නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 (11-02-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 – සිඟාලෝවාද සූත්‍රය 02 (11-02-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 – Saturday Dhamma Discussion – 95 was conducted on 11 February 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 95 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ පස් වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 පෙබරවාරි මස 11 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් නැවැත්ම සඳහා යන ගමනේ දී මව්පිය දූ දරු සම්බන්ධතාවයන් පැවැත්විය යුත්තේ කෙසේ දැයි පැහැදිලි කෙරිණි. තම තමන්ගේ භූමිකා වල යුතුකම් සහ වගකීම් ඉටු කිරීම සඳහා කල යුත්තේ කුමක්ද සහ ඒවා නැවැත්ම සඳහා දායක වන්නේ කෙසේ දැයි අද දින ධර්ම දේශනාවෙන් සහ ඇතැම් ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු සහ සාකච්ඡා තුලින් දහමට අනුව මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම සිඟාලෝවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.

මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නැවැත්ම සඳහා යන ගමනේදී මව්පිය දූ දරු සම්බන්ධතාවයන් පැවැත්විය යුත්තේ කෙසේදැයි සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පහදා දෙන්න. *** (වර්තමාන සමාජයේ ජීවත්වෙන මව්පිය දූදරුවන් හට දැන ගැනීමට ඉතා වටිනා සහ වැදගත් කරුණු පැහැදිලි කෙරේ.)
  2. කතරගම කිරිවෙහෙරේ පූජාව පිලිබඳ දැනුම් දීම.
  3. බෝධිසත්වයන් වහන්සේලා බොහෝවිට පාරමිතා දියුණු කරගැනීමට ගිහි ජීවිතය යොදාගැනීම තුලින් මේ දේශනාවේ දැක්වෙන කරුණු වලට අමතරව නැවැත්ම සඳහා ඇතිකරන පුහුණුවේ තවත් පැතිකඩක් පෙන්වා දෙනවා නොවේද? *** (තම තමන්ගේ භූමිකා වල යුතුකම් සහ වගකීම් ඉටුකරමින් සමාජයේ යහ පැවැත්මට අමතරව, ඇලීම් ගැටීම් වලට තුඩු දෙන එම සමීප සම්බන්ධතාවයන් හැදෙන පරිසරයම පාරමිතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථාවක් සහ අත්වැලක් සපයන බව මෙම සාකච්ඡාවෙන් හෙළි දැක වේ. එමෙන්ම සෑම දෙනාම පාරමිතා දියුණු කිරීමේ අවශ්‍යතාවය, මානසික ශක්තිය හේතු ඵල න්‍යාය කෙරේ අවධි කිරීමේ කලාව සහ වංචක ධර්ම වලට හසු වීමට ඇති ඉඩකඩ මෙහිදී පැහැදිලි කෙරේ.
  4. යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට ඇති නිසා විවාහකයන් මහන වීමට නොසුදුසු අය වේ ද? *** (මහන වීමේ පදනම සහ වංචනික චේතනා හඳුනා ගැනීම යනාදී ඉතා වැදගත් කරුණු මෙහි පැහැදිලි කෙරේ.)
  5. යහපත් දෙමාපියන් දක්‍ෂ ආකාරයෙන් තැනට සුදුසු නුවණින් යුතුව දරුවන් යහමග යවන ආකාරය. ***
  6. නොදැන කරන පාපයේ විපාක වැඩි වන්නේ කෙසේ ද? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  7. දෙමාපියන්ගේ ආධ්‍යාත්මික තත්වය නංවාලීම සඳහා උත්සාහ කිරීමම එම දෙමාපියනට අපගේ ඇති නය ගෙවා දැමීමට ප්‍රමාණවත් වේ ද? ***
  8. කෙනෙකු මරා දැමීමට අනක් දුන් විට වෙනෙකෙකු මරා දැමුවහොත් එහි අකුසල විපාකය අණදුන් අයට නැති වෙනවා ද? ***
  9. එඩ්ගාර් කේසී ගේ සිදුවීමක් අනුව අකුසල කර්ම ගෙවා දැමිය හැකි ආකාරය.
  10. බුදුරජාණන් වහන්සේ දේශනා කල නැවැත්ම පිළිබඳව වත්මන් සමාජයේ ඇත්තේ වැරදි වැටහීමක් නොවේ ද? *** (අද කාලයේ බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ නැවැත්ම නොව දුක් විඳීමක් නොමැතිව පැවැත්වීම යන වටිනා පැහැදිලි කිරීම මෙහි ඇතුලත් වේ.
  11. ජීවිතයේදී අප ක්‍රියා කිරීමේදී අපගේ චේතනාව කුමක් දැයි දැන ගැනීමට ප්‍රගුණ කල යුතු ක්‍රම වේදය කුමක් ද? *** 
  12. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමේ දී ප්‍රවුර්ති විපාක ක්‍ෂය වේ ද?
  13. තණ්හාව 108 ආකාරයක් වෙනවිට බාහිර සහ අභ්‍යන්තර ආයතන දොළහ ද ගන්නේ?
  14. අවසානය.