Saturday Dhamma Discussion – 25 (03-07-2021)

Saturday Dhamma Discussion – 25 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 25)

Saturday Dhamma Discussion – 25 was conducted on 03 July 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 25 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිපස් වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූලි මස 03 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ උද්ධච්චකුක්කුච්ච නීවරණය පාදක කරගෙන සිදුකරනු ලැබීය.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “උද්ධච්චකුක්කුච්චය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. උද්ධච්චකුක්කුච්ච නීවරණය හඳුනාගැනීම සහ එය දුරු කරගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  2. තමන් අතින් සිදුවුණු අතීත අකුසලයක් නිසා ඇතිවන පසුතැවීම දුරුකරගන්නේ කෙසේද?
  3. අනංගණ සුත්‍රයට අනුව සිදුවන අකුසලයහි වරද දැනගැනීම නිසා බෞධයාහට යහපතක් වෙනවාද? (අනංගණ සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  4. සක්මන් භාවනාවේදී අරමුණෙන් අරමුණට සිත වෙනස්වීම සිදුවුනත් එය උද්ධච්චය නොවේ නේද?
  5. පැරණි අකුසලයක් මතක්වීම නිසා එය තවත් නව අකුසලයක් ඇතිකරවීමට හේතුවේ ද?
  6. භාවනාවේ තමන් ලබා සිටින අවස්ථා ගැන භාවනා යෝගීන් පිරිසක් සමග සාකච්චා කිරීමෙන් කෙලෙස් වැදීම සිදුවිය හැකිද?
  7. මනස, චෛතසික සහ විඥානය පැහැදිලිකර දෙන්න.
  8. යම් කුසල් සහගත සිතුවිල්ලක් යෝනිසෝමනසිකාරයෙන් දකින විට එයට නොඇලී සිටිය යුතුද?
  9. මලගිය ඥාතීන් නිසා ඇතිවන ශෝකයට පාදකවන අකුසල් මූලය කුමක්ද?
  10. අකුසල මූල සිතුවිල්ලක්, කුසල මූල සිතුවිල්ලක් බවට පත්කරගන්නට පුලුවන්ද?
  11. දුකට පත්වූ අයෙකු ගැන අප තුල ඇත්තේ අනුකම්පාවද, කරුණාවද යන්න දැනගන්නේ කෙසේද?
  12. දහම් ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මේ ආත්මයේ සෝවාන් වීම යන අරමුණ සුදුසුද?
  13. භාවනා කිරීමට උත්සහ කරන විට සිත විසිරීම නවතා ගැනීමට මෙම උපාය මාර්ගය සුදුසුද?
  14. සිතක එකවර චෛතසික දෙකක් එකවර හටගැනීමට හැකිද?
  15. අවසානය.