
අභිධර්මයේ මූලික කරුණු අංක:15 (ප්‍රකීර්ණක චෛතසික 03)12-07-2025
අභිධර්මයේ මූලික කරුණු අංක:15 (ප්‍රකීර්ණක චෛතසික 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 12th July 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අසූ දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජූලි මස 12 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රකීර්ණක චෛතසික වල පීතිය සහ ඡන්දය වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙදින දේශනාවෙන් ප්‍රකීර්ණක චෛතසික හය අවසන් කෙරිණි.
මෙම පැහැදිලි කිරීම් තුල දී වර්තමාන භාවිතයේ ඉතා ලඟින් යන පීතිය සහ සෝමනස්සය වැනි කරුණු අතර වෙනස්වීම් පැහැදිලි කිරීම ඉතා වටිනා වේ. එවන් අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම ප්‍රඥාව දියුණු වීමේ දී වැදගත් වෙන අංගයක් වන බව ද පැහැදිලි කෙරිණි.
එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම මාතෘකාවට අනුගත වූ සහ වටිනා ප්‍රායෝගික, කාලීන පැන බොහොමයක් මතු කෙරුණු අතර ගරු ස්වාමින්වහන්සේ විසින් ඒ පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: ප්‍රකීර්ණක චෛතසික වල පීති සහ ඡන්ද චෛතසික පැහැදිලි කරන්න. *** (මෙහිදී වර්තමාන භාවිතයේ ඉතා ලඟින් යන පීතිය සහ සෝමනස්සය වැනි කරුණු අතර වෙනස්වීම් පැහැදිලි කිරීම ඉතා වටිනා වේ.)
- දැනට සති දෙකකට පෙර මනෝ ධාතුව පිළිබඳව ඇසූ පැනයක් පැහැදිලි කිරීම.
- සාමිස පීතිය සහ නිරාමිස පීතිය කියා දෙකක් තිබෙනවා නොවේ ද සහ නිරාමිස පීතියේ දී සිරුර නැටවීමක් නැති සන්සුන් ස්වභාවයක් පවතිනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- භාවනාරාමතාවය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ආනාපානසති භාවනාව පුහුණු වීමේ දී ආශ්වාස ප්‍රශ්වාසයන්ට සිත යොමු කිරීම දැඩි ඡන්දයකින් කිරීමට සිදු වීමත් මෙයට සම්බන්ධ අපූරු දෙයක් නොවේ ද? ***
- බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර රමණීයයි යානාදී වශයෙන් පවසන විට එම අවස්ථා වලින් ගම්‍ය වන්නේ ඡන්දය ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- බටහිර මනෝවිද්‍යාවේ බයස්නස් (පක්‍ෂපාතීත්වය) යන කොටසට අනුව බුදුරජාණන් වහන්සේගේ ඇතැම් චර්යාවන් පැහැදිලි කරන්නේ කෙසේ ද? **** (ඉතා වටිනා විශිෂ්ට පැහැදිලි කිරීමකි.)
- විදර්ශනා කරනවා කියන්නේ මොකක් ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- චිත්තානුපස්සනාවේ දී කුසල් අකුසල් පිළිබඳව නැවත භව නෙත්තියට ඉඩ නොතියන විධියට මෙනෙහි කල යුත්තේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සතිය, සමාධිය සහ ඒකාග්‍රතාව අතර වෙනස පහදාදෙන්න. ***
- ප්‍රීතිය හා සුඛය දෙක අතර තියෙන වෙනස තේරුම් ගන්න හරිම අමරුයී. එහි වෙනස උදාහරණයක් ඇසුරින් පැහැදිලි කර දෙන්න. ***
- පීති සම්බොජ්ඣංගය සහ දෙවෙනි ධ්‍යානයේ දී පීතිය නැති වීම අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සෝමනස්ස සහගත බව සමග නොයෙක් හෝමෝන ඇති වීම බටහිර දැක්මට අනුව පැහැදිලි කල හැකි ද?
- ධ්‍යාන අංග වල දී ඇති වෙන ප්‍රීතිය සහ ප්‍රකීර්ණක චෛතසික වල පීතිය අතර සම්බන්ධයක් තිබේ ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- මුලින්ම සඳහන් කල මනෝ ද්වාරය යන්න භාවංගය ලෙස සඳහන් කර තිබේ ද?
- ප්‍රීතිය සහ සුඛය අතර වෙනස පැහැදිලි කර ගැනීමට මෙම උදාහරණය සුදුසු වේ ද? ***
- යාපනයේ සමිද්ධි විහාරය පිළිබඳව සිදුකල විශේෂ ඉල්ලීම.**** (Address: Ven. Hanwalle Rathanasiri Thero, Samiddi Sumana Viharaya, Nawatkuli, Kaithady, Jaffna, Sri Lanka.
Tel: +94713708537
Bank Account No: 112200340057885, Peoples Bank.) - දඩයක්කාරයාට මිඡ්ඡා සතියක් නැද්ද? ***
- ඵස්සය නිසා වේදනාව උපදින විට එම වේදනාව සැප හෝ දුක් වේදනාවක් වීමට බලපාන හේතුවක් තිබේ ද?
- තණ්හාව යනු ලෝභයම ද?
- සමාලෝචනය, වැඩ සටහන් විස්තරය සහ අවසානය. ****
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.