දස පාරමිතා අංක: 17 (ප්‍රඥා පාරමිතාව 02) 29-06-2024

දස පාරමිතා අංක: 17 (ප්‍රඥා පාරමිතාව 02) 29-06-2024

දස පාරමිතා අංක: 17 (ප්‍රඥා පාරමිතාව 02) 29-06-2024

දස පාරමිතා අංක: 17 (ප්‍රඥා පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 29th June 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජූනි මස 29 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීමේ සහ දියුණු කිරීමේ වැදගත් කම සහ ක්‍රමවේදයන් පැහැදිලි කරන ලදී.  එම හැකියාව මත ප්‍රඥාවේ විවිධත්වය ඇතිවෙන ආකාරය පැහැදිලි කෙරිණි.

මෙහි දී කුසල සහ අකුසල ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ සහ එම හැකියාව දියුණු කිරීමේ වැදගත් කම අවධාරණය කෙරිණි.  එම හැකියාව දුබල වූ විට වංචක ධර්ම වලට අප හසුවෙන ආකාරය පැහැදිලි කෙරිණි.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී ඇතැම් ඉතා වටිනා ප්‍රායෝගික කරුණු මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ප්‍රඥා පාරමිතාව දියුණු කිරීමේ දී සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම දියුණු කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. *** (මෙහි දී කුසල සහ අකුසල ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ සහ එම හැකියාව දියුණු කිරීමේ වැදගත් කම අවධාරණය කෙරිණි. එම හැකියාව දුබල වූ විට වංචක ධර්ම වලට අප හසුවෙන ආකාරය පැහැදිලි කෙරිණි.)
  2. මහාභූත සතර සහ සිතේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව ප්‍රඥාවෙන් දැන ගැනීමට සක්මන් භාවනාව සහ කය කෙරෙහි සිහිය පැවැත්වීම වැදගත් වෙනවා නොවේ ද? *** (අප සියළු දෙනාටම අවශ්‍ය එහෙත් ගැඹුරු වූ ප්‍රඥාව ක්‍රමිකව දියුණු කරනා ක්‍රමවේදය මේ තුලින් පැහැදිලි කෙරේ.)
  3. ආකාශ ධාතුව හඳුනා ගැනීමට කායානුපස්සනාවේ විශේෂ භාවනාවක් තිබේ ද? ***
  4. අනිමිත්ත සමාධිය මූලික කරගෙන වර්ථමාන භාවනා ගුරු කුලයක එය නිවන් දැකීමේ ක්‍රමවේදයක් ලෙස අවධාරණය කිරීම නිවැරදි දැයි පහදා දෙන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  වර්තමානයේ දී ඇතැම් භාවනා යෝගීන් මේ තුලින් නොමග යෑම සිදුවෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.)
  5. පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පිළිබඳව තව දුරට පැහැදිලි කරන්න.
  6. භවාංග සිතෙහි සබ්බ චිත්ත සාධාරණ චෛතසික ප්‍රක්තයුක්ත වෙනවා ද?
  7. අවකාශ ධාතුව තවදුරටත් පැහැදිලි කරන්න.
  8. අනිත්‍ය ලක්‍ෂණය හෝ දුක්ඛ ලක්‍ෂණය නොවන තැනක යමක් අනාත්ම වීම සිදුවිය හැකි ද?
  9. නාම ධර්ම වල ශුද්ධාෂ්ටකය යෙදී ඇති ආකාරය පැහැදිලි කරන්න.
  10. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පිළිබඳව සහ ලොනඵල සූත්‍රය පිලිබඳ ග්‍රන්ථය ගැන පැනය.
  11. අර්ථ ප්‍රඥප්තිය පිළිබඳව මෙම පැහැදිලි කිරීම නිවැරදි ද? ***
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.