Saturday Dhamma Discussion – 57 was conducted on 05 March 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 57 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් හත් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 මාර්තු මස 05 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හටය, මේ ධර්මය, අඥානයන් හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. අද දින දේශනාවෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු කාරනා කවරේද යන්න පැහැදිලි කරන ලදී.
ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්ධ සූත්‍රය.
ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.
- ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ඥාන කවරේදැයි පැහැදිලි කරන්න. *** (ඥානය විහිදවන ආකාර පහ පිලිබඳ වටිනා දේශනාවකි.)
- ඥානයේ ආකාර පහ තුලින් භාවනාව ගොනුවෙන ආකාරය පැහැදිලි කරන්න. *** (සියළු පවින් වෙන්වීම, කුසල් දහම් දියුණු කිරීම සහ සිත් දියුණු කරගැනීම යන්න සිදුකිරීමට ඥානයේ ආකාර පහ බෙදාගන්නා ආකාරය පැහැදිලි කරන වටිනා පිළිතුරකි.)
- තරහා සහ නුරුස්නා ගති ඇතිවීමේ දී ඒ ගැන දැන ගෙන සංසිදුවා ගන්නා මේ සඳහන් කරන ක්‍රියාවලිය ඥානයේ ආකාර යොදමින් පැහැදිලි කර දෙන්න. *** (සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන තත්වයන් පිලිබඳ වූ වටිනා පැනයකි.)
- සංඛාර උපේක්ඛා ඥානය යනු කුමක්ද සහ සම්මා දිට්ඨිය කියන්නේ එම ඥානය ඇති වූ විටදීද?
- පාප මිත්‍රයන් ගෙන් ඉවත්වීම මෙම ධර්ම මාර්ගයට රුකුලක් නොවේද? *** (අසේවනාච බාලානම් යනු පුද්ගලයන් ගෙන් ඉවත්වීම නොවන බව පැහැදිලි කෙරෙන මෙම පිළිතුර ඉතා වටිනා වේ.)
- අපගේ සිල්වත්කම, ගුණවත්කම සහ ධර්මනුකුල බව තිබුනත් ලෝකයා වැරදි කරනවිට කුමක් කල යුතුද? ***
- ඉන්ද්රිය ධර්ම යනු අපේ පංච ඉන්ද්‍රියන්ට සම්බන්ධ වූ ධර්මයන්ද සහ ඉන්ද්රිය සමතාවයට පත්වීම යනු කුමක්ද?
- තමනුත් රැකී, ලෝකයත් රැකගෙන නීතිය තුල කටයුතු කිරීම පිළිබඳ උදාහරණයක්. ***
- කාර්යාල තුල වැඩ කිරීමේදී ඇති නීති රීති රාමුව තුල ඇතැම් අය වැඩ නොකරන විට ඒ ගැන ඉහලට දැනුම් දීම පිසුනා වාචා වේද? ***
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - මෙම ( ප්‍රඥාව 02 – අනුරුද්ධ සූත්‍රය: 10) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට.