Saturday Dhamma Discussion – 33 (28-08-2021)

Saturday Dhamma Discussion – 33 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 33)

Saturday Dhamma Discussion – 33 was conducted on 28 August 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 33 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස්තුන් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 අගෝස්තු මස 28 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ බොජ්ඣංග ඛාණ්ඩයේ පස්සද්ධි, සමාධි සහ උපෙක්ඛා බොජ්ඣංගයන් පාදක කරගෙන වැඩිදුරට සිදුකරනු ලැබීනි.


මෙවර සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “බොජ්ඣංග” සජීවී ධර්ම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාව ප්‍රායෝගිකව වැඩිය යුත්තේ කෙසේද සහ එම පුහුණුවේ වර්ධනය යෝගියා දැනගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  2. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  3. සමාධි සම්බොජ්ඣංගය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  4. උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  5. කොන්දේ අමාරුවක් ඇතිවන්නට හේතුවක් වන්නේ කර්මයද ඉරියාපථ නිසියාකාරව නොපැවැත්වීමද?
  6. ලෝභ සහ ද්වේශ සිතුවිලි එනවිටම දැනගෙන ඉවත්කරනවා නම් ඒ නිසා අප තුල චිත්තානුපස්සනාව වැඩෙනවාද? ***
  7. සීතල අවස්ථාවක තේජෝ කසිනයට සමවැදී උණුසුම ලබාගැනීමත් උණුසුම් අවස්ථාවකදී අයිස් වල ස්වභාවයේ සිත පැවැත්වීමෙන් සීතල ඇතිකරගැනීමේ ක්‍රමයන් නිවැරදි සහ සුදුසු ඒවාද? ***
  8. උපෙක්ඛා සම්බොජ්ඣංගය ඇතිවීමට පටහැනි පුද්ගලයින්ගේ ඇසුරෙන් ඉවත්වීම වෙනුවට එම අය නිසා ඇතිවන වික්‍ෂිප්ත සිතුවිලි හේතු ඵල වශයෙන් දැනගෙන ඉවත් කිරීම වඩා සුදුසු ක්‍රමයක් නොවේද? ***
  9. මේ කාලයේ සිදුවන මරණවලදී පාංශකූලය සිදුකිරීමට අපහසු වීම නිසා එයින් ඇතිවිය හැකි ප්‍රේත ආත්ම හේතුකොට වසංගතය වැඩිවිය හැකිද? ***
  10. කාලයක් භාවනාව ප්‍රගුණ කිරීම අතපසු වු අයෙකුට පිරිත් සූත්‍ර සජ්ඣායනා කිරීම භාවනාව නැවත ප්‍රගුණ කිරීමට උපකාර වෙනවද?
  11. මරණාසන්න අවස්ථාවේ සිහිකරගත යුතු කුසලයට පිරිකර වැනි පූජාවන් සිහිකිරීම, භාවනාමය සහ සීලමය කුසල් වලට වඩා සුදුසුද? ***
  12. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.