දස පාරමිතා අංක: 16 (ප්‍රඥා පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 15 June 2024 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජූනි මස 15 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥා පාරමිතාවේ මූලික පැහැදිලි කිරීම ඇරඹිණි. ප්‍රඥාවේ ඕභාෂණ ලක්‍ෂණය, ඡේදන ලක්‍ෂණය සහ එයට හේතු ඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය එක් වෙන අයුරු පැහැදිලි කෙරිණි.
එමෙන්ම සාමාන්‍ය ලක්‍ෂණ සහ විශේෂ ලක්‍ෂණ යනු මොනවා දැයි පැහැදිලි කෙරිණි.
එමෙන්ම එහිදී සංසාරගත සත්වයන්ට ප්‍රඥාව යනු කුමක් දැයි වටහා ගැනීම අපහසු වෙන කාරණා ගැඹුරින් පැහැදිලි කරන ලදී.
මෙවර සාකච්ඡාවේදී ද අද දින මාතෘකාවට අදාළ වටිනා පැන සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරිණි.
- ධර්ම දේශනාව: ප්‍රඥා පාරමිතාවේ මූලික කරුණු පැහැදිලි කරන්න. *** (කිහිප වතාවක් ශ්‍රවණය කිරීමට වටිනා ධර්ම දේශනාවකි. මෙහි දී අප හට ප්‍රඥාවේ පුළුල් බවත් එය වටහා ගැනීමට සහ උපදවා ගැනීමට අපට අපහසු වෙන කරුණුත් මනාකොට පැහැදිලි කෙරේ.)
- කෙලෙස් ඇති වීමේ දී අප විසින් රාගය, ද්වේෂය වැනි අකුසල මූලයන් දැන ගත්තා වුවත් ඒවායින් ගැලවීම අපහසු වන්නේ ඇයි? *** (ප්‍රඥාව ප්‍රායෝගිකව දියුණු කිරීමේ දී ඇතිවිය හැකි ගැටළු සහිත සංධිස්ථානයක් මෙහි දී පැහැදිලි කෙරේ. මෙහි දී එම ගැටළු නිරාකරනය කරන ආකාරය ප්‍රයෝගික උදාහරණ ඇසුරු කර ගනිමින් ඉතා හොඳින් පැහැදිලි කෙරේ.)
- කාය පීඩා සහ චිත්ත පීඩා දුක දැකීම ආර්යන් වහන්සේලා දකින දුක අවබෝධ කර ගැනීමට අපට රුකුලක් වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දුක්ඛ ලක්‍ෂණ ප්‍රගුණ කරන විට ඒ පිළිබඳව උදාසීන ගතියක් ඇතිවීමට හැකි නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- නිවන් සුව විඳිනවා නම් සිත චෛතසිකයන් ගෙන් තොරව පැවතිය යුතුයි නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- බොදු පුවත් පතක සඳහන් වූ වැරදි කරුණක් නිවැරදි කිරීම.
- අනිත්‍ය අවබෝධ කරගැනීම සඳහා වටිනාම කාරණය ප්‍රඥාව නොවේ ද?
- කෘත්‍රිම බුද්ධිය (AI) තුලින් අපට නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වෙනවා නොවේ ද?
- භව ගමන දුකක් බව නොතේරෙන බව නිත්‍ය වූ ස්වභාවයෙන් නොවැටහෙන්නේ නොවේද ?
- අභිධර්මයේ චිත්ත චෛතසික හා රූප ධර්මයන් තුල අප ඉගෙන ගන්නා කොටසේ වැඩි අවධානය තියෙන්නේ පෞද්ගලික ලක්‍ෂණයක්ම නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- පොදු ලක්‍ෂණයන් ගැන විමසා බැලීමෙන් පමණක් උතුම් මගඵල ලබමින් ලෝකෝත්තර සිත් සම්බන්ධ වන්නේ ද?
- තණ්හාවෙන් අනවභෝදය පෝෂණය වන්නේ නොවේ ද? මනතුංග මහතා ඇසු පළමු කාරණය දැනුමක් මිස ප්‍රඥාවක් නොවේ නේද?
- දෙවෙනි පැනයට පැහැදිලි කල කාරණයේ දී පිරිසිඳ දත යුතුයි යන කාරණාව ද පැහැදිලි කෙරේ ?
- මනසට එන අරමුණු පංචස්ඛන්ධයක් නේද? එම අරමුණු විදර්ශනාවට ගන්නේ කෙසේ ද?
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.