දස පාරමිතා අංක: 14 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 02) 25-05-2024

දස පාරමිතා අංක: 14 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 02) 25-05-2024

දස පාරමිතා අංක: 14 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 02) 25-05-2024

දස පාරමිතා අංක: 14 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 25th May 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් එක්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මැයි මස 25 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පුහුණු කිරීමේ ප්‍රතිපදාව පැහැදිලි කරන ලදී.  මෙහිදී ශීල ප්‍රතිපදාව, ශික්ෂණය, සංවරය සහ ගුණයක් වශයෙන් දියුණු කරමින් එම පුහුණු ප්‍රතිපදාව පැහැදිලි කෙරිණි.  ඒ සඳහා ප්‍රඥාව ශීලය දියුණු කිරීමට උපකාර වෙන ආකාරය පැහැදිලි කෙරිණි.

ප්‍රඥාවෙන් තෘප්තිමත් වීම කුමක් දැයි මෙහි දී හොඳාකාර ලෙස පැහැදිලි කෙරිණි.  බුදු රජාණන්වහන්සේ උපමා දහයකින් පැහැදිලි කල කාමයන්ගේ ආදීනව මැනවින් දැන ගැනීම සහ එය පුහුණු කිරීමට ඇතුලත් කර ගැනීමේ වටිනාකම පැහැදිලි කෙරිණි.

මෙවර සාකච්ඡාවේදී නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාවට අදාළ නොවන පැන බොහොමයක් විමසීම සිදු විනි.  එබැවින් ධර්ම සාකච්ඡාවේදී මාතෘකාවට අදාලව ප්‍රයෝගිකව ප්‍රශ්න ඇසීමේ අවශ්‍යතාවය සහ නිවැරදි පදනම පිළිබඳව අවධාරණය කරන ලදී.


  1. ධර්ම දේශනාව: නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පුහුණු කිරීමට ශීලය උපකාරී වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙහිදී ශීල ප්‍රතිපදාව, ශික්ෂණය, සංවරය සහ ගුණයක් වශයෙන් දියුණු කිරීමට ප්‍රඥාව උපකාර වෙන ආකාරය පැහැදිලි කෙරිණි.  එහි දී ප්‍රඥාවෙන් ශීලය දියුණු කිරීම තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු වෙන ආකාරය පැහැදිලි කෙරිණි.)
  2. බුදුරජාණන් වහන්සේ කාමයන් සිහිනයක් වගේ යැයි අපට කියා දුන් වැනි කරුණු සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් ඒ, ඒ අවස්ථා වල පුහුණු වීම ශීලය දියුණු කරමින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පුහුණු කිරීමට හේතු වෙනවා නොවේ ද? *** (මෙම පැනය තුලින් ඇති වූ සාකච්චාව තුලින් විවිධ වටිනා කරුණු මතු කෙරිණි.  ගිහි ජීවිතයේ දී යුතුකම් සහ වගකීම් ඉටු කරමින් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කල යුතු ආකාරයත්, එය මනාකොට සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් සමතුලනය නොවුනහොත් ”පුද්ගලයන් සහ ද්‍රව්‍ය අතහැරීම” නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ලෙස පටලවා ගතහැකි ආකාරයත් පැහැදිලි කෙරිණි.  එමෙන්ම සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් ඉහත ආකාරයෙන් ආදීනව දැකීම තුලින් ගිහි ජීවිතය තුල නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව, මධ්‍යම ප්‍රතිපදාවෙන් දියුණු කල හැකි බව පැහැදිලි කෙරිනි.)
  3. අභිනිෂ්ක්‍රමණය තුලින් මහා බෝසතුන් යශෝදරා දේවියට වරදක් කළා ද? 
  4. රාහුල කුමරු මහණ කිරීමෙන් පසුව ඇතිකළ විනය ප්‍රඥප්තිය පැහැදිලි කරන්න.*** (බුදු රජාණන් වහන්සේ ප්‍රඥප්ති පැනවූ ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.)
  5. ස්වාමීන්වහන්සේලාගේ සෙනසුන් පිරිසිදු කරගැනීමේ දී ගස් කැපීමට සිදුවෙන විට එය කල යුත්තේ කෙසේ ද?
  6. ප්‍රශ්න ඇසීම ගැන සිදුකල ඉල්ලීම. *** (එමෙන්ම මාතෘකාවට අදාලව ප්‍රයෝගික පැන විමසීම ඉතා වැදගත් වේ.)
  7. අරියකාන්ත ශීලයක් රකින කෙනෙකු මල් කඩා වන්දනා කිරීම සුදුසු ද?
  8. විවාහක දෙදෙනෙකු වෙන් වී දෙදෙනාම මහන දම් පිරීම හෝ වෙනත් විවාහයන් කර ගැනීම් සම්බන්ධ ඇති සමාජ පිළිගැනීම පැහැදිලි කරන්න.
  9. ශීලය දියුණු වීමේ දී සංවරයක්, ගුණයක් මට්ටමට දියුණු වීමට සති සංවරය අවශ්‍ය නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  10. සක්කාය දිට්ඨිය සහ අස්මි මානය අතර වෙනස පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. අවසානය. *** (මෙම ධර්ම සාකච්චාවේ දී පැන විමසිය යුතු පදනම සහ ආකාරය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.