කාය භාවනාව – Saturday Dhamma Discussion – 72 (23-07-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 72 (අකුසල විපාක යටපත් කරන ක්‍රම: 03 – ලෝණඵල සූත්‍රය) 23-07-2022

කාය භාවනාව – Saturday Dhamma Discussion – 72 was conducted on 23 July 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 72 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූලි මස 23 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී කාය භාවනාව සහ කාය භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පිළිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට දේශනා කල සේක.  එමෙන්ම මෙවර දේශනාවේ දී භාවනාව යනු කුමක්ද යන්න විමුක්තායතන සූත්‍රය පාදක කර ගනිමින් පුළුල් ලෙස පැහැදිලි කල සේක.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. කාය භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (භාවනාව යනු කුමක්ද සහ කාය භාවනාව තුලින් අකුසල විපාක යටපත් කරගන්නා ආකාරය පැහැදිලි කෙරෙන වටිනා දේශනාවකි.)
  2. මෙම අත්දැකීම් කාය භාවනා නිසා ඇතිවූ තත්වයන් ද? *** [මෙම අත්දැකීම් පැහැදිලි කිරීම තුලින් කාය භාවනාව සහ අභිඥා (විශේෂ ඥානයන්) ඇති වෙන සහ ඇති කරගන්නා ආකාරය පැහැදිලි කෙරේ.]
  3. ධර්මය ප්‍රායෝගිකව තේරුම් ගෙන යොදා ගැනීමට මට හැකිවුයේ අවුරුදු 50 ට පසුව නිසා ප්‍රායෝගිකව දහම යොදා ගැනීම වයස අවුරුදු 20 පමණ වෙන විට කියාදීම ආරම්භ කිරීම හොඳ කාරණයක් නොවේද? ***
  4. කාය භාවනාවේ ඉන්ද්‍රිය භාවනාව වැඩීම නිසා සත්තිස් බෝධි පාක්ෂීය ධර්ම පවා වැඩෙනවා නොවේද? ***
  5. කාය යන්න ක්‍රියාවලියක් ද, එමෙන්ම කාය යන වචනය ත්‍රිපිටකයේ භාවිතා කර ඇති ආකාරය මෙම සූත්‍රයේ ඇති අදහස ද?
  6. අපගේ සිතේ මතු වෙන සිතුවිලි නිසා අපගේ කයේ ඇතිවන වෙනස්කම් තුලින් සිතට බලපෑමක් කල හැකිද? ***
  7. බුදුරජාණන් වහන්සේ වැනි මහේශාක්‍ය බවින් පරිපූර්ණ වූ උතුමෙකුට ලෙඩරෝග ආදී ඇතැම් කර්ම පල දුන්නේ කෙසේද? *** (ඉතා වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  8. මුගලන් මහරහතන් වහන්සේගේ නිල් පැහැය පාප කර්මයක් නිසා ඇතිවුවක් ද?
  9. දෙවියන්ගෙන් උදව් ලබාගන්නා ප්‍රාථමික සංකල්පය තුල සිරවී සිටින බහුතරයක් වන බෞද්ධයන් එයින් ගලවා ගැනීමට කුඩා කල සිට නියම දහම් මග පුහුණු කලයුතු නේද?  (ප්‍රාථමික සංකල්පය, මානුෂීය සංකල්පය සහ ආධ්‍යාත්මික සංකල්පය අනුව අප දියුණු විය යුතු ආකාරය පැහැදිලි කෙරෙන වටිනා පිළිතුරකි.)
  10. අවසානය. (දුෂ්කර පළාත්වල ඇති පන්සල් වල කටින පින්කම් සහ අනුරාධපුරයේ සිටින ස්වාමින් වහන්සේලා පිරිසකට වස් කාලයේ දානය දීම ගැන විස්තරයක් ද ඇතුලත් වේ.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.