දස පාරමිතා අංක: 32 (අධිෂ්ඨාන පාරමිතාව 02) 21-12-2024

දස පාරමිතා අංක: 32 (අධිෂ්ඨාන පාරමිතාව 02) 21-12-2024

දස පාරමිතා අංක: 32 (අධිෂ්ඨාන පාරමිතාව 02) 21-12-2024

දස පාරමිතා අංක: 32 (අධිෂ්ඨාන පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 21st December 2024 by Most Ven. Kukulpane Sudassi Thero

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 දෙසැම්බර් මස 21 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් අධිෂ්ඨාන පාරමිතාව සඳහා සාධක සහ බාධක තව දුරටත් පැහැදිලි කෙරිණි.  එමෙන්ම අධිෂ්ඨාන පාරමිතාව දියුණු කිරීමේදී උපාය කෞශල්‍ය යොදන ආකාරය පැහැදිලි කෙරිණි. 

එසේම අධිෂ්ඨානය පාරමිතාවක් ලෙසින් පිරීමේදී ආත්ම මූලිකව සිට මානුෂීය සහ ආධ්‍යාත්මික වශයෙන් දියුණු කලයුතු ආකාරය ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: අධිෂ්ඨාන පාරමිතාව පිරීමේ දී සාධක, බාධක සහ උපාය කෞශල්‍ය පැහැදිලි කරන්න. *** (ප්‍රායෝගිකව අධිෂ්ඨාන පාරමිතාව දියුණු කිරීමේ දී සැලකිය යුතු මූලික කරුණු පැහැදිලි කෙරෙන වටිනා ධර්ම දේශනාවකි.)
  2. මානුෂීය සහ ආධ්‍යාත්මික මූලිකත්වයකින් යුතුව උපාය කෞශල්‍ය යොදන ආකාරය පිලිබඳ ප්‍රායෝගික අත්දැකීමක්. *** (ගැටීමකින් තොරව ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම අවධි කරගනිමින් උපාය කෞශල්‍ය යොදන ආකාරය පිලිබඳ වටිනා ප්‍රායෝගික උදාහරණයකි.)
  3. බුදුරජාණන් වහන්සේ පවා ඇතැම් අවස්ථා වල තදින් ක්‍රියා කල නිසා අපත් සැම අවස්ථාවේ ම යහපත්ව ක්‍රියා නොකර තදින් ක්‍රියා කිරීම සුදුසු වේද? *** (සමාජයේ පවතින වැරදි අදහසක් නිවැරදි කරමින් පැහැදිලි කරන ඉතා වටිනා පිළිතුරකි.)
  4. සුමේධ තපස තුමා මම අනාගතයේ බුදු වෙමි කියා සිතු කරුණ අධිෂ්ඨානයක් වේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ විසින් සූවිසි ප්‍රත්‍ය පිළිබඳව දේශනා කර ඇත්තේ කුමන පොත් වල ද? ***
  6. භාවනාවක් හොඳින් වර්ධනය නොවීමට අපගේ පාරමිතා නොවඩා තිබීම හේතු විය හැකිද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. භාවනා කිරීමට උත්සාහ කරන ඇතැම් අයට වදදෙන කරුණක් පැහැදිලි කිරීමකි.)
  7. ධම්ම අරමුණු වන සිත ඵම අවස්ථාවේදී කුමන ඉන්ද්‍රියක් ආශ්‍රිතව පැන නගී ද? මොලය ආශ්‍රිත වද නැතහොත් හදවත ආශ්‍රිතව ද? ***
  8. මහ බෝසත්වරු තමන් සමග සසරේ යන පිරිසක් තමා විසින් සාදා ගන්නවා ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. යම් ධර්ම දේශනාවක් ඇසීමට හෝ යම් පින්කමක් පැවැත්වෙන අවස්ථාවකට සහභාගි විම සජීවිව සම්බන්ධ වෙන අයෙකුගේ සහ එසේ සහභාගිවීමට පහසුව තිබියදී රූපවාහිණියෙන් නැරඹීම නැතනම් ගුවන්විදුලියෙන් ස්වන්දීම නැත්නම් zoom මගින් සම්බන්ධ වෙන අයෙකුගේත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ වෙනසක් තිබේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. සාමාන්‍ය ජීවිතයේදී තමන්ටත් අනුන්ටත් වරදක් නොවන ආකාරයෙන් අපගේ සිත පැවැත්වීම උපාය කෞශල්‍ය වේද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙය ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
  11. භාවනාව වර්ධනය කරගැනීමට අවශ්‍ය මූලික පියවරක් පිළිබඳව පැහැදිලි කිරීමක්. *** (ඉතා වටිනා සාකච්ඡාවකි.  මෙය ඉහත පැන අංක 06 ට සම්බන්ධ වේ.) 
  12. මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.


සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.