
පටිච්චසමුප්පාදය අංක: 05 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (13-05-2023)
පටිච්චසමුප්පාදය අංක: 05 – Saturday Dhamma Discussion was conducted via Zoom on 13 May 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතර වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මැයි මස 13 වන දින සිදුකරන ලදී. මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ පස් වන වැඩ සටහන විය.
මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන ‘සලායතන පච්චයා ඵස්සෝ’ සහ ‘ඵස්ස පච්චයා වේදනා’ යන්න පැහැදිලි කරන ලදී. ඵස්සය යනු කුමක් ද සහ ඒ අනුව වේදනාව සකස්වන ආකාරය මෙහිදී පැහැදිලි කරන ලදී. එමෙන්ම ප්‍රපංච ගොඩ නැගෙන්නේ කුමන ආකාරයෙන්ද යන වටිනා කරුණ ද මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දීද ධර්ම දේශනාවට සම්බන්ධ බොහෝ වටිනා ප්‍රශ්න ඇසීම සිදුවිණි.
මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.
- ධර්ම දේශනාව: සලායතන පච්චයා ඵස්සෝ සහ ඵස්ස පච්චයා වේදනා යන්න පැහැදිලි කරන්න. *** (කයින් ඇතිවෙන විඳීමේ රළු බව යනු කුමක් ද සහ මනෝ ආයතනයෙන් ස්පර්ශ කිරීමේ ඇති විශේෂත්වය යනාදී වටිනා කරුණු මෙහි දී පැහැදිළ කෙරේ. අරමුණු පිළිබඳව අප සංජානනය කරන ආකාරය පිළිබඳව අප දැනගත යුතු සුවිශේෂී කරුණු මෙහි පැහැදිලි කෙරේ.)
- සතර සතිපට්ඨානය වැඩීමේ දී මුලික වෙන ස්ථානය වෙන්නේ අපට අද දේශනා කල ස්පර්ශය සහ වේදනාව ඇතිවෙන අවස්ථාව නොවේ ද? *** (සතර සතිපට්ඨාන භාවනාව සහ චිත්තානුපස්සනා භාවනාව පිලිබඳ වටිනා කරුණු මෙහි දී මතු කෙරේ.)
- මධුපිණ්ඩික සූත්‍රයේ, ඵස්ස පච්චයා වේදනා යන තැනට ඒමේදී පුරාන කර්මයට අනුව එය සිදු වෙනවා නොවේ ද? ***
- හදයවත්තු රූපය ඇතිවන්නේ කලලයේ පස්වන සතියේ ද?
- බුදුරජාණන් වහන්සේ කෙරේ ද්වේෂ සහගතව කටයුතු කල දේවදත්ත තෙරුන් වහන්සේට ධ්‍යාන අභිඥා පිහිටියේ කෙසේ ද?
- “දැක්කොත් දැක්ක දේ දුටු දෙයින් නවත්වන්න, ඇසුනොත් ඇසුණු දේ …” යන උපදේශය සම්මුති ලෝකයට ගැලපෙනවා ද? *** (මෙම වටිනා පැනයට පිළිතුරු දෙමින් ගරු ස්වාමින්වහන්සේ සම්මුති ලෝකයේ අප ක්‍රියා කල යුතු ආකාරයට අමතරව එම ‘දිට්ඨෙ දිට්ඨ මත්තං…’ දහමේ නියම අර්ථයද පැහැදිලි කළහ.)
- අපට යමක් දැනගැනීමට චිත්ත වීධි ගණනාවක් ගතවන බැවින් ඒ ගැන අප කුමක් කල යුතු ද? *** (වටිනා පිළිතුරකි.)
- සිහිය පිහිටුවා ගෙන වාසය කරනවා කියන්නේ සිත වර්තමානයේ තබා ගැනීම ද? *** [පැහැදිළි නැතිව පැටලිලි ස්වභාවයකින් නැගූ පැණයකට දුන් වටිනා පිළිතුරකි. මේ ගැන වඩාත් පැහැදිලිව දැන ගැනීමට ගෞරවනීය ස්වාමින්වහන්සේ ගේ මෙම කෙටි දහම් පණිවිඩ නරඹන්න. 01. බුදුදහමේ දැක්වෙන සතිමත් බවේ මූලික ලක්ෂණ – අංක 03 https://youtu.be/1fWsu8Au0ZE (විනාඩි 05 ක වටිනා පණිවිඩයකි.), 02. බුදුදහමේ දැක්වෙන සතිමත් බවේ මූලික ලක්ෂණ – අංක 02 https://youtu.be/111XR04tw_I (විනාඩි 09 ක වටිනා පණිවිඩයකි.)]
- චිත්තානුපස්සනාවේ මහග්ගත සිත් යනුවෙන් දැක්වෙන්නේ කුමන සිත් ද? ***
- අප වර්ථමානයේ හඳුනා ගැනීම් කරන්නේ පෙර දී අප විසින් අල්වා ගෙන ඇති අරමුණු, සංඥා අනුව නොවේ ද? *** (සතිපට්ඨානයේ ක්‍රියාකාරීත්වය පිලිබඳ වටිනා පිළිතුරකි.)
- අඳුර ඇසේ පතිත වීමෙනුත් චක්කු විඥානය ඇති වෙනවා නොවේ ද?
- අධි වේගී චිත්ත හඳුනා ගැනීමට සම්මා සතියත් සම්මා සමාධියත් දියුණු කිරීම අවශ්‍ය නොවේ ද? ***
- සිත සහ සිහිය දෙකක් ද?
- කලින් පැණයේ අඳුර ගැන කීවේ නිසාචර සත්වයන් සිටින නිසාවෙනි.
- මොලය මියගිය කෙනෙකුගේ විඥානය හදය රූපය තුල පවතින බැවින් අවයව ඉවත් කිරීමෙන් මැරෙන බැවින් එය පාපයක් ද? *** (වටිනා ප්‍රායෝගික පිළිතුරකි.)
- නිවන පරමාර්ථ ධර්මයක් ලෙස අනෙක් ධර්ම සමග ගොනු කරන්නේ කෙසේ ද?
- පටිච්චසමුප්පාදය ඉගෙන ගැනීමට විශේෂ ක්‍රමයක් අවශ්‍ය වේ ද සහ එහි අනුලෝම ප්‍රතිලෝම ක්‍රමය පැහැදිලි කරන්න. *** (වටිනා පැනයන් සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ.)
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.