Saturday Dhamma Discussion – 40 (16-10-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 40 (චිත්තොපක්ලෙශ ධර්ම – 03)

Saturday Dhamma Discussion – 40 was conducted on 16 October 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 40 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 ඔක්තෝබර් මස 16 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල මක්ඛය (ගුණ මකු බව) සහ පළාසය (යුගග්‍රාහය) පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල මක්ඛය (ගුණ මකු බව) සහ පළාසය (යුගග්‍රාහය) පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න.***
  2. දරුවෙක් කෙරේ ඇත්තේ මෛත්‍රියද, අපේක්‍ෂාවද යන කරුණු දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?
  3. අපි ගල් පිළිමයකට දෙන දානය, ආහාර නැති කෙනෙකුට නොදෙන්නේ ඇයි? *** (බොහෝ තරුණ දරුවන් නගන කාලීන පැනයකට සැපයූ විශිෂ්ට පිළිතුරකි.)
  4. කෙලෙස් ධර්ම කියන්නේ මායාවක් තුල සිරවීමක් නොවේද?
  5. තරුණ තරුණියන් එවන් මායාවක් තුල සිරවීම තුල සමාජයට සේවයකුත් සිදුවෙනවා නේද? *** (නැවැත්ම සහ පැවැත්ම තුලින් සිදුකරන බුදු දහමේ වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  6. සබ්බාසව සුත්‍රය සෝවාන් ඵලය ලැබූ ආර්යයන් සඳහා දේශනා කල ධර්මයක් ද?
  7. අප මුදලින් හෝ ආහාරයෙන් හෝ ආධාර කරන අය වංචනික අය වියහැකි වනවිට කුමක් කල යුතුද? ***
  8. අනෙක් අය පිළිවෙලට වැඩ නොකරන විට අපට ඇතිවන අමනාපය ගැන කුමක් කල යුතුද?
  9. භික්‍ෂුන්වහන්සේලාට දන් දීමේදී සැලකිය යුතු කරුණු.
  10. ප්‍රඥා චෛතසිකය අපට දැනගත හැක්කේ කෙසේද? ***
  11. භික්‍ෂුන්වහන්සේලාට මුදල් පූජා කිරීමෙන් අපට අකුසලයක් සිදු වේද?
  12. දුක නැතිකර ගැනීමට අවශ්‍ය බාහිර සාධකය කුමක්ද?
  13. අප විසින් නුවනින් මෙනෙහි කරන්නේ කෙසේද?
  14. සංස්කාර ධර්ම නැති කිරීමට වඩා වැදගත් වන්නේ විදර්ශනාවද? ***
  15. ජීවමාන බුදුරජාණන් වහන්සේ නිවසට වැඩමවා දානය පිළිගන්වනවා යැයි සිතා කරන විට උදැසන සහ දහවල දානය දෙකම පූජා කල යුතු වේද?
  16. අප විසින් ඇතිකරගත යුතු කෞශල්‍ය තුන මොනවාද?
  17. ගෙදර ඇතිකරන සුරතල් සතුන් ශල්‍ය කර්ම මගින් පැටවූ බිහි කිරීම නැවැත්වීමෙන් අකුසල් සිදු වෙනවද? ***
  18. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.