දස පාරමිතා අංක: 33 (මෛත්‍රී පාරමිතාව) 28-12-2024

දස පාරමිතා අංක: 33 (මෛත්‍රී පාරමිතාව) 28-12-2024

දස පාරමිතා අංක: 33 (මෛත්‍රී පාරමිතාව) 28-12-2024

දස පාරමිතා අංක: 33 (මෛත්‍රී පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 28th December 2024 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 දෙසැම්බර් මස 28 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් මෛත්‍රී පාරමිතාව කුමක්දැයි පැහැදිලි කෙරිණි. එමෙන්ම මෛත්‍රීය ලෙසින් රාගය සමාජය තුල බහුල ලෙස වරදවා වටහා ගෙන ඇති ආකාරය සහ වංචක ධර්ම මෛත්‍රිය ලෙසින් පටලවා ගන්නා ආකාරය ඉතා වටිනා ප්‍රායෝගික උදාහරන ඇසුරින් පැහැදිලි කෙරිණි.

මෙම ධර්ම දේශනාව මෛත්‍රිය දියුණු කිරීමට වෙහෙසෙන සහ මෛත්‍රි භාවනාව කරන අයට ඉතා ප්‍රයෝජනවත් වේ.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: මෛත්‍රී පාරමිතාව කුමක්ද සහ එය වරදවා වටහා ගන්නා ආකාරය පිළිබඳවත් පැහැදිලි කරන්න.*** (ඉතා වටිනා දේශනාවකි.  මෙහිදී මෛත්‍රීය ලෙසින් රාගය සමාජය තුල බහුල ලෙස වරදවා වටහා ගෙන ඇති ආකාරය සහ වංචක ධර්ම මෛත්‍රිය ලෙසින් පටලවා ගන්නා ආකාරය ප්‍රායෝගික උදහාරන ඇසුරින් පැහැදිලි කෙරිණි.)
  2. යමෙකුට විපස්සනා මුලික අධිචිත්ත ස්වාභාවයක් එදිනෙදා ජීවිතයේදී ඇතිකර ගැනීමට හැකි නම් කාම, ව්‍යාපාද සහ විහිංසා විතක්ක නිසල කල සිතක් පාදක කොට දෙවනුව මෛත්‍රීය වර්ධනය කිරීම පහසු වෙනවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා සාකච්ඡාවකි.)
    මෙහිදී සඳහන් කල වෙබ් යොමුවන් වලට මෙතනින් පිවිසෙන්න:
    1. 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්ඡාවන්.
    2. විතක්ක සණ්ඨාන සූත්‍රය. (21-12-2024)
    3. මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා – DVD 01
  3. අධිෂ්ඨාන පාරමිතාව අනෙකුත් පාරමිතාවන් සමග බැඳී ඒවා ඉදිරියට ගෙන යන බලයක් සහිත පාරමිතාවක් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. බුදු රජාණන් වහන්සේ සත්වයන්ගේ උපත විපත දකිනා නුවණ, පර සිත් දකිනා නුවණ ලබා ගත්තේ ආනාපාන සති භාවනාව වැඩීමෙන්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. මෛත්‍රී භාවනාව සමග විදර්ශනාව වඩන විට පුද්ගලභාවය විදර්ශනාව තුලින් බොඳවී යන නිසා මෛත්‍රී භාවනාව අතහැරෙනවා ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා සාකච්ඡාවකි.)
  6. මියගිය කෙනෙකුට මෛත්‍රිය පතුරුවන විට ඒ අයට එය බලපාන්නේ කෙසේද? ***
  7. මගේ ගැටලුව මට නිතර නිතර එකම දෙය සිහිවෙනවා.  අකමැති දෙය.ජරා ගොඩවල් ,කුණු ගොඩවල්, පස් ගොඩවල් දැක්කම අප්‍රිය ස්වභාවයක් දැඩිව දැනෙනව.  අමතක වෙන්නේ නැහැ.  නැවත, නැවත කාලයක් යනකම්ම මතක් වෙනව.  කෑම ගන්න හදද්දිම මතක් වෙනව.  කෑම කන්නත් අප්‍රිය වෙනව.  පාරවල් වල යද්දි දකින කුණු ජරාව අමතක වෙන්නේ නැහැ.  කාලයක්ම හිතේ තියෙනව.  ඒ වගේම නිවසේ මිදුල උදේ කාලයට තෙත ස්වභාවය සහ කූඹි ගොඩදාල තියෙන පස් ගොඩවල් වගේ ඒව දැක්කම අප්‍රියයි.  එනිසා මිදුල අතුගාන්න පවා අපහසුවක් තියෙනවා.  මේ තත්වයෙන් මිදෙන්නේ කොහොමද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. සතර සම්ප්‍රයෝග ලක්ෂණ අනූව (ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකා ලම්භන, ඒක වත්තුක) පටිඝය යෙදෙන ආකාරය පහදා දෙන්න. ***
  9. මෛත්‍රී මහ බෝසතුන් වහන්සේට නියත විවරණ ලබා දුන්නේ කිනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ද?  ගෞතම බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබූ මහා බෝසත් කෙනෙකු ගැන සඳහන් වෙනවා ද? ***
  10. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ඉහත ආත්ම ගැන කීමට දෙවියන්ට හෝ අමනුෂ්‍යයන්ට පුළුවන් වේ ද?
  11. මෛත්‍රීය කෙනෙකු තුල දියුණු වීමේ දී ඔහුගේ මමායනය අඩුවීමක් වෙනවා ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  12. යම් කෙනෙකු භාවනා කරන විට එය විකෘති තත්වයන්ට පත්වන්නේ කුමන හේතු නිසාවෙන් ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  13. මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.


සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.