දස පාරමිතා අංක: 27 (ක්ෂාන්ති පාරමිතාව 02) 02-11-2024

දස පාරමිතා අංක: 27 (ක්ෂාන්ති පාරමිතාව 02) 02-11-2024

දස පාරමිතා අංක: 27 (ක්ෂාන්ති පාරමිතාව 02) 02-11-2024

දස පාරමිතා අංක: 27 (ක්ෂාන්ති පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 02 November 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 නොවැම්බර් මස 02 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව පිළිබඳව තවත් ගැඹුරට පැහැදිලි කරන ලදී.  ක්ෂාන්ති පාරමිතාව ලෙස වංචක ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය ඉතා ප්‍රයෝජනවත් අකාරයෙන් පැහැදිලි කෙරිණි.  එසේම මෙහිදී ක්ෂාන්ති පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පැහැදිලි කෙරිණි.  එමෙන්ම ක්ෂාන්තිය දියුණු කිරීම තුලින් අනෙකුත් වටිනා ගුණයන් වැඩෙන ආකාරයද පැහැදිලි කෙරිණි.

අපගේ මානසික ප්‍රතිශක්තිය වඩාගන්නා ආකාරය ද මෙම වටිනා දේශනාව තුලින් පැහැදිලි කෙරේ.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ක්ෂාන්ති පාරමිතාව සහ එහි ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පැහැදිලි කරන්න. *** (ක්ෂාන්ති පාරමිතාව ලෙස වංචක ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය සහ ක්ෂාන්තිය දියුණු කිරීම තුලින් අනෙකුත් වටිනා ගුණයන් වැඩෙන ආකාරය පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
  2. ක්ෂාන්තිය ඇති වීමට සම්මා දිට්ඨිය සහ සති සම්පජඤ්ඤය තිබීම අවශ්‍ය වෙනවා නොවේ ද?  එමෙන්ම ක්ෂාන්තිය දියුණු වීම මෛත්‍රිය යනාදී සතර බ්‍රහ්ම විහරණ ඇතිකර ගැනීමට පහසුවක් වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් වේ.)
  3. වර්ථමානයේ ලංකාවේ ඇතිවෙමින් පවතින වැඩිහිටියන්ගේ අදහස් පිළිනොගන්නා ප්‍රවණතාවය අප සමාජයට බලපාන ආකාරය සහ චිත්ත වීධි වල කර්මය සම්බන්ධ වන්නේ කිනම් අවස්ථා වලද යන්න පැහැදිලි කරන්න. *** (වටිනා පැනයන් සහ ඉතා වටිනා  පැහැදිලි කිරීම් වේ.)
  4. ඉවසීම කියන ධර්මතාවය සහ අටලෝ දහමින් අකම්පිත වීමේ ගුණය අතර වෙනසක් තියෙනවද? ක්ෂාන්ති ගුණය සහ තාදී ගුණය වෙනස් වන්නේ කෙසේද ? ***
  5. අනාත්මය යනු මේ දෙකින් කුමක් දැයි පහදා දෙන්න. ***
  6. සමාජගත දුක කුමක්දැයි පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. සිඟාලෝවාද සූත්‍රයට අනුගතව රැකියා ස්ථානයේ තමන් සමග වැඩකරන එක මට්ටමේ ය දක්වා සිටින්නේ කුමන දිශාවෙන් ද?
  8. මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.