. අපගේ භවංගය පිරිසිදු නම් හිරි ඔත්තප්ප වල අවශ්‍යතාවය කුමක් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. අකුසල සමාධිය තුල උද්ධච්චය බල පැවැත්වෙන්නේ කෙසේද?
  5. නිවන් දැකීමට ආශාවක් ඇතිවීම අකුසලයක් ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  6. සයිකොපැත් (මනෝ ව්‍යධිකයා) අයට අකුසල් කිරීමේදී එයට පසුබෑමක් නැති අයුරින්ම ඇතැම් සයිකොපැත් අය හොඳ වැඩ කරන බව සඳහන් වේ. දහම පුහුණු කරන අයත් ඒ වගේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. සමාජ ඇසුරෙන් අකුසල් කිරීමට පුළුවන් නොවේ ද? ***
  8. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා සෝවාන් වෙන තුරුම මිය යන්නේ නැති ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. අවිද්‍යාව නිසා ජරා මරණ ඇති වීම පැහැදිලි කරන්න. ***
  10. චන්ද, චිත්ත, විරිය යන තුන් තැනේදී ම ලෝභ චෛතසිකය තියෙනවා ද? ***
  11. සංවේගය ඇතිවිය හැකි වන්නේ ආර්‍ය උතුමන්ට පමණ ද? 
  12. කරුණාව සහ මෛත්‍රිය දෙකේ වෙනස කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ***
  13. ඥාන සම්ප්‍රයුක්ත සිතක් යනු කුමක්ද? ඒහි යෙදීම සිදුවන ආකාරය පහදා දෙනු මැන. මෝහ චෛතසිකයෙන් අරමුන වසන ස්වභාවය හා පුඥාවෙන් අරමුණේ යවා ස්වභාවය දැකීම මෙයට සම්බන්ධ ද? ***
  14. කෙනෙකුට යමක් දීම ලෝභය වන්නේ කෙසේද? ***
  15. සමාලෝචනය, යාපනයේ විහාරයට සිව්පස අවශ්‍යතාවයන් සලසා දීම, තෙසැත්තෑ ඥාන පූජාව සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.