ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති මාර්ගය 02 – Saturday Dhamma Discussion – 66 (04-06-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 66 (ප්‍රඥාව11 – අනුරුද්ධ සූත්‍රය: 19) 04-06-2022

ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති මාර්ගය 02 – Saturday Dhamma Discussion – 66 was conducted on 04 June 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 66 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට හයවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූනි මස 04 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. 

මෙවර දේශනාවේදී ප්‍රඥාව දියුණු කිරීමට තුඩුදෙන අවම සමාධියත්, ධ්‍යාන තත්වයට සමාධිය දියුණු කිරීමත්, සිව්වන ධ්‍යානයෙන් පසුව උපදවා ගත හැකි විශේෂ හැකියාවන් ගැන සහ සප්ත විශුද්ධි වල යම්තාක් දුරටත් කරුණු පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න. *** (මෙවර දේශනාවේදී ප්‍රඥාව දියුණු කිරීමට තුඩුදෙන අවම සමාධියත්, ධ්‍යාන තත්වයට සමාධිය දියුණු කිරීමත්, සිව්වන ධ්‍යානයෙන් පසුව උපදවා ගත හැකි විශේෂ හැකියාවන් ගැන සහ සප්ත විශුද්ධි වල යම්තාක් දුරටත් කරුණු පැහැදිලි කරන ලදී.)
  2. මංගල සූත්‍රයේ තුන්වන ගාථාවේ සඳහන් කරුණු ශීල විශුද්ධියට සහ චිත්ත විශුද්ධියට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (මංගල සූත්‍රයෙහි දැක්වෙන තුන්වෙනි ගාථාව ඇසුරු කොට ගෞරවනීය ස්වාමින්වහන්සේ මැයි 29 වන දින සිදුකල ධර්ම දේශනාව ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න: https://bit.ly/3PS3AdE )  
  3. ශීල විශුද්ධිය සම්පුර්ණ වීම චිත්ත විශුද්ධියට සහ දිට්ඨි විශුද්ධියට බලපාන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙම පිළිතුරේ විපස්සනා සහ සමථ භාවනා දියුණු කිරීමට අවශ්‍ය ඉතා වැදගත් කරුණක් මතු කෙරේ.)
  4. මාසිකව සිදුකරන කුසල කර්මයක් නැවත නැවතත් මතක් කිරීම නොකෙරෙන විට එහි අඩුවක් ඇතිවේද?
  5. පොදු උපකරණයක් පරිත්‍යාග කිරීම නිවැරදිව සිදුකරන්නේ කෙසේද?
  6. දානයක් මතක්වීම කුසල් සිතක්ද? *** (මෙම පිළිතුර තුල වර්තමාන සමාජය තුල පවතින කාන්තාවක් වී ඉපදීම පිළිබඳව ඇති වැරදි මති මතාන්තර පිළිබඳවද සඳහන් වේ.)
  7. ත්‍රිලක්‍ෂණය අනුව බැලීම සිදුකල යුත්තේ කෙසේද? *** (උපචාර සමාධියක් හෝ පරිකර්ම සමාධියක් හෝ ඇතිකරගැනීමේ වැදගත්කම මෙම පිළිතුරේ මනාවට පැහැදිලි කෙරේ.)
  8. බුදුදහමේ ධනාත්මක චින්තනය යනු කුමක්ද? *** (බුදුදහමේ කියවෙන්නේ යථාර්ථවාදී චින්තනයක් බව මෙහිදී පැහැදිලි කෙරේ.)
  9. දානයක් දෙනවිට තණ්හා, මාන සහ දිට්ඨි ඇතිවන විට කුමක් කල යුතුද?
  10. විදර්ශනාව කිරීමට පරිකර්ම සමාධියක් ඇතිද?
  11. පෘථග්ජනයන්ට ඇතිවන්නේ කුසල් හෝ අකුසල් සිත් පමණද?
  12. නියාම ධර්මයන් සම්මා සංකප්ප කෙරෙහි බලපාන්නේද? ***
  13. රහතන්වහන්සේ රහත්වූ පසු විශේෂ හැකියාවන් දියුණු නොකරන්නේ මන්ද?
  14. විදර්ශනා භාවනාව නෛය්‍ය පුද්ගලයන් සහ පදපරම පුද්ගලයන් විසින් පමණක් කලයුතු යැයි කීම පැහැදිලි කරන්න.
  15. උප්පත්තීන් ඇතිවන සිත් සහ කර්මයන් පැහැදිලි කරන්න.
  16. සිව්පිලි සිඹියා මහරහතන් වහන්සේ කෙනෙකු සතු විශේෂ ඥානයන් කවරේද?
  17. බුදුදහමේ ඇත්තේ ගුණාත්මක චින්තනයක් කීවොත් නිවැරදිද?
  18. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.