නැවැත්ම සඳහා පැවැත්ම අංක: 06 – Saturday Dhamma Discussion – 96 was conducted on 18 February 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 96 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූහය වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 පෙබරවාරි මස 18 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් නැවැත්ම සඳහා යන ගමනේ දී අඹු සැමි සම්බන්ධය කෙලෙස් වලට වසඟ නොවී කල්‍යාණ මිත්‍ර සබඳතාවයක් ලෙස පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි. එම සරාගී බන්ධනය නිසා දුර්ගුණ බහුල වීමට ඇති හැකියාව පාලනය කරමින් එම සබඳතාවය නිවැරදි කල්‍යාණ මිත්‍ර සබඳතාවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද මෙම සිඟාලෝවාද සූත්‍රයම ඇසුරෙන් පෙන්වා දෙන ලදී.
ත්‍රිපිටකයේ එම සිඟාලෝවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.
මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 06 ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.
- ධර්ම දේශනාව – නැවැත්ම සඳහා යන ගමනේදී අඹු සැමි සම්බන්ධය කල්‍යාණ මිත්‍ර සබඳතාවයක් ලෙස පැවැත්විය යුත්තේ කෙසේදැයි සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පහදා දෙන්න. *** (අඹු සැමි සම්බන්ධය කල්‍යාණ මිත්‍ර සබඳතාවය දුදරුවන්ට, මේ ජීවිතයේ සතුටින්/යහතින් ගත කිරීමටත් සහ නිවනින් කෙළවර වෙන සසර ගමන නිවැරදි ලෙස හසුරුවා ගැනීමත් යන වටිනා කරුණු මෙහි පැහැදිලි කෙරේ.)
- කතරගම කිරිවෙහෙරේ පූජාව පිලිබඳ දැනුම් දීම සහ මීළඟ වැඩසටහන පිළිබඳව. (මේ මස 25 වෙනි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව නොපැවැත් වේ. මීළඟ වැඩසටහන මාර්තු මස 04 වෙනි දින සිදුකිරීමට නියමිතය.)
- ගැටෙන අඹු සැමියන් බොහෝ දෙනෙක් එකිනෙකාගේ මුහුනුවල වෙනස්කම් වත් බොහෝ කලකින් උවමනාවෙන් බලා නැහැ. *** (ගැඹුරු ප්රත්යවෙක්ෂාවකින් සහ කල්‍යාණමිත්‍ර ඇසුරක් නොලැබුන හොත් අඹු සැමියන් තුල ඒ හට ගැනෙන තත්වයට දක්වන ප්රතිචාරයන් දරුවන්ගේ මානසිකත්වයට සහ චර්යාවටත් ඉතා අහිතකර ලෙස බලපාමින් එය මුළු සමාජයට පැතිරෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.)
- සමාජ සම්මත මත අන්තඃපුර පැවැත් වූ පෙර රජවරුන්ගේ තුන්වන සිල් පදය කැඩුනේ නැති ද?
- නකුල මාතාව සෝවාන් බවට පත්වීම නිසා ඇයට ඊළඟ භවයේ දී නකුල පිතා මුණ නොගැසුනේ ප්‍රඥාවෙන් ඔවුන් සම නොවූ නිසා ද?
- සෝවාන් බවට පත් වූ බිම්බිසාර රජු මරණින් මතු දිව්‍ය ලෝකයක ඉපදුනත් ඔහුට යක්ෂ රූපයක් ලැබීමට බහු භාර්යා සේවනය හේතුවූවා යැයි සඳහන් වෙනවා නොවේ ද? *** (වටිනා පිළිතුරකි.)
- විවාහක දෙදෙනෙකු එකිනෙකාගේ කැමැත්තෙන් සහ එකිනෙක දැනුවත්ව අන් අය සමග කායික සම්බන්ධකම් පැවැත්වීමෙන් කාමයේ වරදවා හැසිරීමක් වේ ද? ***
- බන්දුල මල්ලිකාව දුක දරා ගැනීමේදී විශාකාවට වඩා වෙනස් වූයේ ඔවුන්ගේ සංඥා විපල්ලාසයන් වල වෙනස්කම් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සේවකයන්ට දිය හැකි වෙන වැටුපේ ප්‍රමාණය අනුව ස්වාමියට කෙලෙස් රැස් වීමට පුළුවන් ද?
- ධර්ම යාත්‍රා සංසදයට එකතු වීමට නොදන්නා අය වෙත උපදේශයන්. (එමෙන්ම ඒ පිලිබඳ උපදේශ මෙම වෙබ් පිටුවේම පහලින් ඇතුලත් වේ.)
- සම ශීල, සම ත්‍යාග සහ සම ප්‍රඥා ඇති අය සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වෙනවා නොවේ ද? එමෙන්ම මේ වන විට විවාහයන් පවත්වා ගෙන යන අය එම ගුණ ධර්ම නිසා එකතු වූවායයි වැරදි අදහසක් ඇතිකර ගැනීමට පුළුවන.*** (වටිනා පැනයන් සහ පිළිතුරු වේ.)
- ගණිකා සේවයේ යෙදෙන අය දෙමාපිය, ස්වාමි යනා දී අයගේ ආරක්ෂාව යටතේ සිටින අය නොවේ නේ ද? ***
- අද දිනයේ මෙම සාකච්ඡාවේ දී පැන නැගුනු ඇතැම් ප්‍රශ්න වලට පිළිතුර බුදුරජාණන් වහන්සේ මෙම සිඟාලෝවාද සූත්රයේම පළමුව දේශනා කර ඇති කොටස් වලදී ලබා දී තිබෙනවා. **** (සමාජයේ නොයෙක් අයුරින් හේතු දක්වමින් ඉඩ ලබාගනිමින් කෙලෙස් වලට වසඟ වීමෙන් ඇති වන්නේ නැවැත්ම සඳහා පැවැත්මක් නොවන බව මෙහිදී පැහැදිලි කෙරේ. ත්‍රිපිටකයේ සිඟාලෝවාද සූත්‍රයේ මෙම යොමුවෙන් එහි මුල් කොටස් පරිශීලනය කරන්න: සිඟාලෝවාද සූත්‍රය.)
- දෙදෙනෙකු තේරුම් ගැනීමේදී පිරිමියා සහ ගැහැනියගේ වෙනස්කම වල ස්වභාවය තේරුම් ගැනීමේ වැදගත් කම. ***
- කාය, චිත්ත සහ උපධි විවේකයන් සඳහා අප සමථ සහ විපස්සනා භාවනා කල යුතු ද? ***
- සද්ධා, ශීල, ත්‍යාග සහ ප්‍රඥා කියන දේවල් පොරොන්දම් විස්සට ගැලපෙනවා ද? *** (වටිනා පිළිතුරකි.)
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.