දස පාරමිතා අංක: 22 (ප්‍රඥා පාරමිතාව 07) 31-08-2024

දස පාරමිතා අංක: 22 (ප්‍රඥා පාරමිතාව 07) 31-08-2024

දස පාරමිතා අංක: 22 (ප්‍රඥා පාරමිතාව 07) 31-08-2024

දස පාරමිතා අංක: 22 (ප්‍රඥා පාරමිතාව 07) – Saturday Dhamma Discussion was conducted via Zoom on 31st August 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අගෝස්තු මස 31 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥා පාරමිතාව දියුණු කර ගැනීමට බාධක වන කරුණු පැහැදිලි කරන ලදී. මෙය දහම් මග ප්‍රගුණ කරන්නන් සහ භාවනා යෝගීන් හට කිහිප වතාවක් සවන් දීමට සුදුසු ඉතා වටිනා ධර්ම දේශනාවකි. 

එමෙන්ම මෙදින සිදුකල වටිනා දේශනාවෙන් ප්‍රඥා පාරමිතාව පැහැදිලි කර අවසාන කෙරිණි.

මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ප්‍රඥා පාරමිතාව දියුණු කර ගැනීමට බාධක වන කරුණු කරුණු පැහැදිලි කරන්න. *** (දහම් මග ප්‍රගුණ කරන්නන් සහ භාවනා යෝගීන් හට කිහිප වතාවක් සවන් දීමට සුදුසු ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. ආනාපානසති භාවනාවේ දී මේ අයුරින් විපස්සනා මනසිකාරය දියුණු වීම කුතුහලය දියුණු වීමක් ද? *** (භාවනා යෝගීන් හට ඉතා වටිනා කරුණු මතු කෙරෙන සාකච්ඡාවකි.)
  3. අනිමිත්ත සමාධිය යනු සම්මස්සර ඥානය තව දුරටත් දියුණු වීමෙන් ඇති වන්නක් ද? *** (භාවනා යෝගීන් හට ඉතා වටිනා කරුණු මතු කෙරෙන සාකච්ඡාවකි.)
  4. විනිශ්චය එකිනෙකාගේ දැනුම් මට්ටම් අනුව වෙනස් වෙනවා නොවේද සහ එවිට නිවැරැද්ද සහ වැරැද්ද තේරුම් ගන්නේ කෙසේද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  එම පිළිතුරේ ඉහත අංක: 02 ටත් යම් සම්බන්ධයක් පවතී.)
  5. වර්තමානයේ මතුවී ඇති මැතිවරණ දේශපාලන තත්වයේ දී සිදු වෙන විවේචනයන් මැද අප ක්‍රියා කල යුත්තේ කෙසේද? *** (වටිනා කාලෝචිත පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  6. තීරණ ගැනීමේ දී එය ඉතා හොඳින් කිරීමට අප ක්‍රියා කල යුත්තේ කෙසේ ද?*** (වටිනා කාලෝචිත පැනයක් සහ පැහැදිලි කිරීමකි.  එම පිළිතුර ඉහත අංක: 05 ටත් යම් සම්බන්ධයක් පවතී.)
  7. භාවනා කිරීම ආරම්භ කරන නවක යෝගාවචරයන් හට භාවනාව එපා වීමටත් ථීනමිද්ධය ඇතිවීමටත් මෙම කරුණ බලපානවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. මංගල සූත්‍රය වැනි සූත්‍රයක් පුහුණු කරන විට නිවන් දැකීමට හැකි වේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. කර්මය ඉක්මවා යාම කියන්නේ කුමක්ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  10. පිණ්ඩපාතයේ වඩින ස්වාමින්වහන්සේ කෙනෙකුන්ට අදාලව ඇති වූ මෙම ගැටළුව ගැන ක්‍රියා කල යුතු ආකාරය පහදා දෙන්න. *** (පිණ්ඩපාතයේ වඩින ස්වාමින්වහන්සේලා හට පූජාවන් කිරීමේ දී පිළිපැදිය යුතු ආකාරය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  11. අවසානය සහ ඊළඟ මාතෘකාව පිළිබඳව.


සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.