Saturday Dhamma Discussion – 35 (11-09-2021)

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පැවැත්වූ මෙවර සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – Saturday Dhamma Discussion – 35 පහත දැක්වෙන හේතුන් නිසා වැදගත් වේ;

  1.  පළමු පැනයට පිළිතුරු වශයෙන් දේශනා කල දුක්ඛ සමුදය සත්‍ය විස්තරයහි ඇතුලත් කරුණු බෙහෙවින් වටිනා වේ.
  2. එමෙන්ම ඇතැම් ස්වාමින්වහන්සේලා පවා වැරදි ලෙස වටහා ගෙන ඇති “විභව තණ්හාව” කුමක්දැයි නිවැරදිව වටහා දීම. (පැන අංක: 10)
  3. ඇතැම් පිළිතුරු ගිහි ජීවිත ගතකරන අයට ගැලපෙන පරිදි බුදුරජාණන්වහන්සේ දේශනා කල ”ගිහි ප්‍රතිපදාවට” අනුගතව සපයා ඇති වීම. එමෙන්ම ඇතැම් ප්‍රශ්න ඇසු අය පුද්ගලිකව දැනගැනීම තුල ඒ අයට සුදුසු ප්‍රතිපදාව ඉදිරිපත් කිරීම.  (පැන අංක 03, 04, 05, 08, 13)
  4. ඇතැම් ප්‍රශ්න සහ පිළිතුරු විපස්සනා භාවනාවට ප්‍රායෝගිකව  යොමු කරන බැවිනි. (පැන අංක 09, 12) 

 

Saturday Dhamma Discussion – 35 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 35)

Saturday Dhamma Discussion – 35 was conducted on 11 September 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 35 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් පස් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 11 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ චතුරාර්‍ය සත්‍ය ධර්මයේ දුක්ඛ සමුදය සත්‍ය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


මෙවර ධර්ම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. චතුරාර්‍ය සත්‍ය ධර්මයේ සඳහන් වන දුක්ඛ සමුදය සත්‍ය විස්තර සහිතව පැහැදිලි කරන්න.***
  2. ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය පැහැදිලිකර දෙන්න.
  3. වන්දනා ගමන් යාමට ඇතිවන කැමැත්ත තණ්හාවද? **
  4. රස්සාවක් කර සල්ලි ඉපයීම තණ්හාවද?  **
  5. මුදල් උපයා පිං කටයුතු කිරීම තණ්හාවද? **
  6. විභව තණ්හාව යනු කාම තණ්හාවේ උප කුලකයක් ද?
  7. විතක්ක, විචාර පැහැදිලිකර දෙන්න.
  8. ව්‍යාපාර ඉල්ලක්කයකට ආයතනයක් මෙහෙයවන විට තණ්හාව ඇතිවන්නේද? **
  9. ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇතිවන විට එහි නුසුදුසු බව දැන යටපත් කරගත්තත් නැවත ඒ අරමුණ කෙරෙහිම පසු අවස්ථාවකදී ඇලීම හෝ ගැටීම ඇති වී එය පාලනය හෝ යටපත් කරගැනීමට නොහැකිවේ. මෙය සමනය කරගැනීමට කලයුතු ප්‍රතිපදාව පැහැදිලි කරන්න.***
  10. විභව තණ්හාව කියන්නේ යමක් හෝ මෙම භවය හෝ එපාවීමක් වැනි ද්වේශ සහගත බවක් නොවේද? ***
  11. රූප තණ්හා සහ අරූප තණ්හා පහදා දෙන්න.
  12. අද සිදුකල දේශනාව භාවනාවක් හැටියට යොදාගැනීමට කමටහනක් කියාදෙන්න. ***
  13. වයසක මට දැන් ඉස්සර වගේ පන්සල් යාමට නොහැකිවීම ගැන ඇතිවන දුක ගැන කල යුත්තේ කුමක්ද? ***
  14. තණ්හාව නිසා සසර ගමන් කරනවා නම් මරණයෙන් පසු ඒ තණ්හාවෙන් අපි කැමති භව වල ඉපදින්නේ නැත්තේ ඇයි?
  15. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වල සඳහන් වෙන වේදනාවත්, පටිච්චසමුප්පාදයේදී ඵස්සයට පසුව එන වේදනාවත් යන අවස්ථා දෙකේදීම සුඛ, දුක්ඛ සහ උපේක්ෂා යන වේදනා තුනම ජනිත වෙනවාද?
  16. පෘතග්ජන මට්ටමේදී ඇතිවන හැම සිතකම පළමුවෙනි සිත ප්‍රභාෂ්වර සිතක්ද?
  17. විපාක සිත් ප්‍රභාෂ්වර සිත් නොවේද?
  18. ටෙලිග්‍රෑම් App එක තුලින් “Dhamma Yathra” දහම් සංසදයට එකතු වන්න. (එකතුවෙන ආකාරය ප්‍රශ්න/පිළිතුරු වලට පහලින් දැක්වේ.)***
  19. අපගේ මුල්ම සිත භවාංග සිතද?
  20. අවසානය.