Saturday Dhamma Discussion – 49 (25-12-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 49 (අල්පේච්ඡතාවය – අනුරුද්ධ සූත්‍රය: 02) 25-12-2021

Saturday Dhamma Discussion – 49 was conducted on 25 December 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 49 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් නවවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 දෙසැම්බර් මස 25 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී, අනුරුද්ධ සූත්‍රයේ පළවෙනි මහා පුරුෂ විතර්‍කය වන අල්පේච්ඡතාවය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. සෙනසුරාදා ධර්ම සාකච්ඡා මාලාවට වර්ෂයක් පිරීම අගය කරමින් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදුකල කෙටි දහම් පණිවිඩය. ***
  2. අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන පළමු මහා පුරුෂ විතර්‍කය වන අල්පෙච්ඡතාවය පිළිබඳව තව දුරටත්  පැහැදිලි කරන්න. ***
  3. දහම් මග තුල ගමන් කරමින් සිටිනා අය තුල වුවත් නිවන් දැකීමට බියක් ඇතිවන්නේ මක්නිසාද? ***
  4. සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දැකීම යන්න පහදා දෙන්න. ***
  5. වර්ථමානයේ සමාජ මාධ්‍ය වල සිදුවන ස්වාමීන්වහන්සේලාට ගැරහීම නොකටයුතු ක්‍රියාවක් නොවේද? ***
  6. මරනානුස්සතිය වැඩීමේදී කිට්ටුවන්තයෙකුගේ මරණය පිළිබඳව සිහිවීම අපහසු සහ වේදනාකාරී වෙන්නේ මක්නිසාද? ***
  7. භාවනා යෝගීන් සමථ හෝ විපස්සනා සමාධි තුලින් දියුණු වෙනවිට අත්විඳින මානසික සුවතාවයට ඇතිවන ලොල් බවින් මිදී යථා ස්වභාවය දැකීම පුහුණු කිරීම. ***
  8. ධාතු මනසිකාරය ප්‍රගුණ කිරීමේදී එක ධාතුවක් අරමුණු කරගෙන එය සිදුකිරීම නිවැරදිද?
  9. ආර්ය උපවාදයක් සිදුවී ඇති විටෙක එය මග හරවා ගන්නේ කෙසේද?
  10. දෙමාපියන්ට සැලකීමට කියා බුදුරජාණන්වහන්සේ නියම කර තිබේද?
  11. අවසානය.

2 thoughts on “Saturday Dhamma Discussion – 49 (25-12-2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.