දස පාරමිතා අංක: 25 (වීර්ය පාරමිතාව 03) 05-10-2024

දස පාරමිතා අංක: 25 (වීර්ය පාරමිතාව 03) 05-10-2024

දස පාරමිතා අංක: 25 (වීර්ය පාරමිතාව 03) 05-10-2024

දස පාරමිතා අංක: 25 (වීර්ය පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 05 October 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ඔක්තෝබර් මස 05 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් චිත්ත චෛතසිකයන්ගේ මැලිබව ඇතිවීමේ හේතු පැහැදිලි කරන ලදී.  මෙහිදී අයෝනිසෝමනසිකාරය, අලස බව ය, ඇඟ පණ නැති බව, බත් මත ය, සිත හැකිළෙන බව යනාදී කරුණු භාවනා යෝගීන් හට ඉතා ප්‍රයෝජනවත් ආකාරයෙන් පැහැදිලි කරන ලදී.  එමෙන්ම චිත්ත චෛතසිකයන්ගේ මැලිබව නැති වී වීර්ය අවධි වීමේ හේතු පැහැදිලි කරන ලදී.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: චිත්ත චෛතසිකයන්ගේ මැලිබව ඇතිවීමේ සහ නැතිවීමේ හේතු පැහැදිලි කරන්න. *** (විශේෂයෙන්ම භාවනායෝගීන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. බුදුරජාණන් වහන්සේ අපට ජීවිතය නැතිකර ගන්නා ආකාරයෙන් දහම් පුහුණුව නොකළ යුතු යැයි දේශනා කර තියෙනවා නොවේද? *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  මෙහිදී ජීවිතය පරදුවට තබා පුහුණුව සිදුකල යුත්තේ කෙබඳු අවස්ථාවකදී දැයි පැහැදිලි කෙරේ.)
  3. ගැඹුරින් භාවනා කරන උතුමන්ට නිදි වර්ජිතව අවුරුදු ගණන් සිටිය හැක්කේ කෙසේද? (එසේ නිදි වර්ජිතව සිටීම වර්ථමාන වෛද්‍යවරු හා විද්‍යාඥවරු අනුමත නොකරන කාරණයකි.) *** (වටිනා පැනයක් සහ ඉතා වැදගත් පැහැදිලි කිරීමකි.  මෙහිදී එසේ නිදිවර්ජිතව සිටීම සඳහා දියුණු කලයුතු කරුණු සහ කඩඉම් පැහැදිලි කෙරේ.)
  4. අනාගතයේදී මෛත්‍රී මහා බෝධිසත්වයාණන් බුදුවීම සඳහා අධිෂ්ඨාන කොට හිඳගත් විට මාරයා සටනට නොපැමිනම පලා යනබව අසා තිබෙනවා.  එය වීර්යයේ කුමන බලයක් වේද? *** (මහා බෝසත්වරුන්ගේ බුදුවීමට පෙර අවසාන භවයේ පවා ඇති වෙනස්කම් මෙහිදී පැහැදිලි කෙරේ.)
  5. භාවනා නොකර ධර්මය ශ්‍රවණය කිරීමෙන් පමණක් සෝවාන් ඵලය ලැබිය හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. අධිවචන සම්පස්සය පහදා දෙන්න. ***
  7. භාවනාවේ දී මෝහය හඳුනා ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. යෝනිසෝමනසිකාරය සහ සති සම්පජඤ්ඤය අතර වෙනසක් ඇතිදැයි පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. වීර්ය අඩුවීම චෛතසික 52 තුල වර්ගී කරණය කල හැකි ද?
  10. වෛද්‍යවරියකගේ භාවනාව තුලින් නින්දේ අවශ්‍යතාවය අඩුවීම පිලිබඳ අත්දැකීම්. ***
  11. ඇතැම් ස්වාමීන්වහන්සේලා නිවනට පත්වීමට විරිය පමණක් වසර ගණනාවක් වැඩීම උන්වහන්සේලාගේ අනෙකුත් බල ධර්ම සමව නොවැඩීමට හේතු වුවා විය හැකිද? එසේම එතරම් කාලයක් ගතවීමට පෙර කර්ම බලය හේතුවක් විය හැකි ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  12. අධිවචන සම්පස්සය පිලිබඳ මෙම කරුණු පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  13. සිත හදයවත්තු රූපය ආශ්‍රිතව පැවතීම පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  14. අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.