දස පාරමිතා අංක: 20 (ප්‍රඥා පාරමිතාව 05) 10-08-2024

දස පාරමිතා අංක: 20 (ප්‍රඥා පාරමිතාව 05) 10-08-2024

දස පාරමිතා අංක: 20 (ප්‍රඥා පාරමිතාව 05) – Saturday Dhamma Discussion was conducted via Zoom on 10th August 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අගෝස්තු මස 10 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥාවේ තවත් ලක්‍ෂණ පැහැදිලි කරන ලදී. මෙහිදී ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්ස පැහැදිලි කිරීම මෙදින ආරම්භ කරන ලදී.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: තව දුරටත් ප්‍රඥා පාරමිතාව පැහැදිලි කරන්න. *** (මෙහිදී ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්ස පැහැදිලි කිරීම මෙදින ආරම්භ කරන ලදී.)
  2. ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෙකු යැයි නොදන්නා අය වුවත් කෙලෙස් තුනී කරගනිමින් සමාධිය සහ භාවනාව වැඩිය යුතු නොවේ ද? ***
  3. තරුණ කාලයේ දී උගත්, බුද්ධිමත් ඇතැම් අය වියපත් වීමේ දී Dementia වැනි තත්වයන්ට පත්වන්නේ ඇයි? ***
  4. එකොලොස් ආකාරයකට විදර්ශනා කිරීම තවදුරටත් පැහැදිලි කරන්න. ***
  5. ප්‍රඥාව දියුණු කර ගැනීමේ දී තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන ලෙස කටයුතු කිරීම වැදගත් නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ආයුෂ වසර 10 කට අඩු වූ පසු නැවත බුදුවරු පහල වන්නේ කවර කාලයකදී ද?
  7. ද්විහේතුක ප්‍රතිසන්දිකයෙකුට එය පසුකාලීනව ත්‍රිහේතුක තත්වයකට වර්ධනය කරගත හැකි ද?
  8. මෛත්‍රී සහ ආනාපානසති භාවනාවන් ගෙන් ලබාගන්නා ධ්‍යාන වල වෙනස්කම් තියෙනවා ද? ***
  9. ප්‍රඥාව හීන වීමට බලපාන අකුසල කර්ම මොනවා ද? ***
  10. ධර්මය ඉගෙන ගැනීමෙන් ප්‍රඥාව දියුණු කර ගැනීමට හැකි වේ ද?
  11. මෙම දේශනා YouTube එකෙන් පසුව නැරඹිය හැකිද?
  12. තෙලිජ්ජ අෂ්ටපාන වශයෙන් බුදුරජාණන් වහන්සේට පුජා කරන්නේ ඇයි? ***
  13. ධර්මය ශ්‍රවණය කරන ඇතැම් විට භාවනාමය ඥානය අවධි කරගැනීමට පුළුවන් නොවේ ද?
  14. යහපත් සුදුසු අය පාලන තන්ත්‍රයට නොපැමිණෙන්නේ ඒ අයගේ අකුසල කර්ම නිසා ද නැතහොත් ඒ සමාජයට අකුසල කර්මයක් පලදීම නිසා වෙන් ද? ***
  15. ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ මාධ්‍ය වලින් වැරදි දහමක් දේශනා කරන අවස්ථා.
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.